ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසු විජයකලා යළි එළියට
කොටි සංවිධානය සම්බන්ධව මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම හේතුවෙන් සිය රාජ්‍ය ඇමැති ධුරයෙන් ද ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය එම ප්‍රකාශයෙන් පසු පළමුවරට මහජන උත්සවයකට සහභාගි වූයේ පෙරේදා (21 දා) ය. යාපනය නගර සභා භූමියේ සංවිධානය කර තිබූ 'සුවසැරිය' ගිලන් රථ සේවාව ආරම්භ කිරීම වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට ඇය ද එක් වූවාය.
එහිදී විජයකලා මන්ත්‍රීවරිය අගමැතිවරයා සමඟ උත්සව භූමියට පැමිණි අයුරු ඡායාරූපයේ දැක්‌වේ.
දිවයින 2018.07.23


