බුද්ධ චරිතය බෞද්ධයන්ගෙ මූලික ඉගැන්වීමක් නෙමෙයි. බුදු හාමුරුවො කියල තියෙන්නෙ ධර්මය දකින්නා මා දකී කියල. ඒ නිසා බුද්ධ චරිතය මූලික නෑ. මූලික වන්නේ හේතු ඵල ධර්මය, චතුරාර්ය සත්‍යය, ආර්ය අශ්ඨාංගික මාර්ගය. හරියට බැලුවොත් තියරියක්. අනුගමනය කරන නොකරන එක තමන්ට භාරයි.විශ්වාස කලොත් දිව්‍ය ලෝකෙ නොකලොත් අපායෙ වගේ ෆෝස් කරන්නෙ නෑ. ගුරුවරයා කියූ පමණින්, ඇසින් දුටු පමණින්වත් විශ්වාස නොකර තමන් හොයල බලල දෙයක් පිළිගන්න කියලයි බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ. ඒ නිසා බුද්ධ චරිතයවත් පන්සිය පනස් ජාතකයවත් මූලික ඉගැන්වීම් නෙමෙයි. ඒව බුද්ධ චරිතය ගෞරවාන්විතව සමාජයේ සැරිසරන්න පසුකාලීන පරපුර එක්ක අතිෂ්යෝක්තියත් එකතු වෙලා හැදුන ඒව. ඒත් තාමත් බුදු හාමුදුරුවො නිවන් යන්නෙ ලේ අතීසාරය හැදිල. සාමාන්‍ය මනුෂයෙක් විදියට ඉපදිල සාමාන්‍ය මනුෂ්‍යයෙක් විදියටම නිවන් දකින්නෙ.