ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු ලබන වාර්ෂික පොලී අනුපාතික තවදුරටත් වැඩි කිරීමට මෙරට වානිජ බැංකු කිහිපයක් විසින් මේ වන විට පියවර ගෙන ඇත.
ඔවුන් සඳහන් කර සිටින්නේ ක්‍රෙඩිට් කාඩ්පත් හරහා සිදුකරනු ලබන ගනුදෙනු වෙනුවෙන් අයකරනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය 36% ක් දක්වා ඉහළ නංවා ඇති බවයි.
ණය කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය අප්‍රේල් 08 දින තීරණය කරනු ලැබීය.
එම තීරණයෙන් පසු එතෙක් 18% ක්ව පැවති ණය කාඩ්පත් පොලිය 24% ක් දක්වාත් ඉන්පසු ඉන් පසු 30% ක් දක්වාත් ඉහළ යන ලදී.
අද වන විට එය 36%ක් දක්වා වැඩි වී ඇත.
මෙවැනි ඉහළ පොලී අනුපාතිකයක් නියම වී ඇති පසුබිමක් තුළ ක්‍රෙඩිට් කාඩ්පත් හරහා ගනුදෙනු කිරීමේ දී වඩාත් සකසුරුවමින් ඒවා භාවිතා කිරීමට ගනුදෙනුකරුවන් කල්පනාකාරී විය යුතු වේ.
Derana
