🔴👨‍⚕️⚕️ අක්‍රමවත් නිදන රටාව හේතුවෙන් අධි රුධිර පීඩන අවදානම 9% - 15% අතර ප්‍රමාණයකින් ඉහළට ⚕️👨‍⚕️🔴

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,019
    153,081
    113
    how-to-get-a-good-nights-sleep-p8uoe39ver443c26m1xor1xcw5s4wpg86jvsacaens.jpg


    නිදන වේලාවේ සහ කාලසීමාවේ පවතින අක්‍රමවත් බාවයන් හේතුවෙන් අධි රුධිර පීඩන (hypertension) අවදානම අධික වන බව ඕස්ට්‍රේලියාවේ 'Flinders' සරසවියට අනුබද්ධිත වූ "Adelaide Institute for Sleep Health (AISH)" ආයතනයේ වෛද්‍ය පර්යේෂකයන් විසින් සිදුකළ සායනික පර්යේෂණයකදී හෙළි වී තිබෙනවා. මෙම සායනික පර්යේෂණයට සහභාගි වූ පුද්ගලයන්ගෙන් ලබාගත් නිදන පැය මිලියනයකට අධික දත්ත හා අධි රුධිර පීඩන දත්ත ඇසුරෙන් මෙම නිගමනයට ඔවුන් පැමිණ ඇති අතර එහිදී හෙළිවුණේ නිදන වේලාවේ සහ කාලසීමාවේ පවතින අක්‍රමවත් බව හේතුවෙන් අධි රුධිර පීඩන (hypertension) අවදානම 9% සිට 15% දක්වා ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවයි.

    970.png



    එමෙන්ම තවදුරටත් සිදුකළ අධ්‍යයනයන්හීදී 'sleep midpoint' නමින් හදුන්වන නින්ද ආරම්භය සහ අවදි වීම අතර කාලසීමාවේ පවතින අක්‍රමවත් බාවය මිනිත්තු 38 ක කාලයකින් වැඩි කළ හොත් අධි රුධිර පීඩන අවදානම 11% කින් හා 'sleep onset' නමින් හදුන්වන නින්ද ආරම්භය සදහා සිදුකරන ප්‍රමාදය මිනිත්තු 31 දක්වා වැඩිකළහොත් අධි රුධිර පීඩන අවදානම 29% කින් ඉහළ යා හැකි බවත් මෙහිදී සොයාගෙන තිබෙනවා.මෙම සොයාගැනීම් සදහා වයස 18 ත් 90 ත් අතර වූ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ කාන්තා හා පිරිමි පුද්ගලයන් 12,300 කගේ නින්ද හා රුධිර පීඩනය 'under-mattress sleep device' හා 'portable blood pressure monitor' යන උපකරණයන් යොදාගෙන, මාස 9 ක් පුරා එක්‍ රැස් කරගත් දත්ත උපකාර කොටගෙන තිබෙන අතර නින්දෙහි පවතින අක්‍රමවත් භාවය හේතුවෙන් මෙම පර්යේෂණයට සහභාගි වූ පුදගලයන් 12,300 න් පුද්ගලයන් 2,499 කගේ අධිරුධිර පීඩනය වැඩි වී තිබූ ආකරය ඔවුන්ට නිරීක්ෂණය කිරීමට ලැබී තිබෙනවා.

    මෙම පර්යේෂණය මෙහෙය වූ පර්යේෂකයන් අතර වූ Adelaide Institute for Sleep Health (AISH) ආයතනයේ ආචාර්ය ( doctorate in sleep health and is a sleep health research associate) 'Hannah Scott' මහත්මිය සහ, AISH ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය (doctorate in sleep and respiratory physiology) 'Danny Eckert' මහතා ප්‍රකාශ කර සිටියේ නිතිපතා ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම සෞඛ්‍යයට, මෙහිදී නම් විශේෂයෙන් හෘද සෞඛ්‍යයට කෙතරම් වැදගත් වේද යන්න මෙම පර්යේෂණය ඇසුරෙන් ලබාගත් දත්ත ඇසුරෙන් මනාව පිළිඹිබු වන බවයි.


    මූලාශ්‍ර ලිපිය

    Irregularities in sleep timing and duration linked with increased risk of hypertension



     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,081
    113
    මටත් නින්ද යන්නෙ නෑ මේ දවස් වල
    මදුරුවො කනවා :angry:
    මදුරු කොයිල් නම් පත්තු කරන්න එපා විසයිනේ. ෆෑන් එක දාගන්න. නැත්නම් ඇගපුරාම සිද්ධාලේප ටිකක් ගාගන්න. ඒකෙ තියන පැගිරි තෙල්වලට මදුරුවො වහන්නෙ නෑ. :yes:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මදුරු කොයිල් නම් පත්තු කරන්න එපා විසයිනේ. ෆෑන් එක දාගන්න. නැත්නම් ඇගපුරාම සිද්ධාලේප ටිකක් ගාගන්න. ඒකෙ තියන පැගිරි තෙල්වලට මදුරුවො වහන්නෙ නෑ. :yes:

    ගානව බන්, එත් උන් කෝම හරි බෙඩ් ශීට් එක අස්සෙන් රින්ගල මුනට අනිනවා.

    සිද්දාලෙප ගාන එක පාඩුයි, පැගිරි තෙල් එකක් ගන්න ඕන. :D
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,936
    113
    Gampaha
    නින්දෙන්නං කිසි අඩුපාඩුවක් නෑ. සද්ද බද්ද නැත්තං හෙන ගැහුව වගේ නින්ද යනව....
    ශිෆ්ට් එකට ජොබ් කරන උන්ට අවුල්නෙ මේ කියන විදිහට...

    මටත් නින්ද යන්නෙ නෑ මේ දවස් වල
    මදුරුවො කනවා :angry:
    කැලෑවකද බුදියන්නෙ....


    අහ් සොරි....
    කූඩුව සීල් නැතුව ඇති...
     

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    මටත් නින්ද යන්නෙ නෑ මේ දවස් වල
    මදුරුවො කනවා :angry:
    උඹල වගේ සල්ලි තියන උනුත් බඩගින්නට මදුරුවො කනව කියන්නෙ ඉතින් දුප්පත් මිනිස්සු ගැන මොන කතාද :shocked:
    වේපරයිසර් එකක් ගනින් ඒකට මදුරුවො යනව
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මම කාලෙකට කලින් අධික ඇල්කොහොල් භාවිතය සහ දුම්කොල (සිගරට්, බුලත්විට, තුල් )භාවිතයට පුරුදු උනා. ඒ කාලෙ මම නිදාගන්නෙ පාන්දර 4ත් පහු වෙලා. එතකන් බොනවා රෑ 7-8 ඉඳන්. දිනපතාම මේ චර්යාව. ටික දවසක් යද්දි මට තේරුනා හාට් බීට් එකේ වෙනසක්. හාට් එක වැඩ කරනව අපිට දැනෙන්නෙ නෑනෙ. නමුත් සමහර වෙලාවට මට දැනෙනවා. ඒ වෙලාවට දැනෙනවා බීට් එකක් මිස් වෙනවා. ලප් ඩප් ලප් ඩප් ලප් ඩප් ගගා යන බීට් එකේ ලප් එකක් හෝ ඩප් එකක් මිස් වෙනවා. දවසක් බීලා ඉන්න වෙලාවට පොඩි බර වැඩක් සෙට් උනා. ඒක කලාට පස්සෙ හාට් බීට් එක වැඩි උනා. තත්පරේට හතර පස් සැරයක් බීට් එක ඇහෙනවා. මම කාමරේට ඇවිල්ල සද්දෙට සින්දුවක් දැම්මා. දාල බිම බුදියගත්තා මැරෙනවනම් මැරෙද්දෙන් කීයලා. ඇහැරෙද්දි වැඩේ ශේප්. එදා ඉඳන් මම මොනව පාවිච්චි කලත් ලිමිට් එකට තමා කරන්නේ