"One Flew Over the Cuckoo's Nest' චිත්‍රපටියේ අපි කවුරුත් වෛර කරපු "Ratched' කියන නර්ස් නෝනා ඔබට මතකද? මේ චරිතයට පණ පොවමින් 1975 වසරේ පැවැත්වුණු 48 වන ඔස්කාර් සම්මාන උළලෙදි වසරේ හොදම නිළියට හිමි ඔස්කාර් සම්මානයෙනුත් පිදුම් ලැබූඌ ප්‍රවීණ රංගන ශිලිපිණියක් වුණු 'Louise Fletcher' මහත්මිය ඊයේ දිනයේදී (සප්තැම්බර් 23) දිවි ගමනට සමුදුන්නා. අභාවප්‍රාප්ත වන විට 88 වැනි වියෙහි පසුවුණු එතුමිය තම දිවි ගමනට සමුදුන්නද ඇය ඇගේ සිනමා දිවිය තුළදී ප්‍රතිනිර්මාණය කරන ලද අපූරු චරිතයන් සිනමා ප්‍රෙක්ෂකයන්ගේ සිත් තුළ අමරණීය වනු නොඅනුමානය.





