කණ පැලෙන්න උණ හැදුනා.
ඔන්න අද තමයි ඔෆිස් ආවෙ, ගිය සතියෙ බ්රහස්පතින්දා වැඩට ආවට පස්සෙ. මාර උණක් බන් හැදුනෙ.. "තල් උණ" ටත් වඩා සැර එකක්. හීතලත් එක්ක සරුවාංගෙම වයිබ්රේට් වෙනව නිකන් භූමිතෙල් ජෙනරේටරේ වගේ.. ඩොකා කිව්වෙ වෛරස් උණ කියල අනේ මන්දා. එපා වෙලා හිටියෙ.. ඇඟට කිසි පණක් නැහැ මට විතරක් නෙවෙයි කුරුං ගොයියත් එහෙමයි... ඊයෙ වෙනකම්ම ඇහැක් ඇරල බැලුවෙවත්, ඔලුව ඉස්සුවෙවත් නැහැ, ලේ වතුර වෙලා හිටියෙ දැන්නම් ඩිංගක් සැනසීමයි. එළකිරියට එන්න වුනෙත් නෑ කී බෝර්ඩ් එක දිහා බැලුවෙත් අද.. කොහොමෙයි දැන් මෙහෙ තත්ත්වෙ...?



