බෝලයට බැට් එකෙන් ගැසුවිට විසිවන සල්ලි කන්දරාව
මුදලට තරග පවාදිමේ ක්‍රිකට් කතාව 1
බෝලයකට බැට් එකකින් ගැසූ විට සල්ලි විසි වන්නට පටන් ගන්නා බව ශ්‍රී ලංකාව දැන ගත්තේ 1977 න් පසුවය. මෙරට වාර්තාගත ඉතිහාසයේ පළමු වැනි ක්‍රිකට් තරගය 1832 දී පවත්වනු ලැබේ. එවකට 'සිලෝන්' ලෙස පැවැති මේ රට 1905 දී පළමු පන්තියේ ක්‍රිකට්‌වලට එළැඹෙයි. 1975 දී මේ රට ශ්‍රී ලංකාව වශයෙන් මුල් වතාවට ලෝක ක්‍රිකට් කුසලානයට තරග වදින්නේය. අනතුරුව ඉතා පිරිසිදුවට පරදින්නේය.ඒ බටහිර ඉන්දිය කොදෙව් වලටය. එහෙත් සිවු වසරකට පසු ශ්‍රී ලංකාව විසින් ICC ක්‍රිකට් කුසලානය දිනා ගනු ලැබේ. 1982 දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පූර්ණ සාමාජිකත්වය අපට හිමි වන්නේය. 1996 දී අපි ලෝක ක්‍රිකට් කුසලානය අත්පත් කර ගන්නෙමු. ඒ එම කුසලාන සඳහා අප සමඟ තරග කළ ඔස්‌ටේ්‍රලියාව පරාජය කරමිනි. 2014 දී ICC 20 - 20 කුසලානය ද අපට හිමිවෙයි. එවර අපට පරදින්නේ ඉන්දියාවය.
ඉහත සඳහන් ඡේදය මගින් අප විසින් සම්පින්ඩනය කරනු ලබන්නේ වසර 40 ක පමණ ඉතිහාසයකි. මේ කාලය තුළ අපේ ක්‍රීඩකයන් සහභාගි වූ තරග ගණන, ඔවුන් ක්‍රීඩා කළ වාර ගණන, ඔවුන් ඉපැයූ ලකුණු ගණන පිළිබඳ ඕනෑ තරම් සංඛ්‍යාලේඛන තිබේ. එහෙත් ඒ කාලය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ භ්‍රමණය වුන මුදල් සම්භාරය ගැන නම් නිශ්චිත ගණන් හිලවු ඉදිරිපත් කිරීමට කිසි කලෙකත් කිසිවකුටවත් හැකි වන්නේනැත. ක්‍රිකට් මුදල් සමාන කළ හැක්‌කේ ශීත කාලයට ධ්‍රැවාසන්න සාගරවල පාවෙන Ice Berg නමැති අයිස් කුට්‌ටි විශේෂයට පමණි. මේ යෝධ අයිස් කුට්‌ටිවල හතරෙන් එකක් ජලය මතුපිට පෙනෙන අතර හතරෙන් තුනක් තිබෙන්නේ ජලය යට ය. ටයිටනික් නැව 1912 අප්‍රියෙල් 15 වැනිදා රාත්‍රි කාලයේදී අත්ලාන්තික් සාගරයේ ගමන් කරන අතර මෙවැනි Ice Berg කුට්‌ටියක ගැටී විනාශ විය. ක්‍රිකට් ක්‍රීඩාවේ මුදල් යාන්ත්‍රණය, සමහර ක්‍රීඩකයන් උපයන ධනයේ ප්‍රමාණය, ඔවුන් ධනය උපයන මාර්ග, Match fixing හෙවත් තරග පාවාදී අල්ලස් මුදල් ලබා ගැනීම යනාදිය යෝධ Ice Berg කුට්‌ටියක් හා සමානය. ඒවා ගැන කතා කිරීමට ගොස් ටයිටැනික් නැව මෙන් විනාශ වී සාගර පතලෙහි මිහිදන් වන්නට කවුරුවත් කැමැති නැත.
* * * * * *
වසර 2000 මාර්තු මාසයේ මුල ඉන්දියානු පොලිසියට වටිනා ඔත්තුවක් ලැබිණ. ඒ වූ කලී නොබෝ දිනකින් ඉන්දියාව සමඟ ක්‍රිකට් තරගයක නියෑලීම සඳහා නවදිල්ලියට එන දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්‌ඩායමේ නායක හැන්සි ක්‍රොන්ඤේ හමුවීමට සන්ඡේ චව්ලා නමැති ඉන්දියන් බුකිකාරයකු බලා සිsටින බවය. එම බුකිය තනහම් කළ බුකියකි. පොලිසියට මෙම ඔත්තුව ලැබුණේ එම බුකියේ වැඩ කළ සේවකයකුගෙනි. මේ සේවකයා බුකිය හිමි සන්ඡේචව්ලාගෙන් වැටුප් ලබන අතර පොලිසියෙන් ද මුදල් ලබා ගනිමින් ඩබල් ඒජන්ට් කෙනකු ලෙස දෙපැත්තටම සේවය කළේය. මේ අතර මාර්තු 9 වැනිදා හැන්සි ක්‍රොන්aඤේ ප්‍රමුඛ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්‌ඩායම නවද්ලිලියේ ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලින් ඉන්දියාවට සැපත් විය. පොලිසිය කිසිදු කලබලයක් නැතිව බුකියේ දුරකථන සියල්ලත්, බුකීකරුගේ සෙල්ෆෝනයත්, ඔහුගේ ගෙදර ෆෝනයත් ටැප් කරන්නට පටන් ගත්තේය. දෙදිනකින් පමණ බුකී කාරයා තම සෙල්ෆෝනය ඔස්‌සේ හැන්සි ක්‍රොන්aඤේ ට කතා කරනු පොලිසියට ඇසින. දෙරට අතර පවත්වන පළමු තරගයේදී ඉන්දියාව දිනවා දකුණු අප්‍රිකාව පරදවන්නට හැකිනම් හැන්සි ක්‍රොන්aඤේ ට විශාල මුදලක් දිය හැකි බව මෙහිදී බුකීකරුවා කීය. හැන්සි ක්‍රොන්aඤේ එයට එකඟ විය. එහෙත් පොලිසිය නිසි උසාවි නියෝග රැගෙන මෙය වැළැක්‌වීමට ක්‍රියාත්මක වීමට පෙර ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර ක්‍රිකට් තරගය මාර්තු 9 වැනිදා පැවැත්වුන අතර සැලසුම් කර තිබූ පරිදිම දකුණු අප්‍රිකානු කණ්‌ඩායම පරාජයට පත් විය. මේ අතර පොලිසිය ටෙලිෆෝන් ටැප් කිරීමේ කටයුතු දිගටම කරගෙන ගියේය. දිනක් හැන්සි ක්‍රොන්aඤේ ගෙන් ඉන්දියානු බුකී කාරයාට ඇමතුමක් ලැබිණ. එයට සවන් දුන් පොලිසියට වැටහී ගියේ ඉන්දියාවේ පැවැති ක්‍රිකට් තරගය ඔහු විසින් අල්ලස් මුදලකට පාවා දී ඇති බවත්, දකුණු අප්‍රිකාව සහ ඉන්දියානු පිල අතර පැවැත්වූ තරගයේදී අප්‍රිකාව පරාජයට පත් වූයේ එම පාවාදීම නිසා බවත් ය. ඒ සඳහා හැන්සි ක්‍රොන්aඤේ ලබාගත් මුදල අති විශාල බව ද පොලිසියට වැටහින.
මේ සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවට වහාම පැමිණිලි කළ ඉන්දියානු පොලිසිය දකුණු අප්‍රිකාවට පැමිණ හැන්සි ක්‍රොන්aඤේ පිළිබඳ පරීක්‍ෂා කිරීම සඳහා එරටින් අවසර ඉල්ලා සිටියේය. එහෙත් ක්‍රොන්aඤේ හෝ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්‌ඩායමේ කිසිදු ක්‍රීඩකයකු ඉන්දියානු පොලිසියට ඉදිරියට පැමිණවීමට දකුණු අප්‍රිකාව විරුද්ධ විය. එසේම මේ තත්ත්වය නිමිති කරගෙන දෙරට අතර බලවත් රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ද හට ගත්තේය. ඒ වෙනුවට ඔවුහු දකුණු අප්‍රිකාව තුළ විශේෂ අධිකරණයක් පිහිටුවා සිද්ධිය ගැන පරීක්‍ෂා කිරීමට පටන් ගත්හ. උසාවිය ඉදිරියට කැඳවනු ලද හැන්සි ක්‍රොන්aඤේ දීර්ඝ ප්‍රශ්නකිරීම්වලින් පසු තමා ඉන්දියානු බුකී කාරයාගේ කීම පිට තරගය පාවා දී අල්ලස් මුදල් ලබා ගත් බව පිළිගත්තේය. එමතුද නොව පාකිස්‌තානයේ සලීම් මලික්, ඉන්දියාවේ මොහොමඩ් අසාරුඩීන්, අඡේ ජඩේජා යන ක්‍රිකට් ක්‍රීඩකයන් ද මුදලට තරග පාවා දුන් හැටි ඔහු හෙළි කළේය. අවසානයේදී හැන්සි ක්‍රොන්aඤේ ට ජීවිතාන්තය දක්‌වා ක්‍රිකට් ගැසීම තහනම් විය. සලීම් මලික්‌ට සහ මොහොමඩ් අසාරුඩීන්ට ද එම දඬුවමම දෙන ලද නමුත් සලීම් මලික් නිවැරැදිකරවකු බව පසුව ඔප්පු වීම නිසා ඔහු ට එරෙහි තහනම ඉවත් කෙරුණි. අසාරුඩීන් ගේ තහනම 2006 දී අහෝසි විය. අඡේ ජඩේජාට ද වසර 5 ක ක්‍රිකට් තහනමක් පැනවුවද වසර 3 කින් එය අහෝසි කෙරුනි. කෙසේ වුවද හැන්සි ක්‍රොන්aඤේ ගේ සාක්‍ෂිය නිසා තවත් ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනකුගේ නම් ද තරග පාවාදීමේ සිද්ධියට ඈඳින. ඔවුහු නම් හර්ෂෙල් ගිබ්ස් (දකුණු අප්‍රිකානු සුදු ජාතිකයකු වන මොහු දක්‍ෂ පිතුකරුවෙකි). නිකි බෝෂේ (දකුණු අප්‍රිකාව) පීටර් ස්‌ට්‍රයිඩට් (දකුණු අප්‍රිකාව) ය. ඉන්දියාව සමඟ පැවැති තරගයේදී ලකුණු 20 ට අඩුවෙන් වාර්තා කළොත් ඩොලර් 1500 ක් තමාට දෙන බව හැන්සි ක්‍රොන්aඤේ කී බව හර්ෂල් ගිබ්ස් හෙලි කළේය. එම ඉල්ලීම නොතැකූ ගිබ්ස් ලකුණු 74 ක් වාරතා කර තිබිණි. එහෙත් මේ සිද්ධිය බලධාරීන්ට නොකියා කට වසාගෙන සිටීමෙන් ගිබ්ස් වරදක් කළ බව තීන්දු කළ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්‌ඩලය ඔහුට මාස 6 ක ක්‍රිකට් තහනමක් පැනවීය. මේ අතර ඉන්දියානු පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමට ඉඩ දෙන ලෙස දකුණු අප්‍රිකාවෙන් ඉල්ලීමක් කළේය. බියගත් හර්ෂල් ගිබ්ස් වසර කිහිපයක් යනතුරු ඉන්දියාව උඩින්වත් ගමන් නොකළේ අත්අඩංගුවට පත්වේය යන බිය නිසා ය. එහෙත් 2006 දී ICC ශූරතා කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාවේදී අත්අඩංගුවට නොගැනීමේ පොරොන්දුව මත ඉන්දියාවට යැමට ඔහුට සිදු විය. එහිදී ඔහු ඉන්දීය පොලිසියට කටඋත්තරයක් දුන්නේය.
කෙසේ වුවද ඉන්දියානු බුකී හිමි සන්ඡේ චව්ලාගේ අල්ලස් සිද්ධියට සෙසු ක්‍රීඩකයන්ගේ සම්බන්ධය හෙළි කිරීමෙන් හැන්සි ක්‍රොන්aඤේ යළි කිසිදාක නිවැරැදි කර ගත නොහැකි වරදක් කරගෙන තිබිණි. 2002 ජුනි 1 වැනිදා ඔහු අප්‍රිකාවේ අගනුවර වන ජොහැනස්‌බර්ග් සිට එරට බටහිර තුඩුව බලා ගුවනින් යමින් සිටියේය. යානය තුළ සිටියේ ඔහුත් නියමුවන් දෙදෙනාත් පමණි. යානය ගමනාන්තයට ළං වෙමින් තිබියදී කන්දක ගැටුණේය. ගැන්සි ක්‍රොන්aඤේ හෙවත් ජොහැනස් ක්‍රොන්ඤේ සහ නියමුවන් දෙදෙනා එකෙනෙහිම මිය ගියහ. ඒ වන විට හැන්සිගේ වයස අවුරුදු 32 කි.
මේ මරණය සම්බන්ධයෙන් විවිධ මත තිබේ. ප්‍රමුඛතම මතය වන්නේ බුකී කාරයන් විසින් ඔහු මරවන ලද බවය. ඒ අරමුණු දෙකක් උදෙසා ය. පළමුවැනි අරමුණ හැන්සි ක්‍රොන්aඤේට පාඩමක් ඉගැන්වීමය. දෙවැනි අරමුණ මෙවැනි අත්දැකීම් ඇති වෙනත් ක්‍රීඩකයන්ගේ කටවල් වැසීමයට.ක ට පරෙස්‌සම් කරගත් තරමට ජීවිතය දීර්ඝ කර ගත හැකි බව ඔවුන්ට ඒත්තු ගැන්වීමය.
උපුටා ගැනීමකි-දිවයින
මුදලට තරග පවාදිමේ ක්‍රිකට් කතාව 1
ඉහත සඳහන් ඡේදය මගින් අප විසින් සම්පින්ඩනය කරනු ලබන්නේ වසර 40 ක පමණ ඉතිහාසයකි. මේ කාලය තුළ අපේ ක්‍රීඩකයන් සහභාගි වූ තරග ගණන, ඔවුන් ක්‍රීඩා කළ වාර ගණන, ඔවුන් ඉපැයූ ලකුණු ගණන පිළිබඳ ඕනෑ තරම් සංඛ්‍යාලේඛන තිබේ. එහෙත් ඒ කාලය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ භ්‍රමණය වුන මුදල් සම්භාරය ගැන නම් නිශ්චිත ගණන් හිලවු ඉදිරිපත් කිරීමට කිසි කලෙකත් කිසිවකුටවත් හැකි වන්නේනැත. ක්‍රිකට් මුදල් සමාන කළ හැක්‌කේ ශීත කාලයට ධ්‍රැවාසන්න සාගරවල පාවෙන Ice Berg නමැති අයිස් කුට්‌ටි විශේෂයට පමණි. මේ යෝධ අයිස් කුට්‌ටිවල හතරෙන් එකක් ජලය මතුපිට පෙනෙන අතර හතරෙන් තුනක් තිබෙන්නේ ජලය යට ය. ටයිටනික් නැව 1912 අප්‍රියෙල් 15 වැනිදා රාත්‍රි කාලයේදී අත්ලාන්තික් සාගරයේ ගමන් කරන අතර මෙවැනි Ice Berg කුට්‌ටියක ගැටී විනාශ විය. ක්‍රිකට් ක්‍රීඩාවේ මුදල් යාන්ත්‍රණය, සමහර ක්‍රීඩකයන් උපයන ධනයේ ප්‍රමාණය, ඔවුන් ධනය උපයන මාර්ග, Match fixing හෙවත් තරග පාවාදී අල්ලස් මුදල් ලබා ගැනීම යනාදිය යෝධ Ice Berg කුට්‌ටියක් හා සමානය. ඒවා ගැන කතා කිරීමට ගොස් ටයිටැනික් නැව මෙන් විනාශ වී සාගර පතලෙහි මිහිදන් වන්නට කවුරුවත් කැමැති නැත.
* * * * * *
මේ සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවට වහාම පැමිණිලි කළ ඉන්දියානු පොලිසිය දකුණු අප්‍රිකාවට පැමිණ හැන්සි ක්‍රොන්aඤේ පිළිබඳ පරීක්‍ෂා කිරීම සඳහා එරටින් අවසර ඉල්ලා සිටියේය. එහෙත් ක්‍රොන්aඤේ හෝ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්‌ඩායමේ කිසිදු ක්‍රීඩකයකු ඉන්දියානු පොලිසියට ඉදිරියට පැමිණවීමට දකුණු අප්‍රිකාව විරුද්ධ විය. එසේම මේ තත්ත්වය නිමිති කරගෙන දෙරට අතර බලවත් රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ද හට ගත්තේය. ඒ වෙනුවට ඔවුහු දකුණු අප්‍රිකාව තුළ විශේෂ අධිකරණයක් පිහිටුවා සිද්ධිය ගැන පරීක්‍ෂා කිරීමට පටන් ගත්හ. උසාවිය ඉදිරියට කැඳවනු ලද හැන්සි ක්‍රොන්aඤේ දීර්ඝ ප්‍රශ්නකිරීම්වලින් පසු තමා ඉන්දියානු බුකී කාරයාගේ කීම පිට තරගය පාවා දී අල්ලස් මුදල් ලබා ගත් බව පිළිගත්තේය. එමතුද නොව පාකිස්‌තානයේ සලීම් මලික්, ඉන්දියාවේ මොහොමඩ් අසාරුඩීන්, අඡේ ජඩේජා යන ක්‍රිකට් ක්‍රීඩකයන් ද මුදලට තරග පාවා දුන් හැටි ඔහු හෙළි කළේය. අවසානයේදී හැන්සි ක්‍රොන්aඤේ ට ජීවිතාන්තය දක්‌වා ක්‍රිකට් ගැසීම තහනම් විය. සලීම් මලික්‌ට සහ මොහොමඩ් අසාරුඩීන්ට ද එම දඬුවමම දෙන ලද නමුත් සලීම් මලික් නිවැරැදිකරවකු බව පසුව ඔප්පු වීම නිසා ඔහු ට එරෙහි තහනම ඉවත් කෙරුණි. අසාරුඩීන් ගේ තහනම 2006 දී අහෝසි විය. අඡේ ජඩේජාට ද වසර 5 ක ක්‍රිකට් තහනමක් පැනවුවද වසර 3 කින් එය අහෝසි කෙරුනි. කෙසේ වුවද හැන්සි ක්‍රොන්aඤේ ගේ සාක්‍ෂිය නිසා තවත් ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනකුගේ නම් ද තරග පාවාදීමේ සිද්ධියට ඈඳින. ඔවුහු නම් හර්ෂෙල් ගිබ්ස් (දකුණු අප්‍රිකානු සුදු ජාතිකයකු වන මොහු දක්‍ෂ පිතුකරුවෙකි). නිකි බෝෂේ (දකුණු අප්‍රිකාව) පීටර් ස්‌ට්‍රයිඩට් (දකුණු අප්‍රිකාව) ය. ඉන්දියාව සමඟ පැවැති තරගයේදී ලකුණු 20 ට අඩුවෙන් වාර්තා කළොත් ඩොලර් 1500 ක් තමාට දෙන බව හැන්සි ක්‍රොන්aඤේ කී බව හර්ෂල් ගිබ්ස් හෙලි කළේය. එම ඉල්ලීම නොතැකූ ගිබ්ස් ලකුණු 74 ක් වාරතා කර තිබිණි. එහෙත් මේ සිද්ධිය බලධාරීන්ට නොකියා කට වසාගෙන සිටීමෙන් ගිබ්ස් වරදක් කළ බව තීන්දු කළ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්‌ඩලය ඔහුට මාස 6 ක ක්‍රිකට් තහනමක් පැනවීය. මේ අතර ඉන්දියානු පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමට ඉඩ දෙන ලෙස දකුණු අප්‍රිකාවෙන් ඉල්ලීමක් කළේය. බියගත් හර්ෂල් ගිබ්ස් වසර කිහිපයක් යනතුරු ඉන්දියාව උඩින්වත් ගමන් නොකළේ අත්අඩංගුවට පත්වේය යන බිය නිසා ය. එහෙත් 2006 දී ICC ශූරතා කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාවේදී අත්අඩංගුවට නොගැනීමේ පොරොන්දුව මත ඉන්දියාවට යැමට ඔහුට සිදු විය. එහිදී ඔහු ඉන්දීය පොලිසියට කටඋත්තරයක් දුන්නේය.
කෙසේ වුවද ඉන්දියානු බුකී හිමි සන්ඡේ චව්ලාගේ අල්ලස් සිද්ධියට සෙසු ක්‍රීඩකයන්ගේ සම්බන්ධය හෙළි කිරීමෙන් හැන්සි ක්‍රොන්aඤේ යළි කිසිදාක නිවැරැදි කර ගත නොහැකි වරදක් කරගෙන තිබිණි. 2002 ජුනි 1 වැනිදා ඔහු අප්‍රිකාවේ අගනුවර වන ජොහැනස්‌බර්ග් සිට එරට බටහිර තුඩුව බලා ගුවනින් යමින් සිටියේය. යානය තුළ සිටියේ ඔහුත් නියමුවන් දෙදෙනාත් පමණි. යානය ගමනාන්තයට ළං වෙමින් තිබියදී කන්දක ගැටුණේය. ගැන්සි ක්‍රොන්aඤේ හෙවත් ජොහැනස් ක්‍රොන්ඤේ සහ නියමුවන් දෙදෙනා එකෙනෙහිම මිය ගියහ. ඒ වන විට හැන්සිගේ වයස අවුරුදු 32 කි.
මේ මරණය සම්බන්ධයෙන් විවිධ මත තිබේ. ප්‍රමුඛතම මතය වන්නේ බුකී කාරයන් විසින් ඔහු මරවන ලද බවය. ඒ අරමුණු දෙකක් උදෙසා ය. පළමුවැනි අරමුණ හැන්සි ක්‍රොන්aඤේට පාඩමක් ඉගැන්වීමය. දෙවැනි අරමුණ මෙවැනි අත්දැකීම් ඇති වෙනත් ක්‍රීඩකයන්ගේ කටවල් වැසීමයට.ක ට පරෙස්‌සම් කරගත් තරමට ජීවිතය දීර්ඝ කර ගත හැකි බව ඔවුන්ට ඒත්තු ගැන්වීමය.
උපුටා ගැනීමකි-දිවයින
Henry L exposed..