✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ``~~අපගේ අරමුණ කියවන පරපුරකි.~~``
    දිගාමඩුල්ලේ ආශ්චර්යය

    කියවන පරපුරක් පවතීනම් සැබවින්ම
    රචකයා හෝ ග්‍රන්ථ ප්‍රකාශකයාට
    අවාසියක් නොව වාසියක්ම සිදුවනු ඇත.
    හොඳ කෘති තව තවත් ඉල්ලීම් වලට භාජනය වෙවි. කතුවරුන්ට ලැබෙන ලොකුම තෑග්ග වන්නේ
    කියවන පරපුරක හොඳ නොහොඳ ඇසීමය.

    කියවන්නෝ දිනන්නෝය...
    කියවීම පුරුද්දක් කරගන්න:yes:

    DcvQa7u.png

    දිගාමඬුල්ලේ ආශ්චර්ය - මායාරංජන්
    • ‘මායාරංජන්’ කියන්නේ මහානාම රාජපක්ෂ නම් වූ ගුරුවරයෙක්. 1940 ගණන්වල අග භාගයේ දී ඔහු වැව් ගම්පත්තුවට යන්නේ ගුරුවරයෙක්, විදුහල්පතිවරයෙක් විදියට. දමන, පාදාගොඩ, ඉඟිනියාගල වගේ පාසල්වල ඔහු ගුරු වෘත්තියේ නිරත වෙනවා. මායාරංජන් ‘දිගාමඬුල්ලේ ආශ්චර්ය’ ලියන්නේ පාදාගොඩ ඉස්කෝලේ උගන්වන කාලේ.
    • මායාරංජන් හෙවත් මහානාම රාජපක්ෂ මිය ගියේ 1968 නොවැම්බර් 17 වැනිදා. ඒ ඔහු උපන් වේයන්ගොඩ මගලෙගොඩදී
    • ‘දිගාමඬුල්ලේ ආශ්චර්ය’ මුලින්ම පළ වුණේ 1957 දී. මෙය ලංකාවේ ප්‍රථම සිංහල ‘වනවිත්ති’ කතා පොත කියලා පියසේන කහඳගමගේ හැඳින්නුවේ.

    (රාජ්‍ය සම්මාන දිනූ ඇස්.ගොඩගේ ප්‍රකාශනයක්.
    ඔවුන්ට හදපිරි ස්තූතිය.)

    මෙවන් විශිෂ්ට නිර්මාණ සඳහා දායකත්වය දැක්වූ පාර්ශවයන්ට කෘත ගුණ දක්වමින් කෘතියක් මිළට ගැනීමට කාරුණික වන්න

    link
    දිගාමඩුල්ලේ ආශ්චර්යයපොත

    එළිකිරි පුස්තකාලයට "e" පොතක් ලෙස
    upulpdn @ ELAKIRI විසින්
    උඩුගත කරන ලදි

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    සුජීවගේ කතා අපිට ඇලජික් වුණාට මෑන්ගේ පොත්වලට සෑහෙන්න ලොකු මාකට එකක් තියෙන බව පිලිගන්න වෙනවා. :yes:
    ඒත්,
    ඔබතුමාලා යෙපිලගේ ඉරාජ් අයියාට බනින්නේ ඇයි එහෙනම්??:frown::angry:
    :baffled:
    onna mama nam baninne nea.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මටත්........

    නමුත් සුජීව ප්‍රසන්න අරච්චිට බනින්නේ ඇයි?????

    සුජීවගේ කතා අපිට ඇලජික් වුණාට මෑන්ගේ පොත්වලට සෑහෙන්න ලොකු මාකට එකක් තියෙන බව පිලිගන්න වෙනවා. :yes:
    ඒත්,
    ඔබතුමාලා යෙපිලගේ ඉරාජ් අයියාට බනින්නේ ඇයි එහෙනම්??:frown::angry:

    සරලව මෙම කියන්නම්කො.......100% සුදු චරිත දෙකක් සිටිම..එයාලට දුශ්ටකම් කරන කෙල්ලෙක් සහ කොල්ලෙක් සිටිම...පොත පටන් ගන්නකොටම අවසානය හිතා ගැනිමට හැකි විම..බඩවැලක් මෙන් පොත් 5,6ක් එක දිගට එම..පත්තරේ තියෙන කතාවම පොත් විදිහට ම පල කිරිම..

    හැබැයි මේ පොත් කියවන එකෙ වාසි තියෙනවා..එදිනෙදා බඩු මුට්ටු වල ගනන් මිනුම් දැන ගන්න පුලුවන්..උදාහරනයක් විදිහට එදා ෆැබ් එකෙ පෙස්ට්‍රි එකක ගාන වගෙම,ගලදාරි එකෙ බුෆෙට් එකෙ ගාන,විජය සාරි මන්දිර් එකෙ ඔෆිස් සාරි එකක ගාන.නොලිමිට් එකෙ බ්ලවුස් එකක ගාන,හවුස් ඔෆ් ෆැශන් එකෙ සායක ගාන.සරිටා එකෙ වෙඩින් සාරි එකක ගාන,පමුනුවෙ සාරියක,සායක ගාන.ඇප්ල් ෆොන් එකක ගාන,සැම්සුන් ෆොන් වල වර්ගය..
    මේ ට්ක නම් කිඹුල් අයියට හොදා...හොද රෙසිපි තියෙනවා එයා ලග..ටිකක් අවුල් එවාත් තියෙ..උදාහරනයක් විදිහට වැව් මාලු උයලා,කරවල තෙල් දාලා උම්බලකඩ සම්බොල එක්ක පොලොස් මාලුවට කිරිකොස් උයලා අල හොදි එක්ක කංකුන් තෙල් දාලා ගොටුකොළ සම්බොල වගෙ හොද හොද රෙසිපි තියෙනවා..හැබැයි තලපත් මාලු කිරට උයල කංකුන් තෙල් දාලා වගෙ රෙසිපිත් තියෙනවා ඉතින්......
     
    මෙතමාලි දිසානායක මහත්මියගේ ලියමනකි

    27073081_1571346216248427_599781171517321703_n.jpg

    අද පෝස්ට් එක සුජීව ප්‍රසන්න ආරච්චි ගැන. හැබැයි එයාගෙ පොත්වල හොඳ නරක ගැන කියන්න නම් නෙවෙයි.

    ශ්‍රී ලංකාවේ ලේඛකයන්ට වගේම පොත් ප්‍රකාශකයන්ට සුජීවගෙන් ගන්න තියෙන ආදර්ශ එමටයි. මොකද එයාලගෙන් බහුතරය (99%ක් වගේ) ලෝක ප්‍රවණතා ගැන අප්ඩේට් වෙන්නෙ නෑ. අලුත් දෙයක් හඳුන්වා දෙන්න තියා ඒ ගැන හිතන්නවත් උත්සහ කරන බවක් පේන්නත් නෑ. හැමදාම එකම ජාතියෙ ඒව ලියල පස්සෙ 'අනේ අපේ පොත් විකිණෙන්නෙ නෑ.' කියල මැසිවිලි නගන්නෙ ඒකයි. ඒකට ඉතින් පාඨකයන්ට බැනල වැඩක් නෑ.

    සුජීව එහෙම නෑ. එයා තමන්ගෙ කළමණාකරන උපාධියෙන් ලබා ගත්ත දැනුම ප්‍රායෝගිකව භාවිතා කරන කෙනෙක්. ඒ කොහොමද??

    මුලින්ම, අලෙවිකරණයේදි උගන්නන මූලිකම දෙයක් තමයි තමන්ගෙ නිශ්පාදනය විකුණන්න බලාපොරොත්තු වෙන පාරිභෝගික කණ්ඩායම මොකක්ද කියන එක හරියට හඳුනා ගැනීම. සුජීව මේක හරියටම කරල තියෙනවා. එයා ඉලක්ක කරන්නෙ ගෘහනියන්, හිරිමල් වයසෙ ඉන්න යෞවන යෞවනියන්, හමුදා සේවයේ, ඇඟළුම් කම්හල්වල වගේ ස්ථානවල වැඩ කරන නිවෙස්වලින්, තමන්ගෙ ආදරණීය අයගෙන් වෙන් වෙලා ඉන්න තරුණ තරුණියෝ වගේම මැදපෙරදිග කලාපයේ රැකියා කරන අය.

    සුජීවත් ලියන්නෙ එකම ජාතියෙ පොත් තමයි. හැබැයි එයා ඉලක්ක කරන කණ්ඩායමට ඒව ගැලපෙනවා.

    මේ පිරිස හිතන පතන විදිහ ගැනත් සුජීවට හොඳ අවබෝධයක් තියෙනවා කියල එයා ලියන ශෛලියෙන් වගේම ලියන දේවල්වලින් තේරෙනවා. ඒ කියන්නෙ එයා තමන්ගෙ ව්‍යාපාරය පටන් ගන්න කලින් 'හෝම් වර්ක්' කරල තියෙනවා.

    සමහරු කියනවා සුජීවට ලියන්න පුළුවන් 'හොටු බේරෙන කතා' විතරයි කියල. එහෙම කියන අයට මම ආරාධනා කරනවා වික්ටර් රත්නායකයන්ගෙ 'පූජා වේවා' කැසට් එකේ සිංදු අහන්න කියලා. සුජීවට අවශ්‍ය නම් සම්භාව්‍ය පන්නයේ ඒවත් ලියන්න පුළුවන්. එයා දක්ෂ ලේඛකයෙක්. හැබැයි එයා හැමෝම සතුටු කරන්න නොයා තමන්ගෙ ඉලක්ක ගත කණ්ඩායට ගැලපෙන විදිහෙ දෙයක් දෙනවා. ඒ ඉව ලංකාවෙ ගොඩක් ලේඛකයන්ට, පොත් ප්‍රකාශකයන්ට නැති බව කණගාටුවෙන් වුණත් කියන්න ඕන.

    සුජීවගෙ මේ උපක්‍රමයම තමයි ඉන්දියාවෙ චේතන් භගත් පාවිච්චි කරන්නෙ. හැබැයි එයා තෝරගෙන තියෙන ඉලක්ක කණ්ඩායම තමයි සාමාන්‍ය මධ්‍යම පන්තියේ, යම් පමණකට ඉංග්‍රීසි දැනුම තියෙන, අධ්‍යාපනයෙන් ඉහළට ගිහින් පොහොසත් වෙන්න හදන තරුණ තරුණියන්.

    අනිත් කාරණය සුජීව මෑතකදි ලංකාවට හඳුන්වලා දුන්න ඕඩියෝ බුක් සහ ඊබුක් සංකල්පය. ලෝකෙ ඉතාම ජනප්‍රිය මේ දෙජාතිය ලංකාවට නියමාකාර විදිහට හඳුන්වලා දුන්නෙ සුජීව. ඒ උත්සාහය අගය කරන්න ඕන.

    හැබැයි මට පේන විදිහට ඔය හඳුන්වාදීමේ අඩුපාඩු කිහිපයක් තියෙනවා. එක, මේ මොබයිල් ඇප්ලිකේෂන්වලින් පොත් ගන්න පුළුවන් ඩයලොග් පසු ගෙවුම් පැකේජ් සහ ක්‍රෙඩිට්, ඩෙබිට් කාඩ් භාවිතා කරන අයට විතරයි. පෙර ගෙවුම් සම්බන්ධතාවලින් 'කැපෙන' ක්‍රමය මේ ඇප්ලිකේෂන්වල නැහැ. ඒක අඩුපාඩුවක්. මොකද මම උඩින් කිව්ව කණ්ඩායම්වල බහුතරය පාවිච්චි කරන්නෙ පෙරගෙවුම් සම්බන්ධතා. 'මගෙ පොත් කියවන්න ඕන නම් ඩයලොග්ම ගන්න' කියන එක ප්‍රායෝගික නෑ. වෙන්න ඕන හැම දුරකථන ජාලයකින්ම පොත් ඩවුන්ලෝඩ් කරන්න පහසුකම් සලසන එක.

    අනිත් දේ ලංකාවෙ ගොඩක් අයට තාම ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්වලින් අන්තර්ජාල ගණුදෙනු කරන විදිහ ගැන ලොකු දැනුමක් නෑ. මේව පාසල් විෂය නිර්දේශන්ට එකතු කරන්න ඕන හරිනම්. ඒක සුජීවගෙ පිටුවට වැටෙන කමෙන්ට්වලින් පැහැදිලි වෙනවා.

    කොහොමහරි ඔය හේතුව නිසා සුජීව බලාපොරොත්තු වුණ සාර්ථකත්වය මේ වැඩෙන් ලැබුණෙ නැතුව ඇති. නමුත් මේ හඳුන්වාදීම අගය කරන්න ඕන. ලංකාවෙ අනිත් ලේඛකයො, ප්‍රකාශකයො සුජීව වගේ හිතන්න ගත්තොත් එයාලට වගේම පාඨක අපිටත් හොඳ කලක් යාවි.

    ප.ලි - සමහර කමෙන්ට් දැකලයි මේ ටික එකතු කරන්න හිතුණෙ. අපේ රටේ ගොඩක් අය හිතන් ඉන්නෙ බිස්නස් කියන්නෙ නරක දෙයක් කියල. ලේඛකයො බිස්නස්කාරයො වෙන්න හොඳ නෑ කියල මතයක් ගොඩ නැගිල තියෙන්නෙ ඒකයි. ඒත් බිස්නස් කියන්නෙ නරක දෙයක් නෙවෙයි. පොත් කියන්නෙත් බිස්නස් එකක් තමා. ඒක හරියට, සදාචාර සම්පන්නව කෙරුවොත් ලේඛකයට වගේම පාඨකයටත් වාසියි.

    පිටරටවල අලුත් අලුත් ජාතියෙ පොත් එන්නෙත් ලංකාවෙ හැමදාම එකම ජාතියෙ පිළුණු වුණ මාතෘකාවලින් පොත් එන්නෙත් ඔය බිස්නස් ගැන තියෙන වැරදි මත නිසා. ලේඛකයො ධනවත් වෙන්න ඕන. ඒ වගේම ඔවුන් ඔවුන්ගෙ 'බිස්නස්' එක හරියට කරන්න ඕන.

    :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මායාරංජන් හෙවත් මහානාම රාජපක්ෂ මහතාගේ "දිගාමඩුල්ලේ ආශ්චර්යය" කෘතියේ හැඳින්වීම

    "පැරණි දිගාමඬුල්ලට අයත් පෙදෙසක් වූ වැව්ගම් පත්තුවට මා පළමු වරට පැමිණියේ වර්ෂ 1948 දී ය. එකල එය අලි වලස් ආදී නොයෙක් වන සතුන් ගහන මහ වනයෙකින් වැසුණු, තැන තැන පිහිටි හෙල් සහිත තැනිතලා බිමෙක් විය. එහි හෙල් මුදුන්වල සිට ගං ඉවුරු තෙක්, සතරැස් සැතපුමකට දෙක තුන බැගින් තිබුණු ආදි කර්මාන්තයන්හි නටබුන් මට පෙනී ගියේ, දිගාමඬුල්ලේ අතීත සභ්‍යත්වය පිළිබඳ අලංකාර ස්වප්නයක් ලෙසිනි.
    මේ මහ වනය මැද තැනින් තැන පිහිටි කුඩා ගම්, සාගරයක් මැද වූ පුංචි දිවයින් රැසක් බඳු විය. එහි විසූ මිනිසුන්ගේ දිවි පැවතුම් ද, ගතිගුණ, සිරිත් විරිත් සහ භාෂාව ද කොළඹකරයෙන් පැමිණි මට ආශ්චර්යයක් මෙන් පෙනුණේ ය. ඉන් කුහුලට පත් මම ද යහළුවන් තනාගෙන, බත් මලු කර බැඳගෙන, වනය පුරාත්, වැව් ගම් පත්තු යටි පළාතේ සියලු ගම්වලත් සැරිසැරුවෙමි. ඒ ගමන් වලදී මට අසන්නට සහ දකින්නට ලැබුණු ආශ්චර්ය, මෙසේ පොතක් වශයෙන් ඔබ අතට පත් කරමි.
    ජල කර්මාන්තය උදෙසා රජය මඟින් ‘ගල් ඔය සංවර්ධන යෝජනා ක්‍රමය‘ ඇරඹුණේ ද 1948 දී පමණේදී ය. (ගල් ඔය යයි ප්‍රසිද්ධ ව ඇතත් මෙයට පළාතේ ව්‍යවහාර නම ගල ඔය යනුයි) ගල ඔයේ වතුර වැව්ගම් පත්තුවට ඇතුළු වන සීමාව අසල ‘ඉඟිනියාගල‘, ‘වෑ කන්ද බැඳ‘, ‘සේනානායක සමුද්‍රය‘ කරවන්නට ඇමරිකානු ‘ මොරිසන් හඩ්සන් ඉන්ටර්නැෂනල්‘ සමාගමේ යෝධ යන්ත්‍ර පැමිණියේ ය. ඒ යන්ත්‍ර මහා ඝෝෂාවෙන් මහ වනය දෙදරවමින් රූස්ස ගස් වැල් ඇද හෙළද්දී දුවන්නට වූ වන සත්තු, ඈතට ගොස් නතර ව මෙපිට බැලූහ. අද වැව් ගම් පත්තුවෙන් අඩක්, පැරැණි දිගාමඬුල්ලේ නවීන ඡායාවක් බඳු අලුත් ගොවි ජනපදයෙකි. අනෙක් අඩද අඩ වශයෙන් එළි ව ඇත්තේ ය. පාරේ යන බස් රිය වළට පෙනි පෙනී ‘ අඹාර‘ (අම්පාරෙයි) වැවේ දිය කෙළින වල් අලි අදත් දැක්ක හැකි නමුත්, මේ පොතින් විස්තර වන ආශ්චර්ය සියල්ල, තවත් සීමා සහිත කාලයකින් අන්තර්ධාන වන්නේය.
    දිගාමඬුල්ලේ අලි වලස් ආදී වන සතුන් පමණක් නොව මිනිසුන් ගැන ද මම ලීවෙමි. ඒ හැමට පින්! අදත් ජීවත්වන ඇතැම් මිනිස් පින්වතුන් පිළිබඳ ව මා නොයෙක් දේ ලියා ඇත්තේය.
    මේ දෙවැනි මුද්‍රණයෙහි දී පොත සංශෝධනය කරමින් අලුත් පරිච්ඡේදයක් එක් කළෙමි. එහි වැඩි වශයෙන් ලියැවී ඇත්තේ මිනිස් ජීවිත ගැන ම ය. ඒ සියල්ල සත්‍ය ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ පිරිසිදු චේතනාවෙන් සාදර සිතින් ම මිස, කිසිවකුට හිංසාවක් හෝ නින්දාවක් හෝ කරන අදහසෙකින් නොවන බව සියලු සුධීහු සලකත්වා.
    නව කතාවක් මෙන් ඔබට මිහිරි නො විය හැකි වුවත්, මෙහි එන තොරතුරු සියල්ල සත්‍ය බව සහතිකයි.
    සියලු සත්වයෝ සුවපත් වෙත් වා! "

    අත් අකුරු:-

    maya-1.jpg
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    දිගාමඬුල්ලේ ආශ්චර්ය - මේක නවකතාවක් වගේද නැත්තං Documentary Type එකක් වගේද ?
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    සරලව මෙම කියන්නම්කො.......100% සුදු චරිත දෙකක් සිටිම..එයාලට දුශ්ටකම් කරන කෙල්ලෙක් සහ කොල්ලෙක් සිටිම...පොත පටන් ගන්නකොටම අවසානය හිතා ගැනිමට හැකි විම..බඩවැලක් මෙන් පොත් 5,6ක් එක දිගට එම..පත්තරේ තියෙන කතාවම පොත් විදිහට ම පල කිරිම..

    හැබැයි මේ පොත් කියවන එකෙ වාසි තියෙනවා..එදිනෙදා බඩු මුට්ටු වල ගනන් මිනුම් දැන ගන්න පුලුවන්..උදාහරනයක් විදිහට එදා ෆැබ් එකෙ පෙස්ට්‍රි එකක ගාන වගෙම,ගලදාරි එකෙ බුෆෙට් එකෙ ගාන,විජය සාරි මන්දිර් එකෙ ඔෆිස් සාරි එකක ගාන.නොලිමිට් එකෙ බ්ලවුස් එකක ගාන,හවුස් ඔෆ් ෆැශන් එකෙ සායක ගාන.සරිටා එකෙ වෙඩින් සාරි එකක ගාන,පමුනුවෙ සාරියක,සායක ගාන.ඇප්ල් ෆොන් එකක ගාන,සැම්සුන් ෆොන් වල වර්ගය..
    මේ ට්ක නම් කිඹුල් අයියට හොදා...හොද රෙසිපි තියෙනවා එයා ලග..ටිකක් අවුල් එවාත් තියෙ..උදාහරනයක් විදිහට වැව් මාලු උයලා,කරවල තෙල් දාලා උම්බලකඩ සම්බොල එක්ක පොලොස් මාලුවට කිරිකොස් උයලා අල හොදි එක්ක කංකුන් තෙල් දාලා ගොටුකොළ සම්බොල වගෙ හොද හොද රෙසිපි තියෙනවා..හැබැයි තලපත් මාලු කිරට උයල කංකුන් තෙල් දාලා වගෙ රෙසිපිත් තියෙනවා ඉතින්......

    හැබැයි ඒ අතින් බැලුවම එඩ්වඩ් මල්ලවාරච්චිගේ පොත් හොඳයි ද මන්දා. මොකද යම්තාක් දුරකට හෝ පොලොවේ පය ගහලා ඉන්න මිනිස්සු තමයි එතුමගේ ලව් ස්ටෝරි වල ඉන්නේ..!:sorry: (දෙකක් තුනක් කියවලා තියේ. කැරැක්ටර්ස් පොලොවේ පය ගහලා හිටියට සීන්ස් නම් ෂුවර් එකටම පෘථිවියේ වෙන්න පුලුවන් ඒවා නෙමෙයි. එක කතාවක ෆට්ටම සල්ලිකාර රදල පවුලක කොල්ලෙක් යනවා නැන්දලත් එක්කරගෙන කෙල්ල ඉන්න මුඩුක්කුවට මනාලි බලන්න. මැඩියා ඒ පොත කියවන එක එතනින්ම නතර කලා. :lol:)

    හැබැයි අර සුජීවයා මව්බිම පත්තරේට ලියපු කතාවක තිබුණා පරිප්පු හොද්දක් හදන විදිහක් ගැන. මැඩියා අදටත් පරිප්පුව තෙම්පරාදු කරන්නේ ඒකේ තිබුණු විදිහටම තමයි!!!!!:yes::rofl:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මටත්........

    නමුත් සුජීව ප්‍රසන්න අරච්චිට බනින්නේ ඇයි?????

    මෙහෙම කියල තිබ්බේ වෙලාව තිබ්බ නැති නිසා....
    මේකට දිග උත්තරයක් ඕනේ....

    ඇත්තටම ඇයි සුජීව ප්‍රසන්න අරච්චිට බනින්නේ...????

    ලෝක සාහිත්‍ය ගැන අවදානෙන් ඉන්නවා නම් නවකතා ලියන විදි - ආඛ්‍යාන රීතින් - කියල දෙයක් ලෝකේ තියනවා. ඔබ කියවල තියනවා නම් වෛද්‍ය මිකායිල් බුල්ගකොව් ගේ මාස්ටර් සහ මාගරිටා කෘතිය, එක ලියවිලා තියෙන්නේ ඉන්ද්‍රජාලික යථාර්ථවාදය (magical realism) කියන ආඛ්‍යාන රීතියෙන්. ඒ එම රීතියට අනුව ලියන ලද පළමු කෘතිය විදියට සැලකෙනවා. ඔය වගේම යතාර්ථවාදී, භෞතිකවාදී, දයාලෙක්තිකවාදී ආදී වශයෙන් ඔය රීතින් සෑහෙන්න තියනවා.

    ලංකාවේ නවකතාකරුවන් කරලා තියෙන්නේ ඔය කියන ලෝක සාහිත්‍ය රීතින් අනුව තමන් ගේ කෘති කරපු එක. සයිමන් නවගත්තේගම අම්බානක් යතාර්ථවාදී නවකතාකරුවා මම දැකල තියන.....

    අපේ සාහිත්‍යකරුවන් අලුත් ආඛ්‍යාන රීතියක් නිර්මාණය නොකලාට, සුජීව එහෙම එකක් නිර්මාණය කරලා තියනවා. මම එහෙම කියන්නේ ලෝක සාහිත්‍ය තුල මම කිසිම තැනක සුජීව ලියන ආඛ්‍යාන රීතියට ලියන ලේඛකයෙක් දැකල නැති නිසා.

    මම සුජීවගේ මේ නව ආඛ්‍යාන රීතිය නම් කරන්නේ පැණි-හොටු-කදුළු රීතිය කියලා.....මොකද මිනිහ ලියපු නවකතා ඔක්කොම පැණි පෙරෙන, කියවන එකා හොටු හූර හූර - අඩ අඩා කියවන්න වෙන ඒවා නිසා.......

    ඉතීම් එහෙම නව ආඛ්‍යාන රීතියක් නිර්මාණය කරපු ඔය මනුස්සයට බනින්නේ අයි??????

    ප.ලි.

    සුජීවගේ මට තියන ගැටලුව වෙන එකක්.
    සුජීව අර උඩ කියල තිබ්බ විදියටම මාකට් කරන්න රුසියෙක්. ඔහුගේ ටාගට් population එක ගාමන්ට් යන, පොඩි රස්සා කරන නැත්තන් ගෙදර ඉන්න කෙල්ලෝ කොල්ලෝ සෙට් එක. මොවුන් ඔහුගේ පොත් ගන්න තමන්ගේ වැටුපෙන් සෑහෙන්න වියදම් කරනවා. ඇයි දෙයියනේ, ආත්මීය නවකතා-කරු නෙහැ!!!!!

    ඉතීම් ඔය හොටු පෙර පෙර ඕව කියවන නම්කිලගේ මල්ලිලාගේ සල්ලිවලට පින් සිද්ද වෙන්න සුජීව පන්නිපිටියේ ගෙයක් හදා ගන්නවා තට්ටු තුනට තුනම AC කරලා.....

    හැබැයි පොරගේ පොත් කියවන උන් කවදාවත් ජිවිත පරිවින්ඥායයක් ලබල එහෙම වෙන්නේ නෑ. හේතුව පොරගේ පොත් කියෙව්වට එහෙම ඔලුව හැදෙන්නේ නැති එක......

    කලාකෘතියක් මගින් එය සේවනය කරන්නා ආනන්දයෙන් ප්‍රඥාව කරා එලබවිය යුතුය කිව්වේ රොබර්ට් ෆ්රෝස්ට්.

    මගේ ගැටලුව සුජීවගේ පොත් කියවන එකාට ආනන්දෙවත් නාලන්දෙවත් සෙට් නොවීම ඌ නිකන්ම නිකන් රොමැන්ටික් වල් බුරුවෙක් වීම......
    :angry::angry:
     
    • Like
    Reactions: upulpdn

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක නේන්නම්! එහෙව් මොඩර්න් ඒජ් ගාන්ධර්වයෙකුට බනින්නේ මොන හිතකින් ද?? :D:yes:

    මෙහ් මොන හුයන්නක් ද?:angry::angry:
    යකෝ ගාන්ධර්වය කියන්නේ සංගීත කාරයෙක්ට......

    නොදකින් හුලන් අස්පයා සිංහල දැනන් කොටපිය.....:angry::angry::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    කලාකෘතියක් මගින් එය සේවනය කරන්නා ආනන්දයෙන් ප්‍රඥාව කරා එලබවිය යුතුය කිව්වේ රොබර්ට් ෆ්රෝස්ට්.

    මගේ ගැටලුව සුජීවගේ පොත් කියවන එකාට ආනන්දෙවත් නාලන්දෙවත් සෙට් නොවීම ඌ නිකන්ම නිකන් රොමැන්ටික් වල් බුරුවෙක් වීම......
    :angry::angry:
    :rofl::rofl::rofl::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කාටවත් කරදරයක් නැතුව මල් පොතක් ලියාගෙන පාඩුවේ ඉන්න සුජීවට බනින්නේ මොන හිතකින්ද මම අහන්නේ :no:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒක නේන්නම්! එහෙව් මොඩර්න් ඒජ් ගාන්ධර්වයෙකුට බනින්නේ මොන හිතකින් ද?? :D:yes:

    මෙහ් මොන හුයන්නක් ද?:angry::angry:
    යකෝ ගාන්ධර්වය කියන්නේ සංගීත කාරයෙක්ට......

    නොදකින් හුලන් අස්පයා සිංහල දැනන් කොටපිය.....:angry::angry::angry:

    කිඹුලෙක් විසින් ගෙම්බෙක් ට අස්පයා කියු එ සොදුරු මොහොත:rofl::rofl::rofl::lol::lol::lol::rofl::rofl::rofl::lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොනා හරි කියපන්කො බන් උපුලෝ.....
    නෑ ඉතින්. මම ටාර්සන්, මොන්ත ක්‍රිස්තෝ, ආතර් සී ක්ලාක්ගේ පොත් පිස්සුවෙන් කියවද්දි යාලුවෙක් දෙන්නෙක් හිටියා සුජීව ප්‍රසන්නගේ පොත් කියවන අය. උන් මොනා නැතත් ඒ පොත් වල තියෙන ශෘංගාරාත්මක කොටස් ටික තෝරගෙන ඇවිත් මටත් පෙන්නලා ඒවා කියවන්න උද්‍යෝගිකලා... අර වගේ පිටු දෙක තුන කියවලා අහිංසක වින්දනයක් විඳපු නිසා සුජීවයට මොකුත් කියන්න හිත දෙන්නේ නෑ. හිතෙන් විතරක් කෙල්ලොන්ට ආදරේ කරන අයට යම් ආශ්වාදයක් ලබා දුන්නු රචකයෙක්නේ. :D