දැවැන්ත හොලිවුඩ් සිනමා නිර්මාණ ද්විත්වයක් එකම දිනයකදී ඇමරිකාව හා කැනඩාව (Domestic market) තුළ වගේ ලෝකයේ සෙසු රටවලත් එකම දිනයදී තිරගත කිරීම සිදුකරන අවස්ථාවන් කලාතුරකින් දකින්න ලැබෙන අවස්ථාවක් විදිහට සදහන් කරන්න පුළුවන්. මේ වගේ සුවිශේෂ අවස්ථාවක් එළඹෙන මාසයේ, ඒ කියන්නේ ජූලි මාසයේ 21 වැනිදා අපිට අත්දැකීමේ අවස්ථාවක් හිමි වෙනවා. ඒ තමයි ක්‍රිස්ටෝපර් නෝලාන්ගේ ‘Oppenheimer’ සිනමා පටයත් ග්‍රේටා ගර්විග්ගේ 'Barbie' සිනමාපටයත් එකම දිනයකදී ලොව පුරා තිරගත කිරීම ආරම්භ කිරීම යන කාරණය. Cillian Murphy ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන ‘Oppenheimer’ සිනමාපටයට ඔහුට අමතරව Emily Blunt, Matt Damon, Robert Downey Jr., Florence Pugh, Rami Malek, Benny Safdie, Michael Angarano, Josh Hartnett, Gary Oldman සහ Kenneth Branagh වැනි සම්මානනීය වගේම ජනප්‍රිය නළු නිළි කැළකුත් රංගනයෙන් දායක වෙනවා.
Margot Robbie ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන 'Barbie' සිනමාපටයට ඇයට අමතරව Ryan Gosling, Dua Lipa, Kate McKinnon, Helen Mirren, Will Ferrell, John Cena සහ Michael Cera ඇතුළු තවත් ජනප්‍රිය නළු නිළියන් රාශියක්ම රංගනයෙන් දායකත්වය ලබාදී තිබෙනවා. සිනමාපටයන් ද්විත්වයේම නිෂ්පාදන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් ලෙස දැක්වෙද්දි, එකම දිනයේදී තිරගත කිරීම අරඹන මෙම සිනමාපට ද්විත්වය තිරගත කරන පළමු සති අන්තයේදී බොක්ස් ඔෆිස් ආදායම ලෙස කොතෙක් උපයාගනී ද කියන කාරණය වගේම එම සති අන්තයේදී ඇමරිකා සහ කැනඩා බොක්ස් ඔෆිස් දර්ශකයේ (Domestic box office - weekend chart) පළමු ස්ථානය කුමන සිනමාපටය දිනාගනී ද යන කාරණයත් සමාජ මාධ්‍යවල සිටිනා සිනමා ප්‍රේක්ෂකයන් අතර උණුසුම් විවාදයන්ට තුඩු දී තිබෙන කරුණක් බවට මේ වන විට පත්ව තිබෙනවා. ඒ නිසාම එළකිරි සිනමා ප්‍රේක්ෂකයන්ටත් මේ සිනමාපට ද්විත්වය අතරින් පළමු සතියේදී වැඩිම බොක්ස් ඔෆිස් අදායමක් හිමකරගන්න සිනමාපටයත්, මුළු බොක්ස් අදායම ලෙස වැඩිම අගයක් වාර්ථා කරාවියැයි සිතන සිනමාපටය කුමක් ද කියන ප්‍රශ්ණය යොමු කරන්න කැමතියි.
ඕගොල්ලන්ගේ Box Office predictions නුත් දාන්න මෙතන.

චිත්‍රපටි 2 පළවෙනි සති අන්තෙදි ඇමරිකා-කැනඩා බොක්ස් ඔෆිස් දර්ශකයෙ (Domestic Box office market) උපයන ආදායමයි
චිත්‍රපටි 2 තිරගත කරන මුළු කාලසීමාව තුළ ලෝවටා උපයන මුළු ආදායමයි (Total box office gross)
Last edited:

