සුප්රකට ජර්මානු ජාතික චිත්රපට අධ්යක්ෂවරයෙක් වුණු "Wim Wenders" විසින්, ප්රවීණ රංගන ශිල්පියෙක් වෙන "Sam Shepard" ගෙ තිර රචනයක් ආශ්රය කරගෙන නිර්මාණය කරපු "Paris, Texas" කියන චිත්රපටය පළමුවරට තිරගත කරනු ලැබුවේ 1984 වසරෙදියි. අපි හොලිවුඩ් චිත්රපටවල සහය චරිත්වලින් ගොඩක් වෙලාවට දැකපු ප්රවීණ රංගන ශිල්පියෙක් වුණු "Harry Dean Stanton" තමයි මේ චිත්රපටියෙ එන 'Travis' කියන ප්රධාන චරිතෙට පණ පොවන්නෙ. අපි නිතර දැකපු "Harry Dean Stanton" ගෙ රගපෑම්වලට එහා ගියපු සුවිශේෂ වගේම විශිෂ්ඨ රංගනයක් මේ චිත්රපටියෙන් බලාගන්න පුළුවන්. "Harry Dean Stanton" හැරුනම Nastassja Kinski, Dean Stockwell, Aurore Clément, Hunter Carson කියන රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් තමයි චිත්රපටියෙ එන උප ප්රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නෙ. චිත්රපටියෙ කතාව පටන් ගන්නෙ කාන්තාරයක් මැද අතරමං වෙලා ඔබ මොබ යන පුද්ගලයෙක්ගෙ දර්ශනයකින්. මං ඊට එහාට කතාව ගැන මුකුත් කියන්න යන්නෙ නෑ,
Western, drama කියන genres වලට අමතරව "Road trip" (road film) කියන genre එකටත් අයිති වෙන මේ චිත්රපටයෙ කැමරාකරණයත් විශිෂ්ට මට්ටමක පවතිනවා. චිත්රපටියෙ කැමරා අධ්යක්ෂණය සිදු කරනු ලැබුවෙ "Robby Müller" විසිනුයි. බොහොම දැකුම්කළු දර්ශන සහ ජවනිකාවන් චිත්රපටියෙ පුරාවටම ඇතුළත් වෙලා තියෙනවා. හුගක් හොද ෆිල්ම් එකක්.
සැ:යු - ෆිල්ම් එකේ "4K remastered version" එක 2022 දි තමයි රිලීස් වුණේ. ඒක තමයි ෆිල්ම් එකේ හොදම blu ray/ digital release එක. "Color correction" එහෙම උපරිමෙම් ම කරලා තියෙනවා ෆිල්ම් එකේ original 35mm film print එක පාවිච්චි කරලා.

චිත්රපටියෙන් ගත්තු රූපරාමු කීපයක් (4K remastered version - 2022)