⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් සි‍ය තනතුර අත් හැර ගිය පසු කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස නික් පෝතාස් පත් වුනා.
    කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට ස්ථිර පුහුණුකරුවෙක් පත් කිරීම නුදුරේදීම සිදුවන බව වාර්තා වේ.
    ඒ අනුව ශ්‍රී ලංකා පුහුණුකරු ධූරය සදහා සළකා බැලිය හැකි පුහුණුකරු ලයිස්තුවේ හිටපු ක්‍රීඩක මහේල ජයවර්දන ද සිටින බව සදහන්. මහේල මේ වනවිට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා.
    කෙසේ වෙතත් මහේල තවමත් ඒ සදහා එකගතාවය පළ කර නැත.
    මීට අමතරව නික් පෝතාස් :lol::lol:, ඩීන් ජෝන්ස් , ස්ටීවන් ෆ්ලෙමිං , මාවන් අතපත්තු
    :lol::lol:සහ පෝල් නික්සන් ද නාම යෝජනා ලබා දුන් පුහුණුකරුවන් අතර සිටින බවද සදහන්.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    නව ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයා ලෙස අරවින්ද ද සිල්වා පත්කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ඉහළ නිලධාරීන් සාකච්ඡා කර තිබේ. අරවින්ද ද සිල්වාට ක්‍රිකට්‌ උපදේශක තනතුරක්‌ පිරිනැමීම කෙරෙහිද අවධානය යොමුව ඇති අතර එසේ වුවහොත් ඔහුට අදාළ රාජකාරි දෙකම හෝ දෙකෙන් එකක්‌ භාර ගන්නා ලෙසද ක්‍රිකට්‌ ප්‍රධානීන් වැඩිදුරටත් අරවින්ද සමග සාකච්ඡා කොට ඇතැයි සඳහන් වේ. මේ සම්බන්ධයෙන් අරවින්ද ද සිල්වාගේ මතය විමසීමට "දිවයින" කිහිප වරක්‌ම උත්සහ කළද එය ව්‍යර්ථ විය.

    සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට්‌ තේරීම් කමිටුව ඉවත්වීමෙන් හිස්‌වන ක්‍රිකට්‌ තේරීම් කමිටුවට විනෝදන් ජෝන්, ජයන්ත සෙනෙවිරත්න, ඒ.ආර්. අරූෂ්, ලෙස්‌ලි නාරන්ගොඩ, ජයන්ත පරණතාල සහ හේමන්ත වික්‍රමරත්න යන අයගේ නම්ද යෝජනා වී තිබේ. මීට අමතරව තවත් නම් කිහිපයක්‌ම ඊයේ රාත්‍රියේදී අදාළ තනතුරට යෝජනාවීමට නියමිතව තිබුණි.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කිසිදු පාර්ශවයකට පක්ෂග්‍රාහී නොවී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා පාසල් මට්ටමින් ගත හැකි සියලු තීන්දු තීරණ ගැනීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
    ශ්‍රි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වයෙන් මිදීම සඳහා පාසල් මට්ටමෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු සාකච්ඡා කිරීම සඳහාත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහාත් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් සහ පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් සමග අද (12) අධ්‍යාපන අමාත්‍යාංශයේ සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.
    මහේල ජයවර්ධන සහ සිදත් වෙත්තමුණි ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
    මෙම සාකච්ඡාවේ දී 19 න් පහළ ජාතික කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරාගැනීමේ කමිටුවට පාසල් ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් නියෝජිතයින් දෙදෙනකුට සහභාගි වීමට පෙර තිබූ අවස්ථාව යළි ලබාගැනීමටත්, සියලුම පළාත් නියෝජනය වන පරිදි සියලුම පහසුකම් සහිතව උසස් තාක්ෂණික ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීම, ක්‍රිකට් සංචිතයට ඇතුළත්වන සිසුන් සඳහා මසකට රුපියල් 2,500 ක දීමනාවක් ලබා දීම, පළමු ශ්‍රේණියේ ක්‍රිකට් පුහුණුකරුවන්ගේ සුදුසුකම් සහ ප්‍රමිතිය සාධනීය මට්ටමකට ගෙන ඒමට පියවර ගැනීම සහ පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ සහ ක්‍රීඩකයින්ගේ විනය සහ සදාචාරාත්මක ප්‍රතිපත්තීන් ඉහළ තලයකට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම යන කරුණු සම්බන්ධව මෙහිදී සාකච්ඡා කරනු ලැබුවා.

    ප්‍රවීන ක්‍රීඩකයින්ගේ අදහස් හා යෝජනා ඇතුළත් කරගනිමින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සහ යෝජනා ඇතුළත් වාර්තාවක් සකස් කිරීම සඳහා උපදේශක කමිටුවක් පත් කළ අතර සිදත් වෙත්තමුනි, රොජර් විජේසූරිය,මහේල ජයවර්ධන, ජයන්ත සෙනෙවිරත්න, කාල්ටන් බර්නාඩ් යන පිරිස සහ පාසල් ක්‍රිකට් සංගමයේ සාමාජිකයින් පුහුණුකරුවන් ඇතුළු පිරිසකගෙන් මෙම කමිටුව සමන්විතයි.

    මෙම උපදේශක කමිටුව විසින් ඉදිරිපත් කරන වාර්තාව අනුව අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවා.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පුරප්පාඩුව පවතින ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස අරවින්ද ද සිල්වා පත්කිරීම සඳහා සුදානමක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.
    අරවින්ද ද සිල්වාට ක්‍රිකට්‌ උපදේශක තනතුරක්‌ පිරිනැමීම කෙරෙහිද අවධානය යොමුව ඇති අතර එසේ වුවහොත් ඔහුට අදාළ රාජකාරි දෙකම හෝ දෙකෙන් එකක්‌ භාර ගන්නා ලෙස කියා ක්‍රිකට්‌ ප්‍රධානීන් අරවින්ද සමග සාකච්ඡා කොට ඇතැයි වැඩිදුරටත් සදහන් වේ.

    සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට්‌ තේරීම් කමිටුව ඉවත්වීමෙන් හිස්‌වන ක්‍රිකට්‌ තේරීම් කමිටුවට විනෝදන් ජෝන්, ජයන්ත සෙනෙවිරත්න, ඒ.ආර්. අරූෂ්, ලෙස්‌ලි නාරන්ගොඩ, ජයන්ත පරණතාල සහ හේමන්ත වික්‍රමරත්න යන අයගේ නම්ද යෝජනා වී තිබූ අතර තවත් නම් කිහිපයක්‌ම ඊයේ රාත්‍රියේදී අදාළ තනතුරට යෝජනාවීමට නියමිතව තිබුණි.
    කෙසේ වෙතත් යෝජනාවූ නම් අතරින් තේරීම් කමිටුව සඳහා වැඩිම අත්දැකීම් සහ පළපුරුද්ද ඇති අරවින්ද ද සිල්වා මීට පෙර 2011 ලෝක කුසලානය වන තෙක්‌ වසර දෙකකට ආසන්න කාලයක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත. අරවින්ද ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ තරග 93 කදී ශතක 20 ක්‌ සහ අර්ධ ශතක 22 ක්‌ ලබා ඇති අතර එහිදී ඉනිමක සාමාන්‍ය 42.92 කි. ඔහු එක්‌දින තරග 308 කදී ශතක 11 ක්‌ සහ අර්ධ ශතක 64 ක්‌ සමග මුළු ලකුණු 9284 ක්‌ ලබා තිබේ.
    යෝජනාවී ඇති අදාළ නම් අතුරින් හොඳම සිව් දෙනකු හෝ පස්‌දෙනකු තෝරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි


    :angry::angry::angry:
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Me world xi silect karapu unta පිස්සු ....thisarayawa aran thawa e මදිවට open bowling karannath dila.anna nelanawa හොඳටම .....pakistan කාරයෝ