🔴 කොලබ දිස්ත්‍රික් ගුපියන් වාර්තා කරන්න !!

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,374
    12,642
    113
    Piliyandala
    කැළණි ගගේ Glencourse, Holombuwa , දැරණියගල ඉදන් හන්වැල්ල දිහාවට වතුර එන ගමන් තියෙන්නෙ. පෑලියගොඩට ලොකු වතුරක් එන්න නියමිතයි. Glencourse, Holombuwa පැය 12ක් තිස්සෙ උපරිම මට්ටමේ තියෙන්නෙ. තාම අඩු නෑ. Glencourse to Peliyagoda 40km apox බැලුවත් Glencourse පොයින්ට් එක උපරිම ලෙවල් එකේ තාම. ඒකියන්නෙ කොහොමත් කඩුවෙල කැළනිය පෑලියගොඩ සම්පූර්ණයෙන්ම යටවෙලා තියෙයි පැය 12 ට වඩා. අතු ගංගාවකින් එන Holombuwa තාම උපරිම මට්ටමේ තියෙන්නෙ. හැබැයි starting point එකයි කිතුල්ගලයි දැන් අඩුවේගෙන යන්නෙ. කොහොමත් මේ දත්තවල හැටියට කඩුවෙල කැළනිය පෑලියගොඩ හරිය අම්මටසිරිවෙන්න යට වීමට නියමිතයි
    අඩේ
     
    • Sad
    • Like
    Reactions: NRTG and MihiCherub

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,623
    125,146
    113
    දෙහිවල
    මරණ 153 - අතුරුදන් 191

    COLOMBO (News 1st); Two MI-17V5 helicopters of the Indian Air Force (IAF) touched down in Sri Lanka this evening to bolster ongoing Search and Rescue (SAR) operations.

    The aircraft carried 22 personnel along with essential Humanitarian Assistance and Disaster Relief (HADR) supplies to support relief efforts in flood-affected regions.

    The helicopters were captained by Wing Commander Nagesh Kumar and Wing Commander Mukul Mahajan, who will lead their mission teams in close coordination with Sri Lankan authorities to ensure swift and effective response.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176

    2016 ට වඩා maarila නේද 106 ද කොහෙද එදා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    Holombuwa ට අදාල වාන් දොරටු කිහිපයක් වහල තියෙන්නෙ. Holombuwa දැන් කිසිම flood risk රිස්ක් එකක් නෑ. කැලණි ගගට වතුර එකතුවෙන දැරණියගලත් flood risk නෑ. කිතුල්ගලිනුත් නෑ. අවිස්සාවෙල්ල පොයින්ට් එකේ වතුර මට්ටම තාම peak but downtrend තියෙන්නෙ. අඩු වෙනව. ඒකියන්නෙ දැන් කැළනි ගගේ ඒ ටිකේ flood risk එක ඉවරයි. අලුතෙනුත් නෑ හැබැයි හන්වැල්ල peak දැන් අඩුවෙනවා. හන්වැල්ලෙ ඉදන් පෑලියගොඩ දක්වා peak මට්ටමෙන් එන වතුර ටික විතරයි තියෙන්නෙ. මෙච්චර වෙලා ගලපු මහාජලකදේ අවසානය දැන් හන්වැල්ල පෑලියගොඩ අතර තියෙන්නෙ. එකම අවුල දැන් ෆ්ලඩ් වෙලා ඉවර නිසා තව ඈතට වතුර යනව මිසක් ලොකුවට මට්ටම උස යන්න විදියක් නෑ. අඩ්යක් දෙකක් වැඩිවෙයි. තව වැඩිපුර ජනතාවකට කරදර වෙනව. හෙට උදේ වෙද්දි ඉවර වෙයි. මේ යන විදියට පෑලියගොඩ මේජර් ලෙවල් එකට හිට් වෙන එකක් නෑ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,905
    17,139
    113
    Kottawa
    මම මේ වෙලාවෙ ඉන්නෙ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළෙ. සරලවම 117ට එන කෝල්ස් සියල්ලම එන තැන.

    මේ මොහොතේ DMC එක ඇතුලේ සිද්ධ වෙන්නේ, ඉතාම සංකීර්ණ මෙහෙයුමක්. මේ 117 මැදිරිය ඇතුලේ සිද්ධ වෙන්නේ ජීවිත බේරගන්න කරන යුද්ධයක්. මේ වෙලාවේ ත්‍රිවිධ හමුදාවම (Army, Navy, Air Force) සහ පොලිසියේ විශේෂ ඒකක, DMC නිලධාරීන් සහ ස්වේච්ඡා සේවජයෝ එක්ක එකතු වෙලා එකම මේසෙක වාඩි වෙලා, එකම ටීම් එකක් විදිහට මහා ඔපරේෂන් එකක් රන් කරනවා.

    මෙතන එකම ටාගට් එක "Queue Zero". ඒ කියන්නේ පෝලිමේ කෝල් තියාගන්නෙ නැතුව පුළුවන් උපරිම වේගෙන් එන හැම කෝල් එකකටම ආන්සර් කරන එක. නුවරඑළිය, ගම්පොළ වගේ පැතිවල එක පාරටම සිග්නල් නැති වුණාම, මේ නිලධාරීන් පොලිසියේ සහ හමුදාවේ රේඩියෝ මැසේජ් සිස්ටම් පාවිච්චි කරලා තමයි බිම් මට්ටමේ තොරතුරු හුවමාරු කරගන්නේ. 117 ලයින් බිසී වෙනකොට හෝ සිස්ටම් ඩවුන් වුනොත්, CDMA සහ මොබයිල් ෆෝන් ලයින් 20ක් 30ක් එක පාර ඔන් කරගෙන ටෙලිකොම් එකත් එක්ක එකතු වෙලා ඒ වෙලාවෙම කෝල්ස් ඩයිවර්ට් කරගෙන හරි මිනිස්සුන්ව කන්ටැක්ට් කරගන්න මේ අය පුදුම මහන්සියක් වෙනවා. ඒ නිසා කෝල් එකක් ගත්තම නිලධාරියා ඉක්මනට විස්තරේ අහලා ෆෝන් එක තිබ්බොත් තරහ වෙන්න එපා, එයා එහෙම කරන්නේ තව ජීවිතයක් බේරගන්න තියෙන තත්පරේ ඉතුරු කරගන්න.

    අද රෑ මුහුණ දෙන්න තියෙන තත්ත්වය භයානකයි - අපි හිතනවට වඩා මරණ සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්
    🥺

    කණගාටුවෙන් වුණත් කියන්න තියෙන ඇත්තම දේ මේකයි. මේ වෙනකොට වාර්තා වෙන මරණ සංඛ්‍යාවට වඩා, වාර්තා නොවුණු, පස් යට වුණු හෝ වතුරට ගහගෙන ගිය ජීවිත ගාන දෙතුන් ගුණයකින් වැඩි වෙන්න පුළුවන්. අද රෑ වෙනකොට මේ තත්ත්වය 2016 ගංවතුරටත් වඩා දරුණු වෙන්න නියමිතයි. මේක සාමාන්‍ය ගංවතුරක් නෙවෙයි.

    කැලණි ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින්නේ. හංවැල්ල, කඩුවෙල, බියගම, කොලොන්නාව, කොළඹ, වත්තල ආදී කැලණි ගඟ දෙපස පහත්බිම් වල ඉන්න ජනතාවට කියන්නේ, වතුර එනකම් ඉන්න එපා. මේ දැන්ම, මේ මොහොතෙම ඉවත් වෙන්න.
    ඔබ හිතාගෙන ඉන්නේ "වතුර ආවම බෝට්ටුවක් ගෙන්න ගන්නවා" කියලා නම්, කරුණාකරලා ඒ මෝඩ තීරණය ගන්න එපා.

    බෝට්ටු ටැක්සි සේවාවක් නෙවෙයි: එක පාර ගම් පිටින් යට වෙනකොට හැම ගෙදරකටම එවන්න බෝට්ටු දහස් ගාණක් නෑ.

    එන්න බැරි හේතු තියෙනවා. ගංවතුරක් අස්සේ හිතුමනාපෙට බෝට්ටු පදින්න බෑ. යට තියෙන තාප්ප, කම්බි වැටවල් සහ භයානකම දේ "ලයිව් වයර්" (Live Wires). වතුරට වැටිලා තියෙන ලයිට් කණු සහ කරන්ට් වයර් නිසා බෝට්ටු දාන්න බැරි තැන් ඕන තරම් තියෙනවා.

    එඩිතර මෝඩ තීරණ නවත්තන්න

    ගොඩක් වෙලාවට ගෙදර ගෘහ මූලිකයා කියනවා "ඔයාලා යන්න මම ගේ බලාගෙන ඉන්නම්" කියලා අම්මවයි දරුවොයි යවනවා. මේක තමයි ලොකුම ඛේදවාචකය. ගෙදර බඩුමුට්ටු, රත්තරන් බඩු රැකගන්න ගිහින් තාත්තා ගෙදර හිර වුණොත්, හෙට උදේට ඒ දරුවන්ට තාත්තා කෙනෙක් නැති වෙනවා. ගෙයක් ආයේ හදාගන්න පුළුවන්, බඩු ආයේ ගන්න පුළුවන්. හැබැයි ජීවිතේ ආයේ ගන්න බෑ.

    කරුණාකරලා තේරුම් ගන්න, මේ වෙලාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ස්වෙච්ඡා සේවකයින් තමන්ගේ Maximum Capacity එකෙන් වැඩ කරන්නේ. එයාලා නිදි මරාගෙන, බැනුම් අහගෙන මේ දඟලන්නේ ඔබේ හුස්ම ටික රැකලා දෙන්න. එයාලට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි, වතුර එන්න කලින්, අන්තිම මොහොත වෙනකම් බලන් ඉන්නෙ නැතුව ආරක්ෂිත තැනකට යන එක.

    රතු නිවේදන දුන්න ප්‍රදේශයක නම් ඉන්නේ..වැඳලා කියන්නම්, දැන්ම පිටවෙන්න. හෙට දවස ගැන හිතන්න එපා, අද රෑ ජීවත් වෙලා ඉන්න එක ගැන විතරක් හිතන්න. අද රෑ ජීවත් වෙලා හිටියොත් හෙට දවසෙ නැගිටින්න පුළුවන්
    🙏

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,905
    17,139
    113
    Kottawa
    🚨
    Kelani River Flood Situation Update - 09.00 PM, 29 November
    ⭕️
    Nagalagam Street water level has risen to 6.65 ft; the official Major Flood level is 7 ft. Upstream water is now slowly reaching Colombo.
    ⭕️
    During the 2016 floods, Nagalagam Street water level peaked at 7.64 ft.
    ⭕️
    Given the fact that, Glencourse is still recording water levels above Major Flood level. Tomorrow, Nagalagam Street could rise above 8 ft.
    ⭕️
    There's a high chance it will remain above Major Flood level for at least a couple of days.

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,777
    2,800
    113
    Holombuwa ට අදාල වාන් දොරටු කිහිපයක් වහල තියෙන්නෙ. Holombuwa දැන් කිසිම flood risk රිස්ක් එකක් නෑ. කැලණි ගගට වතුර එකතුවෙන දැරණියගලත් flood risk නෑ. කිතුල්ගලිනුත් නෑ. අවිස්සාවෙල්ල පොයින්ට් එකේ වතුර මට්ටම තාම peak but downtrend තියෙන්නෙ. අඩු වෙනව. ඒකියන්නෙ දැන් කැළනි ගගේ ඒ ටිකේ flood risk එක ඉවරයි. අලුතෙනුත් නෑ හැබැයි හන්වැල්ල peak දැන් අඩුවෙනවා. හන්වැල්ලෙ ඉදන් පෑලියගොඩ දක්වා peak මට්ටමෙන් එන වතුර ටික විතරයි තියෙන්නෙ. මෙච්චර වෙලා ගලපු මහාජලකදේ අවසානය දැන් හන්වැල්ල පෑලියගොඩ අතර තියෙන්නෙ. එකම අවුල දැන් ෆ්ලඩ් වෙලා ඉවර නිසා තව ඈතට වතුර යනව මිසක් ලොකුවට මට්ටම උස යන්න විදියක් නෑ. අඩ්යක් දෙකක් වැඩිවෙයි. තව වැඩිපුර ජනතාවකට කරදර වෙනව. හෙට උදේ වෙද්දි ඉවර වෙයි. මේ යන විදියට පෑලියගොඩ මේජර් ලෙවල් එකට හිට් වෙන එකක් නෑ.
    2016 tharam case wenne ne kiyalada hithenne?
     
    • Like
    Reactions: NRTG

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    2016 tharam case wenne ne kiyalada hithenne?
    හැබැයි දැන් 6.75 තියෙන්නෙ. තව ලොකු වතුරක් හංවැල්ලෙ ඉදන් කොලබට එනව. ඒක එකදිගටම එන්නෙ නෑ. අවිස්සාවෙල්ලෙ කලින්ට වඩා දැන් වතුර අඩුයි. මෙහෙට දවසටම පොඩි වැස්සක් වත් නෑ. එතකොට ගගට වෙනම වතුර එකතුවෙන්නෙත් නෑ. මේ එන වතුර ගගේ පහත්බිම් වලට බෙදිල යනකොට 8 ඕල්මෝස්ට් වගේ තමා. 2016 7.64 මේජර් ලෙවල් එක 7 තියෙන්නෙ. ඒ නිසා සැකයේ වාසිය බලන්නෙ නැතුව අයින් වෙන එක තමා හොදම දේ. 7 කියන්නෙත් ලොකු රිස්ක් එකක්.
     
    • Like
    Reactions: CoolMan88 and Max_r