මුන් රටේ ආර්ථිකේ වට්ටපු විදියට, ඊළඟට එන ආණ්ඩුවට කොහොමත් ලේසි වෙන්නේ නැහැ. අනිත් අතට, මේ වගේ රට වැටුනේ නැත්නම් කවදාවත් JVP වගේ තුන් වෙනි පක්ෂෙකට chance එකක් එන්නෙත් නැහැ. හිතපන් JVP එක ආව කියල. උන්ට හා හා පුරා කියල පලවෙනි පාරට හම්බවෙන්නේ කුණු වෙච්ච රටක්, ආර්ථිකයක්. ඒ වුනාට කතාවක් තියනවනේ rock bottom එකේ හප්පුනාම the only way is up කියල. ඉතින් මුල ඉඳල හදන්න තියෙන්නේ.
මේ වෙලාවේ JVP එකට chance එකක් ලැබුණානම් හොඳයි. ඒත් ලංකාවේ දේශපාලන ගේම් ඉතින් මොන වගේ වෙයිද දන්නේ නෑ. උන්ට දෙනවනම් බහුතර බලයක් දෙන්න ඕන. ඒ කියන්නේ වග කියන්න පුළුවන් වෙන්න ඕන. නැත්නම් යහපාලනේ වගේ අල්ලපු හොරෙකුත් නෑ, වගකීම ගන්නෙත් නෑ.
අනිත් risk එක තමා මේ පොහොට්ටු ආණ්ඩුවට තව කල් තියෙනවා. මොනවහරි ගැටයක් ගහන්න පුළුවන් ඊළඟ චන්දෙට කලින්.