නිදන වේලාවේ සහ කාලසීමාවේ පවතින අක්‍රමවත් බාවයන් හේතුවෙන් අධි රුධිර පීඩන (hypertension) අවදානම අධික වන බව ඕස්ට්‍රේලියාවේ 'Flinders' සරසවියට අනුබද්ධිත වූ "Adelaide Institute for Sleep Health (AISH)" ආයතනයේ වෛද්‍ය පර්යේෂකයන් විසින් සිදුකළ සායනික පර්යේෂණයකදී හෙළි වී තිබෙනවා. මෙම සායනික පර්යේෂණයට සහභාගි වූ පුද්ගලයන්ගෙන් ලබාගත් නිදන පැය මිලියනයකට අධික දත්ත හා අධි රුධිර පීඩන දත්ත ඇසුරෙන් මෙම නිගමනයට ඔවුන් පැමිණ ඇති අතර එහිදී හෙළිවුණේ නිදන වේලාවේ සහ කාලසීමාවේ පවතින අක්‍රමවත් බව හේතුවෙන් අධි රුධිර පීඩන (hypertension) අවදානම 9% සිට 15% දක්වා ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවයි.
එමෙන්ම තවදුරටත් සිදුකළ අධ්‍යයනයන්හීදී 'sleep midpoint' නමින් හදුන්වන නින්ද ආරම්භය සහ අවදි වීම අතර කාලසීමාවේ පවතින අක්‍රමවත් බාවය මිනිත්තු 38 ක කාලයකින් වැඩි කළ හොත් අධි රුධිර පීඩන අවදානම 11% කින් හා 'sleep onset' නමින් හදුන්වන නින්ද ආරම්භය සදහා සිදුකරන ප්‍රමාදය මිනිත්තු 31 දක්වා වැඩිකළහොත් අධි රුධිර පීඩන අවදානම 29% කින් ඉහළ යා හැකි බවත් මෙහිදී සොයාගෙන තිබෙනවා.මෙම සොයාගැනීම් සදහා වයස 18 ත් 90 ත් අතර වූ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ කාන්තා හා පිරිමි පුද්ගලයන් 12,300 කගේ නින්ද හා රුධිර පීඩනය 'under-mattress sleep device' හා 'portable blood pressure monitor' යන උපකරණයන් යොදාගෙන, මාස 9 ක් පුරා එක් රැස් කරගත් දත්ත උපකාර කොටගෙන තිබෙන අතර නින්දෙහි පවතින අක්‍රමවත් භාවය හේතුවෙන් මෙම පර්යේෂණයට සහභාගි වූ පුදගලයන් 12,300 න් පුද්ගලයන් 2,499 කගේ අධිරුධිර පීඩනය වැඩි වී තිබූ ආකරය ඔවුන්ට නිරීක්ෂණය කිරීමට ලැබී තිබෙනවා.
මෙම පර්යේෂණය මෙහෙය වූ පර්යේෂකයන් අතර වූ Adelaide Institute for Sleep Health (AISH) ආයතනයේ ආචාර්ය ( doctorate in sleep health and is a sleep health research associate) 'Hannah Scott' මහත්මිය සහ, AISH ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය (doctorate in sleep and respiratory physiology) 'Danny Eckert' මහතා ප්‍රකාශ කර සිටියේ නිතිපතා ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම සෞඛ්‍යයට, මෙහිදී නම් විශේෂයෙන් හෘද සෞඛ්‍යයට කෙතරම් වැදගත් වේද යන්න මෙම පර්යේෂණය ඇසුරෙන් ලබාගත් දත්ත ඇසුරෙන් මනාව පිළිඹිබු වන බවයි.
මූලාශ්‍ර ලිපිය
Irregularities in sleep timing and duration linked with increased risk of hypertension




