⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    mama kiyanne mulin bowlers tika ewanna ona..new ball eke swing eka adu wunama batsman la awith nelanna ona..:P
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Tillakaratne Dilshan
    Danushka Gunathilaka
    Lahiru Thirimanne
    Dinesh Chandimal
    Chamara Kapugedara
    Angelo Mathews
    Milinda Siriwardana
    Nuwan Kulasekara
    Sachithra Senanayake
    Dushmantha Chameera
    Suranga Lakmal

    මැතිව්ස් නො. 5 දෙයි කියලා මම හිතන්නේ නෑ :( එහෙම කරනවා නම් ටිම් එකට හොඳයි. තරඟයක් අවසාන කරන්න මැතිව්ස් - සිරිවර්ධන සෙට් වෙනවා කියන්නේ හොඳ ලකුණු ගානකට යන්න පුලූවන්


     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Tillakaratne Dilshan
    Danushka Gunathilaka
    Lahiru Thirimanne
    Dinesh Chandimal
    Chamara Kapugedara
    Angelo Mathews
    Milinda Siriwardana
    Nuwan Kulasekara
    Sachithra Senanayake
    Dushmantha Chameera
    Suranga Lakmal

    මැතිව්ස් නො. 5 දෙයි කියලා මම හිතන්නේ නෑ :( එහෙම කරනවා නම් ටිම් එකට හොඳයි. තරඟයක් අවසාන කරන්න මැතිව්ස් - සිරිවර්ධන සෙට් වෙනවා කියන්නේ හොඳ ලකුණු ගානකට යන්න පුලූවන්



    11.gif
    11.gif
    menna meka nam patta machan :):) katawath asadaranath na team ekath goda :yes:
    koheda mathews denne nane ban.appiriyai :(
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    Nz unuth baya wei ban lakmalui chameerai open karanna enakota :rofl:

    Baz at the start of the SL inning - ta hikei mun mata boru team ekakda deela thiyenne toss ekedi :eek::frown:
    :rofl::P

    machan eththatama api issara match gahaddi apita oya wage seen ekak una.. apith ekka sellan karanna awa dial ekak ape gamata aluthin awa ekek... echcharama hodata sellan karanna behe.. api uwa samahara match walata gannawa anith ewata eliya thiyenawa.. mu passe apita qwa unge team ekath eka match ekak gahamu kiyala..
    ubala dannawane issara oya godak 11 side match gahanne overs 10i ekekta ball karanna puluwan overs 2i
    itin api giya un ekka match ekata
    open awe mui thawa ekekui
    api itin unge team eka gena hitha gaththa.. ape hodama unge (aru dannawane) overs tika iwara unata passe kettu dial ekak awilla neluwa ban nellillak ada wage mathakai..
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    machan eththatama api issara match gahaddi apita oya wage seen ekak una.. apith ekka sellan karanna awa dial ekak ape gamata aluthin awa ekek... echcharama hodata sellan karanna behe.. api uwa samahara match walata gannawa anith ewata eliya thiyenawa.. mu passe apita qwa unge team ekath eka match ekak gahamu kiyala..
    ubala dannawane issara oya godak 11 side match gahanne overs 10i ekekta ball karanna puluwan overs 2i
    itin api giya un ekka match ekata
    open awe mui thawa ekekui
    api itin unge team eka gena hitha gaththa.. ape hodama unge (aru dannawane) overs tika iwara unata passe kettu dial ekak awilla neluwa ban nellillak ada wage mathakai..

    :lol::lol: katha scene eka ne eka :P sundara mathakayan mona unath :yes::D
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana

    sports2.gif
    'දිනුම මටයි, අර්ජුන 2004 දී
    මගෙත් එක්‌ක ඇවිල්ල වුණ දේ මතකයිනෙ'

    - තිලංග සුමතිපාල

    b2.jpg
    ප්‍රශ්නය - ඔබ මෙවර ක්‍රිකට්‌ නිලවරණයට ඉදිරිපත් වෙන ප්‍රධාන හේතුව කුමක්‌ද?

    පිළිතුර - අපේ රටේ ක්‍රිකට්‌ ක්‍රීඩාව විශාල වශයෙන් පසුබෑමකට ලක්‌වෙලා තියෙන යුගයක ක්‍රීඩා සමාජ සහ දිස්‌ත්‍රික්‌ සංගම් විශාල ප්‍රමාණයක්‌ මට කළ ඉල්ලීම සලකල බලල තමයි මෙම නිලවරණයට තරග කළේ. මටත් ලොකු ඕනෑ කමක්‌ තියෙනවා අපේ රටේ ක්‍රිකට්‌ ක්‍රීඩාව ලෝකයේ ඉහළ තැනකට ගේන්න. දැන් බලන්න අපේ ටෙස්‌ට්‌ කණ්‌ඩායම ශ්‍රේණිගත කිරීම්වල ඉන්නෙ හත්වැනි ස්‌ථානයේ. එක්‌දින කණ්‌ඩායම ඉන්නෙ හය වැනි ස්‌ථානයේ. වයස අවුරුදු 19 න් පහළ කණ්‌ඩායම බංග්ලාදේශයටත් පරදිනවා. පාසල් ක්‍රිකට්‌ කඩා වැටිලා. ඉතිං මෙහෙම තත්ත්වයක්‌ තියෙද්දී අපේ රටේ ක්‍රිකට්‌ ගොඩ ගන්න සභාපති සටනට එන්න කියල බහුතරය කළ ඉල්ලීමට තමයි මම සටනට ආවේ.

    ප්‍රශ්නය - ඔබේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන නිශාන්ත රණතුංග මහතාගේ පාර්ශ්වය සමග සටන ජය ගැනීමට හැකි යෑයි ඔබට තියෙන විශ්වාසය කුමක්‌ද?

    පිළිතුර - සටන ජය ගන්න දෙයක්‌ නැහැ. දැනටමත් මම දිනල ඉවරයි. ඒ ජයග්‍රහණය ගැන සැකයක්‌ නැහැ.

    ප්‍රශ්නය - ඔබ ක්‍රිකට්‌ ව්‍යවස්‌ථාවට අනුව සභාපතිකමට තරග කරන්න සුදුසු නැහැ කියල ප්‍රතිවාදී පාර්ශ්වය පවසනවා. ඒකෙ ඇත්ත නැත්ත කුමක්‌ද?

    පිළිතුර - මම සභාපතිකමට තරග කරන්න සුදුසු නැතිනම් මට ඉල්ලන්න බැහැනෙ. මට අයි.සී.සී. එකෙන්වත්, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ව්‍යාවස්‌ථාවෙන් හෝ මෙරට ක්‍රීඩා ව්‍යවස්‌ථාවෙන් කිසිදු බලපෑමක්‌ නැහැ. ඒ නිසා තමයි මට තරග කරන්න අවස්‌ථාව උදා වුණේ. අපේ ජයග්‍රහණය වලක්‌වන්න ගොතන කතා තමයි ඕවා.

    ප්‍රශ්නය - ඔබ කියන විදිහට ලබන 3 වැනිදා පවත්වන ක්‍රිකට්‌ නිලවරණය සර්ව සාධාරණ නිලවරණයක්‌ කියල පිළිගන්නවාද?

    පිළිතුර - පළමුව ක්‍රීඩා ව්‍යවස්‌ථාවට සහ ක්‍රිකට්‌ ව්‍යවස්‌ථාවට අනුකූලව මෙවර නිලවරණය ක්‍රියාත්මක කිරීම ගැන ක්‍රීඩා ඇමැතිතුමාටත් ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාටත් මම ස්‌තුති වන්ත වෙනවා. පැහැදිලිම මෙවර නිලවරණය විනිවිද භාවයකින් පැවැත්වීම පිළිබඳව මම තෘප්තිමත්.

    ප්‍රශ්නය - ඔබ කියන විදිහට මෙවර නිලවරණය පිළිබඳව ඔබට ප්‍රතිවාදී පාර්ශ්වය හෝ විනිවිද භාවය ගැන කිසිම ප්‍රශ්නයක්‌ නැහැ.

    පිළිතුර - නිලවරණය විනිවිද භාවයකින් පැවැත්වුවාට හොඳ සහ නරක දෙකම මිශ්‍රව තියෙනවා. ඒ කියන්නෙ දූෂිත කියල තහනම් කරපු ක්‍රීඩා සමාජ කිහිපයකටත් ඡන්ද බලය දීලා තියෙනවා. අපිට ගොඩක්‌ වාසිදායක කළුතර දිස්‌ත්‍රික්‌කයේ ක්‍රීඩා සමාජ කිහිපයකට සල්ලි දීලා නැහැ. සමහර සංගම්වල ඡන්ද බලය නැතිවෙලා කියල තියෙනවා. ඒ පිළිබඳව අපි දන්වල තියෙනවා.

    ප්‍රශ්නය - එකම ආණ්‌ඩුවෙ ඉඳගෙන අර්ජුන රණතුංග සහ ඔබ ක්‍රිකට්‌ නිලවරණයේදී දෙපැත්තකින් තරග කරනවා. මේක ඇත්තටම ප්‍රශ්නයක්‌ නේද?

    පිළිතුර - මම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක විදිහට අර්ජුනත් එක්‌ක වැඩ කරනවා. අර්ජුනට මගේ උපසභාපතිවරයා වෙන්න වුණත් පුළුවන්. මට වැඩ කරන්න ඒ අයත් එක්‌ක කිසිම ප්‍රශ්නයක්‌ නැහැ.

    ප්‍රශ්නය - ඒ කියන්නෙ අර්ජුන රණතුංග ඔබට අභියෝගයක්‌ කියලද?

    පිළිතුර - අර්ජුන මට අභියෝගයක්‌ නෙමෙයි. එයා 2002 දී මගෙත් එක්‌ක තරග කරන්න ඇවිල්ල වුණ දේ මතකයිනෙ. අනිත් එක මම තරග කරන්නෙ සභාපති තනතුරට. අර්ජුන තරග කරන්නෙ උප සභාපති තනතුරට. ඒ නිසා මට එයාගෙන් කිසිම අභියෝගයක්‌ නැහැ.

    ප්‍රශ්නය - ඉන්දියානු ක්‍රිකට්‌ ආයතනය අයි.පී.එල්. හරහා ලොකු මුදලක්‌ උපයනවා. බංග්ලාදේශය සහ පකිස්‌තානයත් ආසියානු රටවල ඒ දේ කරනවා. නමුත් අපේ රටේ එහෙම තරගාවලියක්‌ නැහැ. ඔබ සභාපති වුණොත් ඒවාට අභියෝග කරන්න තරගාවලියක්‌ හදනවද?

    පිළිතුර - ඔය අයි.පී.එල්. එන්න ඉස්‌සර වෙලා 2004 දී මම පටන් ගන්න හැදුවා ආසියානු ප්‍රිමියර් ලීග් කලම්බු කියල තරගාවලියක්‌. නමුත් ඒක කරන්න මට ඉඩ දුන්නෙ නැහැ. ඒක පටන් ගත්තනම් ඔය අයි.පී.එල්. ඔළුව උස්‌සන්නෙ නැහැ. නමුත් දැන් අයි.පී.එල්. කියන්නෙ ගොඩක්‌ දියුණු තරගාවලියක්‌. ඒකට අපිට අභියෝග කරන්න අමාරුයි. ඒසියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන්න හැදුවෙ ලංකාවෙ කණ්‌ඩායම් කිහිපයක්‌, පකිස්‌තානයේ කණ්‌ඩායම් කිහිපයක්‌ ඉන්දියාවෙ ප්‍රාන්ත කණ්‌ඩායම් කිහිපයක්‌. එතකොට ආසියාවේ හොඳම ක්‍රීඩකයන් තමයි කොළඹදී තරග කරන්නෙ.

    ප්‍රශ්නය - අයි.පී.එල්. වලට අපේ ක්‍රීඩකයන් සහභාගි වීම නිසා පසුගිය කාලයේ ඇතැම් ප්‍රශ්න මතු වුණා. ක්‍රීඩකයන් එහෙම තරගාවලි වලට සහභාගි වුණොත් ජාතික කණ්‌ඩායමට ප්‍රශ්නයක්‌ වෙන අවස්‌ථා තියෙනවා. මේකට විසඳුම මොකක්‌ද?

    පිළිතුර - අයි.පී.එල්. ගහන්නෙ අපේ කණ්‌ඩායමේ ක්‍රීඩකයන් හතර පස්‌දෙනයිනෙ. ඒ අය ගියා කියල අපේ කණ්‌ඩායම කඩා වැටෙන්නෙ නැහැ. මම සභාපති කරන කාලයේ අරවින්දව කෙන්ට්‌වලට යෑව්වා. එයා ගියා කියලා අපේ රටේ ක්‍රිකට්‌ වලට අඩුවක්‌ වුණෙත් නැහැ. එයා නොගියා කියල කෙනට්‌ පිලට පාඩු වෙන්නෙත් නැහැ. මේ හැමදේම විසඳාගත හැකි ප්‍රශ්න.

    ප්‍රශ්නය - නමුත් ඉන්දියාවෙ ක්‍රීඩකයන්ව ලෝකයේ කොහේවත් තරගාවලිවලට සහභාගි කරවන්නෙ නැහැ. එහෙම එකේ අපේ ක්‍රීඩකයන් සහභාගි කරවන්නෙ ඇයි?

    පිළිතුර - ඉන්දියානු ක්‍රිකට්‌ ආයතනය ඔවුන්ගේ ක්‍රීඩකයන්ව ආරක්‌ෂා කරගන්න කරන හොඳ ක්‍රියාවක්‌ තමයි ඒක. මොකද ඔවුන් ඒ හරහා විශාල මුදලක්‌ උපයනවා. ඒ නිසා ඒ ක්‍රීඩකයන්ට කොහෙවත් යන්න ඕනෙ නැහැ. අපිත් ඒ වගේ ක්‍රමවේදයක්‌ ක්‍රීඩකයන් වෙනුවෙන් හදන්න ඕන.

    ප්‍රශ්නය - කවුරුත් නොහිතපු වෙලාවට ජයන්ත ධර්මදාස මහතා සහ ඔබ එක කඳවුරක හිට ගත්තා. ඒක වුණේ කොහොමද?

    පිළිතුර - කට්‌ටිය මට සභාපතිකමට ඉදිරිපත් වෙන්න කියන කොට මම යෝජනා කළා මගේ උපසභාපතිවරයා විදිහට ජයන්ත ධර්මදාස මහතාව අරගමු කියලා. මොකද ජයන්ත ධර්මදාස මහතාටත් ක්‍රිකට්‌ වෙනුවෙන් සේවය කරන්න ලොකු වුවමනාවක්‌ තියෙනවා. ඒ නිසා මම ඔහුට ආරාධනා කළා. ඔහු ඒ ආරාධනාව පිළිඅරගත්තා.

    ප්‍රශ්නය - ඔබ කියන සියලු කාරණා කරන්න තියෙන සැලැස්‌ම කුමක්‌ද?

    පිළිතුර - මම ක්‍රම හයක්‌ යටතේ පස්‌ අවුරුදු සැලැස්‌මක්‌ ඇතිව තමයි තරග කරන්නෙ. මූල්‍යමය, සන්නවේදනය, ජාත්‍යන්තර, දේශීය, පරිපාලනය සහ සංවර්ධනය යනුවෙන්. මේ කොටස්‌ හය හරියට කළාම අපේ ක්‍රිකට්‌ කඩා වැටෙන්නෙ නැහැ.
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    ''ඡන්ද 147 න් 97 ක්‌ම තියෙන නිසා
    ජයග්‍රහණය ගැන 100% ක්‌ විශ්වාසයි''
    නිශාන්ත රණතුංග


    b1.jpg
    ප්‍රශ්නය - ජග්‍රහණය කිරීම පිළිබඳව ඔබට විශ්වාසයක්‌ තියෙනවද?

    පිළිතුර - ඡන්දය දෙන්න තීරණය කරල තියෙන සම්භාවිතාවය අනුව ජයග්‍රහණය ගැන 100% ක්‌ම විශ්වාසයි. මොකද අතුරු කමිටුවක්‌ තියෙන කාලයේ ඉඳල ක්‍රීඩා සමාජවලට ඡන්ද අයිතිය ලබා දෙන්න කියල හිටපු ක්‍රීඩා ඇමැතිතුමාටත් දැන් ඉන්න ඇමැතිතුමාටත් කිව්වෙ අපි. මමයි, අසංග සෙනවිරත්නයි, උපාලි ධර්මදාසයි ගොඩක්‌ වෙහෙසුණා ක්‍රීඩා සමාජවල ඡන්දය අයිතිය ලබා දෙන්න.

    ප්‍රශ්නය - ඔබේ කණ්‌ඩායම ශක්‌තිමත් කියල හිතාගෙන ජයග්‍රහණය පිළිබඳව පූර්ණ නිගමනයකට පැමිණ තිබෙනවා. ඒ සඳහා ඔබ තුළ ඇති සහතිකය කුමක්‌ද?

    පිළිතුර - අපි කණ්‌ඩායමක්‌ හැටියට එන්නෙ තරුණ සහ දක්‌ෂ පරිපාලකයන්ගෙන් යුත් කණ්‌ඩායමක්‌. අපේ කණ්‌ඩායමේ නැහැ ව්‍යාපාරවල ඇලිලා ඒකයි මේකයි දෙකම බදා ගන්න කට්‌ටිය. පසුගිය කාලයේම ශ්‍රී ලංකා ක්‍රිකට්‌වල සභාපතිකම් දැරුවෙ ව්‍යාපාරිකයන්. ලෝක කුසලානය දිනා දුන් නායකයා මගේ උප සභාපති ලෙස තරග කරනවා. රග්බි ක්‍රීඩාව වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක්‌ කළ රග්බි පරිපාලකයකු වන අසංග සෙනවිරත්න, වසර 40 කට වැඩි පරිපාලනමය දැනුමක්‌ ඇති නාරන්ගොඩ, හිරන්ත වැනි අති දක්‌ෂ කණ්‌ඩායමක්‌ තමයි මා සමග සටනට එන්නෙ. මේ හැම දෙනාටම ක්‍රිකට්‌ දියුණු කිරීමට වැඩ කිරීම ගැන අමුතුවෙන් දැන ගත යුතු නැහැ.

    ප්‍රශ්නය - ඔබේ ප්‍රතිවාදී පාර්ශ්වයත් පවසන්නෙ දැනටමත් ජයග්‍රහණය කරල ඉවරයි කියලා. එහෙම එකේ කොහොමද ඔබ විශ්වාසයෙන් ජයග්‍රහණය ගැන කතා කරන්නෙ?

    පිළිතුර - දැන් බලන්න තිලංගගේ උප සභාපතිවරයාට ඉල්ලන ජයන්ත ධර්මදාසට බ්ලූම්ෆීල්ඩ් එකේ නිලවරණයෙදි ලැබුණෙ ඡනද 14 ක්‌ වගේ. ක්‍රිකට්‌ සභාපතිවරයෙක්‌ වෙලා ඉඳලත් එයාට ඒ ඡන්දෙන්වත් දිනා ගන්න බැරි වුණා. එයාගෙ ප්‍රතිවාදියා වූ ජයන්ත සෙනවිරත්න ඡන්ද 100 ක්‌ විතර ගත්තා. ක්‍රිකට්‌ වලට යහපතක්‌ කරා නම් එහෙම වෙන්න බැහැනෙ. ඕක තමයි ඇත්ත කතාව. 3 වැනිදාට බලා ගන්න පුළුවන් කවුද දිනන්නෙ කියලා.

    ප්‍රශ්නය - තිලංග සුමතිපාල මහතා නිලවරණයට ඉදිරිපත් වුණේ මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාවේ කඩා වැටීම නිසා ක්‍රීඩා සමාජ බහුතරයක්‌ කළ ඉල්ලීමක්‌ අනුව කියල ප්‍රකාශ කරනවා. එහෙම එකේ ජයග්‍රහණය පිළිබඳව විශ්වාස තැබීම ඥානාන්විතද?

    පිළිතුර - මමත් දැක්‌කා තිලංග සුමතිපාල ක්‍රිකට්‌ කඩා වැටීමක්‌ ගැන කියල තියෙනවා. ඉතිං ක්‍රිකට්‌ කඩා වැටුණනම් ඒ කඩා වැටුණ කාලයේ හිටපු පරිපාලකයන් වන ජයන්ත ධර්මදාස ඇතුළුÊපිරිසත් සමගනෙ එයා සටනට එන්නෙ. ඒකෙන්ම පේනවා ඒ වචනය නිකන් කිසිදු පදනමක්‌ නැහැ කියලා. මම ලේකම් වෙලා ඉන්න කාලයේ ලෝක කුසලානයක්‌ දිනුවා. ලෝක කුසලාන දෙකක අවසන් තරගයට ආවා. විස්‌සයි විස්‌ස ශ්‍රේණියේ අංක එකත්, එක්‌දින ශ්‍රේණියේ අංක තුන සහ ටෙස්‌ට්‌ ශ්‍රේණියේ අංක තුන දක්‌වා අපේ කණ්‌ඩායම් ආවා. ඉතිං කොහොමද ක්‍රිකට්‌ කඩා වැටුණා කියන්නෙ.

    ප්‍රශ්නය - ශ්‍රී ලංකා ක්‍රිකට්‌වලට මූල්‍යමය අතින් පහරක්‌ වැදුණේ ඔබ ලේකම්වරයා ලෙස හිටපු කාලයේ කියල ඇතමුන් චෝදනා කරනවා. මේ කතාව මොකක්‌ද?

    පිළිතු=ර - ඕනම කෙනෙක්‌ ඡන්දයකට එනකොට මොනව හරි පදනමක්‌ නැති බොරු කියල බලය ගන්න තමයි හදන්නෙ. මම වගකීමෙන් කියනවා මම ලේකම් වෙලා හිටපු අන්තිම අවුරුදු තුනේ 600% කින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌වල ආදායම ඉහළ දැම්මා කියලා. ඒකට අසංග සෙනවිරත්න සහ උපාලි ධර්මදාස යන මහත්වරුත් විශාල ශක්‌තියක්‌ ලබා දුන්නා.

    ප්‍රශ්නය - ක්‍රිකට්‌ මූල්‍යමය අතින් පොහොසත්නම් දැන් ඉන්න අතුරු කමිටුවත් මිලියන ගණනක ණයක්‌ ගත්තේ ඇයි?

    පිළිතුර - ඒකට හේතුව අතුරු කමිටුවක්‌ පත් කිරීම නිසා අයි.සී.සී. එකෙන් අපිට සල්ලි දුන්නෙ නැහැ. එහෙම වුණාම ණය ගන්න වෙනවා. නමුත් ඒ ණය ගෙවන එක ප්‍රශ්නයක්‌ නෙමෙයි. අපේ කාලෙත් ණය අරගෙන ඒව ගෙව්වා. නිසි ක්‍රමවේදයක්‌ නැතිව ණය අරගෙන ඔහේ වැඩ කරගෙන ගියොත් ක්‍රිකට්‌ අනාථයි. අපි හැම දෙයක්‌ම කරන්නෙ සැලැස්‌මක්‌ ඇතිව ක්‍රීඩකයන්ට, ක්‍රීඩා සමාජවලට සහ ලංකාවේ සමස්‌ත ක්‍රිකට්‌ ක්‍රීඩාවට අඩියක්‌ හරි උඩට ගේන්න ක්‍රම ඇතිවයි.

    ප්‍රශ්නය - ජාතික කණ්‌ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් වෙනත් රටවල ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ගැටලුවක්‌ තියෙනවා නේද?

    පිළිතුර - ක්‍රීඩකයන් ලෝකයේ ඕනෑම තරගාවලියක්‌ ක්‍රීඩා කරාට කිසිම ප්‍රශ්නයක්‌ නැහැ. හැබැයි අංක එක අපේ රටේ ක්‍රිකට්‌. මේ දෙක කළමනාකරණය කර ගන්න ක්‍රීඩකයන් සහ පරිපාලකයන් දක්‍ෂ විය යුතුයි.

    ප්‍රශ්නය - දැන් ජාතික කණ්‌ඩායමේ කොන්ත්‍රාත්තුවට ඉන්න ක්‍රීඩකයන් සංඛ්‍යාව 30-35 ත් දක්‌වා අඩු කරල තියෙනවා. ඔබ සභාපති වුණොත් මේ ක්‍රමය වෙනස්‌ කරනවා කියල සහතිකයක්‌ දෙන්න පුළුවන්ද?

    පිළිතුර - අනිවාර්යයෙන්ම ක්‍රීඩකයන්ට අපි හොඳට සැලකිය යුතුයි කියන මතයේ මම ඉන්නවා. ඔවුන් හොඳින් ක්‍රිකට්‌ ගැහුවොත් තමයි අපිට සල්ලි එන්නෙ. පළමුව අපි ක්‍රීඩකයන්ව ආරක්‌ෂා කළ යුතුයි. ඒ නිසා තමයි මම ලේකම් ඉන්න කාලයේ ක්‍රීඩකයන් 100 ක්‌ හෝ ඊට වැඩි ප්‍රමාණයක්‌ කොන්ත්‍රාත්තුවට එක්‌ කළේ. ඔවුන් හැම දෙනාටම ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කිරීමට නොහැකි වුණත් රස්‌සාව හැටියට පැය 24 ම ක්‍රිකට්‌ ගහන්න පුළුවන් ආදායමක්‌ හදල දෙන එක තමයි අපි කළ යුත්තෙ. ඉස්‌සර අපි ගහන කාලයේ උදේ 6 ට ඇවිල්ල ප්‍රැක්‌ටිස්‌ කරල ආයිත් 9 ට වැඩට ගිහිල්ල ක්‍රිකට්‌ ගහපු කාලය ඉවරයි. වෘත්තියක්‌ වශයෙන් ක්‍රීඩකයන්ට හොඳ ගෙවීමක්‌ සමග ඔවුන්ට කොන්ත්‍රාත්තුවක්‌ ලබා දිය යුතුයි. ඒ විතරක්‌ නෙමෙයි ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයන්ටත් ඉන්ෂුවරන්ස්‌ ක්‍රමයක්‌ මම ඇති කරනවා. එතකොට ක්‍රීඩකයකු ආබාධයකට ලක්‌ වුණොත් හොඳම ප්‍රතිකාර ක්‍රමය ඔවුන්ටම ලබා ගැනීමේ මාර්ගය සැලසෙනවා.

    ප්‍රශ්නය - තිලංග සුමතිපාල මහතාට සහ ජයන්ත ධර්මදාස මහතාට නිලවරණයට ඉදිරිපත් වෙන්න නීත්‍යනුකූල අයිතියක්‌ නැහැ කියල ඔබ චෝදනා කළා. නමුත් එයින් කිසිම ගැටලුවක්‌ වුණේ නැහැ. ඒ කියන්නෙ ඒ චෝදනා බොරුවට ඉදිරිපත් කරපු ඒවාද?

    පිළිතුර - තිලංගට අයි.සී.සී. එකට යන්න බැහැ. ඒකෙ දූෂණ විමර්ශන ඒකකයේ එයාට එරෙහිව පැමිණිල්ලක්‌ තියෙනවා. ඒ විතරක්‌ නෙමෙයි අවසන් අවුරුදු 15 දී වසර දෙකක්‌ විධායක කමිටුවෙ ඉඳලත් නැහැ. එයා ඉඳල තියෙන්නෙ අවුරුද්දයි මාස 8 ක්‌ විතර. ජයන්ත ධර්මදාස ඉඳල තියෙන්නෙත් අවුරුද්දයි මාස 11 ක්‌ විතර. අපේ අසංග සෙනවිරත්නට සහ නිහාල් ලෙව්කේව කිසිම පදනමක්‌ නැතිව ඉවත් කළා. නමුත් නීති මගින් ඔවුන්ට යළිත් සටනට එන්න පුළුවන් වුණා.

    ප්‍රශ්නය - ඇයි අර්ජුන රණතුංග උප සභාපතිකමට තරග කරන්නෙ. ඔහුටත් පුළුවන්නෙ ඔය කියන විදිහට අවුරුදු දෙක ඉන්නෙ නැතිව සභාපතිකමට තරග කරන්න.

    පිළිතුර - අර්ජුන රණතුංග කියන්නෙ නීතිය අකුරටම කරන පුද්ගලයෙක්‌. ඔහු රටේ නීතියටයි ක්‍රිකට්‌ නීතියටයි ඉහළින්ම ගරු කරනවා. ඒ නිසා තමයි ඔහු උප සභාපති තනතුරට ඉදිරිපත් වුණේ. අවුරුදු දෙකක්‌ විධායක කමිටුවේ ඉඳල ඊළගට සභාපතිකමට තරග කරන්න තමයි අර්ජන ඇමැතිතුමාගේ බලාපොරොත්තුව.

    ප්‍රශ්නය - මොන පාලනය ආවත් පාසල් ක්‍රිකට්‌වල දියුණුවක්‌ නැහැ කියල චෝදනාවක්‌ තියෙනවා.

    පිළිතුර - පාසල් ක්‍රිකට්‌ වලට රජයෙන් හෝ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මුදල් දෙන්නෙ නැහැ. ක්‍රිකට්‌ ආයතනයෙන් තමයි දෙන මුදලක්‌ හෝ බඩු භාණ්‌ඩ දෙන්නෙ. අපි පාසල් ක්‍රිකට්‌ ක්‍රීඩාවට විශාල වැඩ කොටසක්‌ කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද පාසල් ක්‍රිකට්‌ නැතිව ජාතික කණ්‌ඩායමක්‌ ගැන හිතන්න බැහැ. අර්ජුන රණතුංග පාසල් ක්‍රිකට්‌ වෙනුවෙන් විශාල වැඩ කොටසකට ලැහැස්‌ති වෙලා තියෙනවා. ඒ වගේම දිස්‌ත්‍රික්‌ සංගම් මෙන්ම ක්‍රීඩා සමාජවලටත් හොඳ කාලයක්‌ ඉදිරියේදී අපි ලබා දෙනවා. මේ සියලු දේ සැලැස්‌මක්‌ ඇතිව කරන්න අපි සූදානම්. ඒ නිසා අපිට ජයග්‍රහණය සැකයක්‌ කොහෙත්ම නැහැ.

    සාකච්ඡා කළේ - අසේල විතාන