ඔබත් රටේ දේශපාලන තත්වය ගැන උනන්දු එළකිරිවාසියෙක්ද ?
හැමදාම කියන මැතිවරණ අනාවැකි කිරි ගහට ඇන්නා වගේ හරිගියාද ? 
නොවැම්බර් 16 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ ප්‍රතිපල අනුමාන කර ජයග්‍රාහකයෙක් වෙන්න මෙන්න කදිම අවස්ථාවක්.

එක් එක් අපේක්ෂකයා ලබාගනිවී යැයි ඔබ අනුමාන කරන චන්ද ප්‍රතිශතයන් පහත ආකාරයට ඉදිරිපත්කර තරඟයට ඇතුලත් වන්න
ගෝඨාභය XX.X%, සජිත් XX.X %, අනුර XX.X%
(වෙනත් විකල්ප කණ්ඩායම් වල අගය 100 - ඉහත අගයන්හි එකතුව ලෙස ඉබේම සටහන් වනු ඇත)
නිවැරදි අගයන් සහ ඔබේ අගයන් අතර වෙනසේ එකතුව අඩුම එළකිරිවැසියා ජයග්‍රාහකයා ලෙස නම් කරනු ඇත.
(d = |ගෝඨා% - ඔබේ අනුමානය%| + |සජිත්% - ඔබේ අනුමානය%| + |අනුර% - ඔබේ අනුමානය%| + |වෙනත්% - ඔබේ අනුමානය%|)
නොවැම්බර් 17 දක්වා අනාවැකිය වෙනස් කිරීමට ඉඩ ඇත. තරඟයට ඇතුල්වීම පිළිගත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ට පමණයි.
ඕනෑම අනාවැකියක් ප්‍රතික්ෂේප කිරීමේ බලය කටුස්සා සතුයි
නොවැම්බර් 17 වන දින මැතිවරණ ප්‍රතිඵල නිකුත්වූ පසු ජයග්‍රාහකයා තෝරාගනු ලබන අතර වැරදුන අනාවැකිකරුවන්ට පැනීමට නොමිලේ ලිඳක් කපා දෙනු ලැබේ
Last edited:


