ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩකයන්ගේ ශරීරික යොග්‍යතාව පහල වැටීමට හේතුවී ඇත්තේ භෞතචිකිත්සකයන් හා අභ්‍යාසකරුවන් (ට්‍රේනර්ස්) ගේ දුර්වලතා හේතුවෙන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
පසුගිය වසර කිහිපයේදී ඔවුන් ක්‍රීඩකයන්ට අවශ්‍ය පරිදි සිය අභ්‍යාස සකස් කිරීම ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවයේ කඩාවැටීමට හේතුවී ඇති බව පැවසේ.
බොහෝවිට අදාළ භෞතචිකිත්සකයන් හා අභ්‍යාසකරුවන් (ට්‍රේනර්ස්) ශ්‍රී ලංකා පිල සමඟ සංචාරයාමේ අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ ඕනෑ එපාකම් අනුව පසුගිය කාලයේ කටයුතු කර ඇති බවද හෙළිව තිබේ.
මේ අතර, වරක් ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස චමින්ද වාස් ශ්‍රී ලංකා පිලට එක්කරගත් අවස්ථාවේදී ඔහුට ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන්ගෙන් සහය නොලැබුණු බවද පැවසේ. එසේ සහය නොදෙන ලද අය අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු සිටි බවද වාර්තා වේ.
ඔහු වසර 16 ක් ශ්‍රී ලංකා පිලේ පන්දුයැවීමේ උපදේශකයා ලෙස කටයුතු කළ අය තවදුරටත් එම තනතුරේ තබා ගැනීමට මෙසේ කටයුතු කළ බවටද චෝදනා එල්ලව තිබේ.
වාස් අදාළ ධූරයට සුදුසු නැති බව එම අවස්ථාවේ පවසා ඇත්තේ වාස් උපක්‍රම (tactics) දන්නා නමුදු තාක්ෂණය (technique) නොදන්නා බව පවසමින් බවද වාර්තා වේ.
මේ අතර “අද ඉන්න හුඟක් අය වැඩ කරන්නෙ ක්‍රීඩකයන්ට ඕන විදියටයි” යනුවෙන් හිටපු තේරීම් කමිටු සමාජිකයකු හා ලෝක කුසලාන ජයග්‍රාහී පිලේ සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ද සති අන්ත පුවත්පතකට පවසා තිබේ.