බිරිඳ නැති වෙලේ නැන්දම්මාට අතවර කරන්න හදලා - බිරිඳයි නැන්දම්මායි පොලිසි ගිය ලැජ්ජාවට පුද්ගලයෙක් දිවි නසා ගනී
තම බිරිඳගේ මවට බලෙන් අතවර කිරීමට තැත්කළ පුද්ගලයකු බිරිඳට අසුවීමෙන් පසුව බිරිඳ සහ මව මේ සම්බන්ධව තඹුත්තේගම පොලිසියට පැමිණිල්ලක් කිරීමට ගිය අවස්ථාවේදී සිය දිවි හානි කර ගැනීමේ සිද්ධියක් තඹුත්තේගම පොලිස් බල ප්‍රදේශයෙන් 7 වැනිදා වාර්තා වී තිබෙන බව තඹුත්තේගම පොලිසිය පවසයි.
බිරිඳ තම දරුවා පෙර පාසලට ඇරවීමට ගිය අවස්ථාවේ දී බිරිඳගේ මව පමණක් නිවසේ සිට ඇත. එම අවස්ථාවේදී සැකකරු ඇයට අතවර කිරීමට තැත් කරමින් සිටියදී ළමයා පෙර පාසලට ඇරලවීමට ගිය බිරිඳ පැමිණ සිදුවීම දැනගෙන තිබේ.
එහිදී කතා බහ දිග්ගැස්සී මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට මව සහ දියණිය ගොස් සිටියදී මොහු නිවස පහළ ගසක එල්ලී සිටින බවට අවට නිවෙස්වල පදිංචිකරුවන් මෙම දෙදෙනාට දුරකථනයෙන් දන්වා තිබේ.
ඉන් පසුව මෙම දෙදෙනා එහි ගොස් බලා සිද්ධිය පිළිබඳව පොලිසියට නැවත දන්වා තිබේ. පසුව මෙම සිද්ධිය පිළිබඳව තඹුත්තේගම නාගරික හදිසි මරණ පරීක්ෂක එන්. හිටිහාමී මහතා පරීක්ෂණයක් පවත්වා තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තා රෝහලේ අධිකරණ වෛද්‍ය කේ.ජී. සම්පත් අරුණ කුමාර මහතා විසින් ලබා දීමෙන් පසුව මෙම මරණය ලාජ්ජාවට පත්වී කරගත් සිය දිවි හානි කර ගැනීමක් බවට මරණ පරීක්ෂක එන්. හිටිහාමී මහතා තීරණය කර ඇත.
source




සමහරවිට... දුවට මාට්ටුවුනාම සම්පූර්ණ වරද පිරිමියගේ පිට පටවන්න ඇති නෝන්ඩි නිසා...
