


මං අතීතය අවුස්සන්න වැඩි ආසාවක් නැහැ බං.. බීපු වෙලාවට නම් කේස් එකක් නෑ.. මේ වෙලාවට මතක් වෙනකොට හිතට මක්කද මක්කද වගේ වෙනවා.. ලව් එක බ්‍රේක් වෙච්ච නිසා නෙමේ මගේ ජීවිතේ කාලකන්නි වෙච්ච නිසා..
මගේ මුල්ම ලව් එක ෆේස්බුක් ලව් එකක්.. හරිම ලේසියට කියාගත්තා.. කිසිම බයක් දැනුණෙ නැහැ.. හැබැයි අද මට හිතෙන්නෙ එදා ඒකිට ආදරෙයි නොකීවා නම් කොයි තරම් හොඳද කියලා.. මොකද ඒ ආදරේ නිසා මගේ ජීවිතේ සෑහෙන්න වැරදුනා බං.. ලයිෆ් එක ගොඩ දාගන්න තිබිච්ච හොඳම කාලෙ මං නැති කරගත්තා.. බොරු ඕන නෑ නේහ්.. මං උසස් පෙළ කලේ කොල්ලන්ගෙ කටේ බලේට.. උන් මාව බලෙන් ක්ලාස් ඇදන් ගියේ.. අපේ ගෙදර නැවතිලා පාඩම් කලේ.. මොකද මට විභාග එපා වෙලා හිටියෙ ඒ දවස්වල.. අතකුත් කඩාගෙන කකුලකුත් කඩාගෙන මොන විභාගද.. අන්තිමේ උන් නිසාම මං විභාගෙ යන්තමින් හරි ගොඩදාගත්තා.. උන් නැත්තං මාත් අංක එකේ ගොබ්බයෙක්.. ඒත් ඉතිං අරකිට ලව් කලේ නැත්තං මං මීට වඩා තැනක ඉන්නවා.. මේ තරම් කට්ට කන්න ඕනත් නෑ සල්ලි හොයන්න.. ඒකිට බැනලා වැඩකුත් නෑ.. මගේ වැරදිනේ.. මං මොකටද ඒකිට ලව් කලේ..
දෙවනි එකටත් මං ආදරෙයි කිව්වෙ ෆේස්බුක් එකෙන්.. හැබැයි එයා හැබැහින් මුණගැහෙන කෙනෙක් හැමදාම.. එතන විශේෂය ආදරයට වඩා මං ඒකිට අනුකම්පා කලා.. බැලින් නම් ඒක මට ඔක්කොම කියලා තියෙන්නෙ බොරු.. ඒකි මං හිතපු චරිතය නෙමෙයි.. ඒක වැඩි කාලයක් තිබ්බෙ නෑ.. මාසයක් වගේ තිබ්බෙ..
තුන්වෙනි එක (දැන් කරන ලව) නම් හූජ්ජ යන සීන් එකක් මචං.. මතක් වෙනකොටත් ඇඟ මක්කද වෙනවා.. ඒකිට ආදරෙයි කියන්න ගියපු දවසෙ මං සෑහෙන ප්‍රශ්න ගොඩකට මැදි වෙලයි හිටියෙ.. ඔන්න එළකිරියෙ චානක මංජුල කියන කොල්ලා දන්නවා.. ඌ තමා මට සෑහෙන්න හෙල්ප් කලේ..
මොකද මට ඒ දවස්වල ජොබ් එකට කෙලවෙයිද, කෙල්ලත් නැති වෙයිද කියන ප්‍රශ්න ගොඩක් හිතේ තිබ්බා.. ජොබ් එක නැති උනොත් මං නන්නත්තාරයි මචං.. ඉන්න ඉඩම පවා උකස් කරලා ණය අරන් තියෙන්නෙ.. ඒ ඔක්කොම බැංකුවට සින්න වෙලා පාරට බහින්න වෙන්නෙ අපිට.. මොකද තාත්තා ජොබ් එක කරන්නෙත් නැහැ.. මමයි පවුලම රන් කරන්නෙ මේ ජොබ් එක කරලා.. ඉතුරු කරපු සතයක්වත් නෑ.. වෙන බිස්නස් එකක්වත් පටන්ගන්න.. ඔය බය තමා මගේ හිතේ තිබ්බෙ.. නැතුව කෙල්ලට ආදරෙයි කියන එක නෙමෙයි..
ඒත් මං දෙකෙන් එකක් වෙච්චාවි කියලා ගේමට බැස්සා බං.. ඒකි මං වෙනුවෙන් අවුරුදු හතරක් ඉවසන් හිටියා.. මං ඒකිට ඉස්සර හතුරෙක්ට වගේ සැලකුවෙ.. එහෙම වෙලත් මට වචනයක් කිව්වෙ නැහැ.. ඒකිට ඕන නම් මට කනට ගහලා එලියට ඇදල දාන්න උනත් තිබ්බා.. මොකද එයාට එහෙම බලයක්, අයිතියක් තියෙනවා.. මං ඒ වගේ බලු වැඩ කරලත් ඒකි මට ආදරේ කලා.. ඒත් මං ඒකිට හතුරකම් කලේ හේතුවක් ඇතිව.. මගේ හිතේ ඒකි ගැන ආදරයක් ඇතිවෙයි කියලා බයට..
බැරිම තැන මේ අවුරුද්දෙ ගේමට බැස්සා.. දෙකෙන් එකක් වෙච්චාවි, නැත්තං ඕන එකක් වෙච්චාවි කියලා.. හැබැයි ඉතිං ප#ය වගේ ආදරේ කියන්න ගියාට වචන ආවෙ නැහැ.. පැය තුන හතරක්ම මං ට්‍රයි කලා කියන්න.. ඒත් මට කියාගන්න බැරි උනා.. ආදරෙයි කියන්නත් බයයි, ඔය අස්සෙ මට ජොබ් එක නැති වෙයි කියන බය උඩින්ම හිතට එන්න ගත්තා.. සිරාවටම මගේ කකුල් වෙව්ලන සයිස් එකටම ආවා.. මොකාද වගේ මං හිටියෙ.. පට්ට අප්සට් එකෙන්..
පස්සෙ මං අපි යමු කියලා යන්න හදනකොට එයා මගේ අතින් අල්ලගත්තා.. මට මොනා හරි කියන්න නේද එන්න කිව්වෙ.. ඉතිං කියන්නකො කිව්වා.. මං කිව්වා පස්සෙ කියන්නම් දැන් වෙලාව නෙමෙයි කියලා.. අන්තිමේ කොහොම හරි එයා මට කලින් ඉස්සර වෙලා ආදරෙයි කිව්වා.. ප්‍රශ්නත් ඔක්කොම විසඳුනා.. දැන් හැපි එකේ ඉන්නවා.. එදා ඉඳන් අද වෙනකන් නම් ප්‍රශ්නයක් නැහැ.. තරහ වෙලත් නෑ.. බැනගෙනත් නෑ.. ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නෑ..

පෞද්ගලික දේවල් දාන එක හොඳ මදි නිසයි මෙහෙම දැම්මෙ මචං..







ඔය හොද මූන දාන් ඉන්න පොන්z ල තමයි ෆේක් වලින් ගේම දෙන්නෙ.
උබේ ත්‍රෙඩ් වලට අවුල් ගිය උන්ව චූන් කොකර පාඩුවේ හිටු. 