🔴 මස් මාළු එලවලු ගිනිගණන් යයි..මහජනතාව අමාරුවේ...

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    boru kiyana epa ban, me balapanko huththalal ponnasingha kiyanne ehema neha kiyala

    රටේ කිසිදු හිඟයක් නෑ - ආර්ථිකය ප්‍රකෘතිමත් - රුපියලත් හොඳායි - මහබැංකු අධිපති CNBC සමග​



    ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ තාවයකින් තොරව පාරිභෝගිකයින්ට ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත් ආනයන සීමා ද ලිහිල් කර ඇති බවත් ඇමරිකාවේ සී එන් බී සී ව්‍යාපාර පුවත් නාළිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක දී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසා තිබේ.
    මෙම සාකච්ඡාවේදී මෙසේ විමසයි


    මහ බැංකු අධිපතිතුමනි, ඔබ කොහොමද ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ පාරිභෝගිකයින්ගේ උද්යෝගය දැන් දකින්නේ?

    පෙර පැවති තත්වය හා වර්තමාන තත්වය පිළිබඳ සලකා බැලීමේදී දැන් කිසිදු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් නැහැ. ඒ වගේම ඉන්ධන හා ගෑස් මිලද දැන් පහල යමින් පවතිනවා. රජය දැන් ආනයන සීමා බොහොමයක් නිදහස් කර තිබෙන අතර ඉදිරියේදී තවදුරටත් ආනයන සීමා නිදහස් කිරීමට කටයුතු කරනවා.

    සියලුම දත්ත මගින් පෙන්වා දෙන්නේ පාරිභෝගිකයන්ගේ විශ්වාසය නැවත ඇති වී ඇති බවයි. ඒ වගේම රුපියල මේ වසරේ ගත වූ කාලයේදී ශක්තිමත් වෙමින් පවතිනවා. ඒ වගේම ඔබට දැකගත හැකි කොටස් වෙළඳපොල මිල දර්ශකය ඉතා ධනාත්මක ලෙස පවතිනවා.

    ඒ නිසා පාරිභෝගිකයන්ගේ රුචිකත්වය ඉහළ යෑමත් සමඟ ඉල්ලුමද දැන් ඉහළ යමින් තිබෙනවා.

    එනිසා ආර්ථිකය ප්‍රකෘතිමත් වීම වසරේ දෙවන අර්ධයේදී දැකගත හැකි අතර එය ඉදිරියටම එලෙසම පවතිනු ඇති බවට අපි සිතනවා.

    මේ අතර 2023 වසරේ ජුනි මසදී මෙරටට ලැබුණු විදෙස් ප්රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 675.7 බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා. ජනවාරි සිට ජුනි දක්වා ලැබුණු විදෙස් ප්රේෂණ එකතුව ඩොලර් මිලියන 2822 .6 බවයි මහබැංකුව වැඩිදුරටත් පවසන්නේ. එය පසුගිය වසරේ පළමු අර්ධය හා සංසන්දනය කිරීමේදී සියයට 75.3 ක වැඩිවීමක් බවයි වාර්තා වන්නේ.
     
    • Like
    Reactions: haunte and NRTG

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මාළු නම් ගණන් යන්න එක හේතුවක් වාරකන්. අනික මේ වගේ දේවල් මිල පාලනයකට යටත් නෑනේ. මේ කියන විදිහට එළවළු,මස් වලට පාලන මිලක් දැම්මම ඒ ගාණට දෙනවද බලන්න නිලධාරීන් යවන්න ඕන. ඒවට ගෙවන්න ඕන. වාහන වලට ගෙවන්න ඕන. ඒ ගාණට දෙන්නෙ නැත්නම් නඩු දාන්න ඕන. ඒවට නිලධාරීන් ඕන. වියදම් වෙනවා. එතකොට ඒ සල්ලි හොයාගන්න ඕන කොහොමද? බදු ගහලා. (දඩ වලින් පියවන්න පුළුවන්, දඩේ ගෙව්වම. ඊට කලින් වෙන වියදම් කියන්නෙ). ඊට පස්සේ කියන්න පුළුවන් අති විශාල රජයක් නඩත්තු කරනවා කියලා. මේකට තරමක් දුරට හරි විසඳුම තියෙන්නේ පාරිභෝගිකයා අතේ. මාළු කීය වුනත් ගන්නවා කියන මානසිකත්වයේ ඉන්න කම් මේක විසඳන්න බෑ.
     
    • Like
    Reactions: NRTG