✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

mangabks

Active member
  • Sep 10, 2018
    167
    98
    28
    වන දරුවෝ

    කැප්ටන් මැරියට් ගේ Children of the New Forest පොතේ සිංහල පරිවර්තයන..පොඩි කාලේ ආසාවෙන් කියවූ දැනටත් ආසාවෙන් කියවන්න පුළුවන් පොතක්..

    wana-daruwo-195x300.jpg


    Download - http://bit.ly/2Fr0Stq
     

    mangabks

    Active member
  • Sep 10, 2018
    167
    98
    28
    රහස් කුමන්ත්‍රණය (Bigglesworth) - ජී. බී දිසානායක

    රහස් කුමන්ත්‍රණය (Bigglesworth) - ජී. බී දිසානායක

    rahas-kumantharanaya-195x300.jpg


    කැප්ටන් ඩබ්ලියු.ඊ.ජෝන්ස් ගේ කෘති පෙළක් ඇසුරින් පී.බී.සේනනායක මහතා විසින් බිගල්ස් වර්ත් ගුවන් වික්‍රම ලෙසින් සිංහලට පරිවර්තනය කෙරෙන පොත් පෙළේ තවත් එක් පොතක් - රහස් කුමන්ත්‍රණය

    Download - http://bit.ly/2FJWKnk


    :yes::yes::yes::yes::yes:
     

    mangabks

    Active member
  • Sep 10, 2018
    167
    98
    28
    පාලම යට - කුලසේන ෆොන්සේකා

    පාලම යට - කුලසේන ෆොන්සේකා

    palama-yata-kulasena-fonsek-195x300.jpg


    ඒකාකාර ගම් කතාවලින් බැහැරවූ යතාර්තවාදී සිංහල නව කතාවකි දුප්පතුන් ලොක්කන් වන ලොක්කන් සොක්කන් වන ජීවිත ගංගාවේ හරස්කඩක් පිලිබිබුවන කෘතියක් !

    Download - http://bit.ly/2FJRlMX


    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    mangabks

    Active member
  • Sep 10, 2018
    167
    98
    28
    කුංචනාද - ජේ ඊ ගුණසේකර

    කුංචනාද - ජේ ඊ ගුණසේකර

    kuncha-naada-195x300.jpg


    'කුංචනාද' ප්‍රථම සෝවියට් විද්‍යා ප්‍රබන්ධ ලේඛකයා වන ඇලෙක්සැන්ඩර් බෙලායෙෆ් ගේ කතා එකතුවක් වන ' මහාචාර්ය වැග්නර් ගේ ජීවිත කතාව' නම් වන කෘතියෙහි එන 'Hoity-Toity ' නම් කතාවේ පරිවර්තනයයි.

    එය සිංහලට පරිවර්තනය වන්නේ විද්‍යා ප්‍රබන්ධ පරිවර්තනයෙහි ජනාධිපති සම්මාන පවා දිනූ ජේ ඊ ගුණසේකරයන් අතිනි.

    මේ පරිවර්තනය මුල් වරට මුද්‍රණය වූයේ 1980 වසරෙහිදීය.

    මේ නම් අපූරු කතාවකි. අලියෙකු තුල ලැඟුම් ගන්න මිනිස් මොළයක කතාවකි. එය විද්‍යා ප්‍රබන්ධයක් පමණක් නොවේ. මිනිසෙකුට තිරිසනෙකුගේ දිවිය ගෙවන්නට සිදුවූවිට මිනිසාගේ සැබෑ තතු පෙනෙනයුරු මින් මනාව පහදයි.

    'කුංචනාද' ඔබත් කියවිය යුතු පොතකි.

    පොත කියවන්න මෙතැනින් - http://bit.ly/2UiFobp
     

    mangabks

    Active member
  • Sep 10, 2018
    167
    98
    28
    ගිජු ලිහිණියා [ජේම්ස් බණ්ඩා 2]

    ගිජු ලිහිණියා [ජේම්ස් බණ්ඩා 2]
    කතෘ -ඩීමන් ආනන්ද


    giju-lihiniya-195x300.jpg


    "සර් "මිනිහ යන්තම් බේරුනා "වේටර් තැන සරදම් ස්වරයෙන් කීය."කවුද මාටින් ඒ ?"

    බ්‍රිගේඩියර් ප්‍රශ්නාන්විත බැල්මක් හෙළිය ."මම අදුරන්නේ නැහැ සර් .ඔය මිනිහ මෙහෙ ආ පලවෙනි වතාව "කියට විතරද මිනිහ මෙහෙ ආවේ ?"

    "සර් එන්න විනාඩි ගනනකට කලින් .ඇවිත් සර් ගැන ඇහුව මට සැක හිතුනේ ඒ හින්ද සර් .ආපු හැටියේම මම "මෙනු"කාඩ් එකේ ඒ මේසේ නොම්මරේ සදහන් කලේ ඒ හින්දයි "

    "මාටින් පත්තරේ ගෙනත් දුන්නේ නැත්නම් මට මිනිහට වෙඩි තියන්න ලැබෙන්නේ නැහැ .උගේ හිතේ මම පත්තරේ බලනවයි කියල .නමුත් මගේ ඇස් තිබුනේ උගේ දිහා ."කොයි හැටි වෙතත් මගේ ජිවිතේ බේරුවට මාටින්ට බොහොම ස්තුතියි .බ්‍රිගේඩියර් එම කෘතඝතා පුර්වකව පැවසිය .

    "මම සර්ට කැමතියි .රට ජාතියට කරන සේවය නිසා මට එක වෙලාවකට සර් ගැන ආඩම්බර හිතෙනවා.ඒ නිසාම තමයි මෙතනට යන එන සැකකටයුතු මිනිස්සු ගැන මන් සෙවිල්ලෙන් ඉන්නේ උන් දන්නවා සර් මෙහාට නොවරදවාම එන බව .අනික් දවසේ සර්ට හානියක් කරන්න එන එකා මරන්නේ මම ".....වෙටරයා උද්වේගයෙන් යුතුව පැවසුවේය.



    Download Link - http://bit.ly/2FMy5P2
     

    mangabks

    Active member
  • Sep 10, 2018
    167
    98
    28
    බිහිසුණු උරුමයක අභිරහස - පර්වර්තනය පූජිත &#348

    පෙරී මේසන් අධිකරණ රහස් පරීක්ෂණ කථා මාලාව

    බිහිසුණු උරුමයක අභිරහස - පර්වර්තනය පූජිත කරුණාරත්න

    bihisunu-urumayaka-abhiraha-195x300.jpg


    ඒ "අර්ල් ස්ටැන්ලි ගාඩ්නර්" නැමැති ඇමෙරිකාණු ලේඛකයා විසින් රචිත "පෙරී මේසන් අධිකරණ රහස් පරීක්ෂණ" කථා මාලාව මෙරට රහස් පරීක්ෂක කතා වලට ප්‍රිය කරන ඔබට තවත් අලුත් අත්දැකීමක් වනු ඇත.

    1930-1940 දශක වල ඇමෙරිකාණු ජන ජීවිතය පසුබිම් කරගෙන ලියැවුන මේ පොත් පෙල කොතරම් ජනප්‍රියත්වයට පත් වූවේද යත් "අර්ල් ස්ටැන්ලි ගාඩ්නර්" අදටත් වැඩිම අලෙවියක් වර්තා කල ඇමෙරිකාණු ලේඛකයන් කිහිප දෙනා අතර සිටී.

    සාම්ප්‍රදායික ආරේ රහස් පරීක්ෂක කථා වලට වඩා වෙනස් ආරක් ගත් මේ කථා මාලාවේ කථා නායකයා වන්නේ "පෙරී මේසන්" නැමැති නීතිඥවරයෙකි. මෙහිදී බොහෝ විට වන්නේ ඔහු විසින් තම සේවාදායකයින් විසින් තමන් වෙතට ඉදිරිපත් කරන ලද ගැටලු වලට අදාල සත්‍ය එලිදරව් කොටගෙන තම නිර්දෝෂී සේවාදායකයන්ව නීතියේ රැහැනෙන් මුදවා ඒ වෙනුවට සැබෑ වැරැදිකරුවාව නීතියේ රැහැනට හසු කර දීමයි.

    එහිදී ඔහු විසින් සැබෑ අපරාධ කරු සොයා ගැනීම සදහා ගනු ලබන ක්‍රියා මාර්ග, ත්‍රාසජනක ලුහුබැදීම් මෙන්ම අධිකරණ සංකීර්ණය තුලදී සක්ෂි කරුවන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීම තුලින් සැබෑ අපරාධ කරු කවරෙක්ද යන්න ජූරි සභාවක් හමුවේ ඔප්පු කර පෙන්වන ආකාරය ඉතාමත් රසවත් හා ත්‍රාසජනක ලෙස මේ කථා තුලින් විස්තර වේ.

    එම පොත් පෙලේ එක පොතක් වන බිහිසුණු උරුමයක අභිරහස කියවන්න මෙතනින් - http://bit.ly/2Usa4qD
     

    mangabks

    Active member
  • Sep 10, 2018
    167
    98
    28
    සන්ධ්‍යා තීර්ථය - රත්න ශ්‍රී විජේසිංහ

    kX6Xzwq.png


    මෙවැනි කවි ඇතුලත් සම්පූර්ණ කවිපොත කියවන්න මෙතනින් - http://bit.ly/2UoQg7s
     

    mangabks

    Active member
  • Sep 10, 2018
    167
    98
    28
    දොස්තර හොඳහිත සහ අභිරහස් දූපත

    දොස්තර හොඳ හිතාගෙ කතන්දර මාලාව

    දොස්තර හොඳහිත සහ අභිරහස් දූපත

    hitha-hoda-dosthara-195x300.jpg


    සම්පූර්ණ පොත කියවන්න මෙතැනින් - http://bit.ly/2G1V88A
     

    mangabks

    Active member
  • Sep 10, 2018
    167
    98
    28
    මග දිගට ජනකතා - ඩී.පී වික්‍රමසිංහ

    maga-digata-janakatha.jpg


    මගදිගට ජනකතා නම් වූ මෙම කෘති ද්විත්වය උඩරට, පහතරට, රජරට කේන්ද්‍ර කොටගත් විවිධ ගම්වල සිදුවී ඇති ජනකතා හා ජනප්‍රවාද ඇසුරින් ලියවුවකි. ඒ අතරම විවිධ රජවරුන් හා සම්බන්ධ ජනකතාද ඒ අතර වේ.

    මෙමෙ කෘතිය ලිවු ඩී.පී. වික්‍රමසිංහයන් වෘත්තියෙන් ගුරුවරයෙකි. ඔහු ඉගැන්වීම් කල කාලය තුලදී ඒ ඒ ගම් වල පවතින ජනකතා තම පොතක සටහන් කර ගැනීම පුරුද්දක් කොටගෙන සිටි අයෙකි. ඔහු ඒ කතා සටහන් කර ගත් අතර ඉතිහාස පොත පත ඇසුරු කොටගෙන ඒ ඒ කතාවට අදාල ඓතිහාසික තොරතුරුවල සත්‍ය අසත්‍ය තාවයද තහවුරු කිරීමද සිදු කලේය.
    මේ නිසා ජනකතා වලට අමතරව ඉතිහාස කතා ද ඉගෙන ගත හැකි මාහැඟි කෘති දිවිත්වයකි.

    මෙහි දෙවැනි පොත කතා 26කින් සමන්විතය. එසේම කිසිදු කම්මැලිකමකින් තොරව එක දිගට කියවාගෙන යා හැකි කෘතියක් බව පැවසිය යුතුමය.

    සම්පූර්ණ පොත කියවන්න මෙතනින් - http://bit.ly/2UqUwU1a
     

    mangabks

    Active member
  • Sep 10, 2018
    167
    98
    28
    ඟකාර මහල්ලා - D.P සමරසිංහ

    දඟකාර මහල්ලා - D.P සමරසිංහ

    dagakara-mahalla-195x300.jpg


    හින්දි ලේඛක ආබිද් සුරති ගේ බහත්සර් සාල් කා බච්චා... නවකතාව පරිවර්තනය ඩී.පී.සමරසිංහ මහතා විසිනි.සිනහවෙමින් කියවිය හැකි පොතක් ලෙසත්,මෙය කියවාගෙන යද්දී විනෝදාතමක හින්දි චිත්‍රපටයක් මනසේ මැවී පෙනෙන්නට විය.

    සිය පුතාගේ නිවසට පැමිණෙන පියෙක් හා එහිදි තම මුණුපුරා,ලේලිය ,පුතුගේ කාර්යාලය හා අසල්වැසියන් සමඟ සිදුවන විනෝදාත්මක සිදුවීම් වටා මේ කතාන්දරය ගෙතී ඇත.

    බාල මහලු ඕනෑම වයසක අයෙකුට කියවා රසවිදිය හැකි පොතකි....

    සම්පූර්ණ පොත කියවන්න මෙතනින් - http://bit.ly/2G6XmDN
     

    mangabks

    Active member
  • Sep 10, 2018
    167
    98
    28
    "උභයජීව"

    "උභයජීව"

    මුල් කෘතිය
    The Amphibian by Alexander Belyeav
    පරිවර්තනය : J.E ගුණසේකර

    ubhayajeewa-195x300.jpg


    කිසිම කම්මැලිකමක් නැතුව කුතුහලයෙන් කියවගෙන යන්න පුළුවන් පොතක් කිව්වොත් නිවැරදියි. කතාව සම්පූර්ණයෙන්ම රැඳිලා තියෙන්නෙ උභයජීව තරුණයෙක් මත.

    ඔහු මුලින්ම සාමාන්‍ය තරුණයෙක්. ඒත් පර්යේෂණ කරමින් බොහොම රහසිගත ජීවිතයක් ගෙනියන වෛද්‍යවරයෙක් විසින් ඔහුගෙ ශරීරයේ වෙනස්වීම් කිහිපයක් සිදු කරලා ඔහුව උභයජීව තරුණයෙක් බවට පත් කරනවා.

    ඔහුව මුලින්ම සකස් කරන්නෙ දිය හා ගොඩ දෙකේම සමානව ජීවත් වෙන්න පුළුවන් තරුණයෙක් විදියට. ඒත් ඔහුගෙ හිතුවක්කාර ජීවන රටාව නිසා ඔහු වැඩිපුර කාලය ගත කරන්නෙ දියේ. ඒ නිසා ඔහුට වැඩි වෙලාවක් ගොඩබිම ඉන්න බැරි විදියට ශරීරය හැඩ ගැහෙනවා.

    ඒත් ඒ අතරෙ ඔහුගේ දර්ශන පථයට හසු වෙන්නෙ සුන්දර තරුණියක්. රන්වන් කේෂ කලාපයකින් හෙබි ඈ දුටු මතින් ඔහු ඈට ප්‍රේම කරන්න පටන් ගන්නවා. ඉතින් ඈ ජීවත් වෙන්නෙ ගොඩබිමේ.

    ඔහු ඈ සොයාගන්න තීරණේ කරනවා. ඔහුට වැඩි වෙලාවක් ගොඩබිම රැඳෙන්නත් බැහැ. ඔහුට ඈව සොයාගන්න පුළුවන් වෙයිද? ඒ අතරෙ ලෝක ධනවතුන් වන උවමනාවෙන් මුහුදු පතුලෙ තියෙන මුතු සියල්ල තමන් සතු කර ගැනීමේ උවමනාවෙන් ඔහු හඹා එන කපටි මිනිසුන්ගෙන් ගැලවෙන්න ඔහුට පුළුවන් වෙයිද? ඊටත් මුහුදු ජලය නොමැතිව වැඩි වෙලා ගොඩබිම ජීවත් වෙන්න බැරි ඔහුට තරුණිය සොයාගත්තත් වැඩක් වෙයිද?

    මේ ඔක්කොම ප්‍රශ්න වලට පිළිතුරු සොයාගන්න නම් මේ පොත කියවන්නම වෙනවා..

    සම්පූර්ණ පොත කියවන්න මෙතනින් - http://bit.ly/2Uqjcfo