ow ban kelinma clear karaganna one mokak hari karala nathnan waradikaraya kiyala oppu wela prasidda kalata passe shape kirili na ban aniwa ban thama fuck![]()


ow ban kelinma clear karaganna one mokak hari karala nathnan waradikaraya kiyala oppu wela prasidda kalata passe shape kirili na ban aniwa ban thama fuck![]()


හෙට මැච් එකට මොකක් වේවිද සින්හලුනේ
මැකලම් සමු ගන්න නිසා NZ උන් මානසිකව වැටිලද දන්නේ නැහැ
කුසල් හිටියා නම් දිනනවා සුවර්
රෙෆ් pont 1291,කොටුවක් පනින්න 09ක් මදි![]()
චමිය ඇතුලේ නම් එළ..chameera aniwa athulematch eka mokada wenne kiyala blala kiyannam ikmanata
![]()


කුසල් ජනිත්ගේ 'බී' සාම්පලයත් පොසිටිව්
තහනම් උත්තේජක චෝදනාවට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාගෙන් ලබාගත් "බී" සාම්පල පරීක්ෂාව පසුගියදා කටාර්හිදී සිදුකළ අතර එම පරීක්ෂණයෙන් පසුවද ඔහුගේ මුත්‍රා සාම්පලය තුළ තහනම් උත්තේජක ශරීරගත වී ඇති බවට යළිත් තහවුරු වී ඇතැයි වාර්තා වේ.තවද මේ සම්බන්ධව විමසා බැලීමේදී ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රකාශකයකු පවසා සිටියේ කුසල් ජනිත් "බී" සාම්පල පරීක්ෂාවෙන්ද එකී තහනම් උත්තේජක ලබා ගෙන ඇති බවට තහවුරු කරන ලද "බී" සාම්පල පරීක්ෂාවේ වාර්තාව පෙරේදා දිනය වනවිට ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලැබී ඇති බවයි.
තරගමාලාවට පෙරාතුව කුසල් ජනිත්ගෙන් අහඹු ලෙස ලබාගත් මුත්‍රා සාම්පලයක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ තහනම් උත්තේජකයක් ශරීරගත වී ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබිණි.
ඒ අනුව දැනට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වී සිටින නවසීලන්ත සංචාරයට එක්ව සිටි කුසල් ජනිත් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළ අතර අයි.සී.සී ය විසින් සිදුකළ එම මූලික පරීක්ෂණයේ නිරවද්‍යතාව තහවුරු කිරීම සඳහා අදාළ චෝදනාවට ලක්වූ ක්‍රීඩකයා වූ කුසල් ජනිත් ඉදිරියේ හෝ ඔහුගේ නියෝජිතයන් ඉදිරියේ එම කලින් පරීක්ෂාවට ලක්කළ මුත්‍රා සාම්පලයේම සුරක්ෂිතව ඉතිරි කර තැබූ දෙවන කොටස පරීක්ෂාවට ලක්කිරීම සඳහා ක්‍රීඩකයාට හිමිවන අවස්ථාවට ("බී" සාම්පල පරීක්ෂාව) අනුව පසුගියදා කටාර් රාජ්‍යයේදී 'බී' සාම්පල පරීක්ෂාව සිදුකෙරිණි.
ඒ අනුව ඇනබොලික් ස්ටෙරොයිඩ් නම් සංඝටකය කුසල් ජනිත්ට ශරීරගත වී ඇති බව "බී" සාම්පල පරීක්ෂාවෙන්ද තහවුරු කර ඇති නමුදු ඒ සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගන්නා පියවර කවරේද යන්න මේ දක්වා අනාවරණය කර නොමැත.
කෙසේ වෙතත් පවතින නීති රාමුව තුළ මෙවැනි තහනම් උත්තේජකයක් ශරීරගත වීම සම්බන්ධයෙන් කිසියම් ක්‍රීඩකයකු වරදකරු වුවහොත් ඔහුට වසර 4ක උපරිමයකට යටත්ව දේශීය හා විදේශීය තරග තහනමකට ලක්කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට හා ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ ආයතනයට (ඹධපතඤ චදබඪ-ඤධනඪදඨ චඨඥදජර) නීතිමය ඉඩ ප්‍රස්තාව පවතින නමුත් එවැනි තහනම් උත්තේජකයක් ශරීරගත වීමේ ක්‍රියාවලිය තුළ ක්‍රීඩකයාට තම නිර්දෝෂිභාවය තහවුරු කිරීමට හැකියාව ලැබුණහොත් අදාළ ක්‍රීඩකයාට චෝදනාවෙන් නිෙදාස් වීමේ අවස්ථාවක් ද පවතී.
ඒ අනුව ඉදිරියේදී කුසල් ජනිත් පිළිබඳව අභියාචනයක් ඉදිරිපත් කොට ඒ සම්බන්ධව අවශ්‍ය ඉදිරි නෛතික ක්‍රියාමර්ග නොපමාව සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු අදාළ බලධාරීන් යොමුවී ඇතැයි එකී අමාත්‍යාංශ ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළ අතර ඊට අදාළව නෛතික වශයෙන් ලබාදෙන වසර 4ක දඬුවම කෙසේ හෝ අවම කරගැනීමට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කරන බවද පැවැසීය



Cricket Thread eke Hamotama Merry X'MAS and Happy Holidays!![]()


