😍 යකාගේ ගහ 😍

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    යකාගේ ගහ :dull:



    h6nf3ou.jpg


    අප්‍රිකාවේ තෲනා වනාන්තරයේ අපූර්ව රූස්ස ගස් රාශියකි. ඒ බයෝබාබ් “Baobab” ය. මෙම ශාකයේ මවුබිම අප්‍රිකා මහද්වීපයයි. අප්‍රිකා බන්ටු ගෝත්‍රිකයන්ගේ “බුහු - බැඩ්” යන බන්ටු වචනයෙන් මිඳී සැකසුණු මේ ගසේ උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ඇඩම්සෝනියා ඩිජිටටා (Adamsonia Digitata) ය. Adams ‍ෙකාටස එක්වී ඇත්තේ එනමින් යුතු ජෛව විද්‍යාඥයාට උපහාර පිණිස වන අතර, Digit යනු ඇඟිලි සඳහා ජර්මන් භාෂාවේ යෙදෙන වචනයකි. සැබැවින් ම ගස දිග හරින ලද ඇඟිලි සහිත අල්ලක් වැනි ය.:cool:

    මේ ගස බොම්බකාසේ (Bombacacea) ශාක කුලයට අයත් වේ. ඉංග්‍රීසි භාෂාවෙන් මේ ගස හැඳින්වීමට Baobab, Cala Bash, Monkey Bread tree යන නම් භාවිත වේ. Monkey Bread tree ලෙසින් යොදා ඇත්තේ වඳුරන් මේ ගසේ ගෙඩි කෑමට ඉතා ප්‍රියකරන නිසාය.

    බයෝබාබ් ගස විනාශ කිරීම ඉතා අපහසු කාර්යයකි. එසේ වන්නේ ඕනෑම අන්තරායකට ඔරොත්තු දීමේ හැකියාව මේ ගසට ඇති බැවිනි. ගස මැරීම සඳහා කඳ සිදුරු කිරීම, ගසේ පොතු ඉවත් කිරීම වැනි ක්‍රියාමාර්ග උපයෝගී කර ගත්තද එසේ කිරීමෙන් කිසිදාක බ‍යෝබැබ් ගස් විනාශ කළ නොහැකිය.

    මේ ගසට ආවේණික වූ අපූරු භයංකර ස්වරූපය ඇති වන්නේ මෙහි පත්‍ර හැලීගිය පසුවය. එවිට ගස බිමට ඇන මුල් උඩට විහිදී ඇති ආකාරයක් පෙනේ. මාස හයක පමණ කාලයක් මේ කොළ නොමැතිව වියළි ගසක් ආකාරයෙන් පවතී. සමහර ප්‍රදේශවල ජනයා මේ ගස “අලි ගස” ලෙසට ද හඳුන්වති. බයෝ බැබ් ශාකය එනමින් හඳුන්වන්නට ඇත්තේ අලියකුගේ පිට වැනි ඝන පොත්තකින් ඒ ගස ආවරණය වී තිබෙන නිසා විය හැකිය.

    ගසේ උසට නොගැළපෙන පරිදි කඳ ප්‍රදේශය මහත් ය. තුරු වියන මීටර් 50 – 60 ක් පමණ ප්‍රමාණයක් වන සේ විහිදේ. අතු විශාලය. ගසේ උස උපරිමය මීටර විස්සක් විසිපහක් පමණ වේ. කොළ හැළී ගිය අලි ගසක් තරම් විරූපී ගසක් තවත් ලොව දක්නට නැතැයි “Aristrocrats of the trees” ලියූ අර්නස්ට් එම්. විල්සන් සඳහන් කර තිබෙන්නේ ද මේ නිසා ම විය හැකි ය.

    ඔක්තෝබර් මාසයේ දී බයෝබැබ් ගස්වල මල් හට ගැනීම පටන් ගන්නා අතර මල් සුදු පැහැතිය. ගස මෙන් ම මල් ද විශාලත්වයෙන් වැඩි අතර, මල් පිපෙන්නේ රාත්‍රී කාලයේ දී ය. මල් පොහොට්ටුව ‍‍‍‍ගෝලාකාර හැඩයක් ගන්නා අතර පැයක් පමණ සුළු කාලයක දී පොහොට්ටුව මලක් බවට පත්වේ. රැයේ පිපෙන මල උදෑසන වනවිට පරවී යයි. පිපෙනා අතරතුරේදී මලෙන් මිහිරි සුවඳක් හමන අතර පරවුණු විට දුගඳ හමයි.

    ගසේ පත්‍ර තද කොළ පැහැතිය. කොළ වකුගඩු ‍රෝගීන් සඳහා ඖෂධයක් ලෙසින් ද යොදා ගැනේ. ආහාර රස කාරකයක් ලෙසින් ද මේ කොළ අඹරා කුඩුකර යොදා ගනී. මුල් ඉහළට විහිදී ගිය අතු පහළට ඇදුණු සදාකාලික ගසක් පිළිබඳ හින්දු ග්‍රන්ථයක් වන “භගවත් ගීතාවේ” ද සඳහන්වී තිබේ. එකී ලක්ෂණ හා සමානවන ගස වනුයේ අප සඳහන් කරන බයෝබාබ් ශාකය යි. මේ ගසට හිමි අපූරු පෙනුම නිසාම අප්‍රිකා බන්ටු ගෝත්‍ර අතර, විශේෂ ජනකතා නිර්මාණය වී තිබේ. ඔවුන්ගේ පිළිගැනීම අනුව මෙය ‘යක්ෂයාගේ ගසයි’.

    වනාන්තරයේ සිටින සියලු දෙනාටම සිටුවන්නට විවිධ ගස් වර්ග දෙන ලදී. හයිනා නම් සත්ත්වයාට දෙන ලද්දේ මෙම බ‍යෝබැබ් ශාකයයි. එවිට හයිනා ගස කොටස යටි අතටත් මුල් කොටස උඩුඅතටත් සිටවූ නිසා මේ ශාකයේ ස්වරූපය මෙලෙස වෙනස් වී ඇත. ගසේ උත්පත්ති කතාව පිළිබඳ ප්‍රවාදය එයයි.

    අලි ගසේ ගෙඩි මිනිසාට ඉතා ප්‍රයෝජනවත් වේ. සාමාන්‍ය ව්‍යවහාරයේ දී මේ ගෙඩිවලට “වඳුරු දෙල්” Monkey Bread යැයි කියති. දෙසැම්බර් මාසයේ දී පමණ අලි ගසේ ගෙඩි හට ගන්නා අතර එහි ස්වරූපය විශාල පුහුල් ගෙඩියක් මෙනි. අප්‍රිකා වැසියෝ මේ ගෙඩි පානයක් ආකාරයෙන් රසවත්ව සකසා ගනී.

    එසේම බයෝබාබ් ගසේ කඳ හාරා අප්‍රිකා වැසියෝ නිවෙස් ද තනා ගනිති. ඇතැමුන් මේ ගසේ ඉහළින් හාරා ජල ටැංකි ලෙස සාදා ගනිති. ගසේ පොත්තෙන් කෙඳි රැගෙන එමඟින් කඹ සෑදීම, මාළු දැල් සෑදීම, ගෝනි සෑදීම ආදිය සිදුකරති. මතුපිට පොත්ත දැළ පිහියක් ලෙසින් ද උපයෝගී කරගන්නා අතර හම් පදම් කිරීම සඳහා යුෂ යොදා ගනිති.

    ගසේ ආයු කාලය අවුරුදු සිය ගණනක් වන අතර මේ සුවිශේෂී ගසට ගින්නෙන්, ගංවතුරින් කුණාටු ආදියෙන් පීඩාවක් කළ නොහැකි ය. ඒ සියල්ලටම මුහුණදීමේ ශක්තිය ගසට ස්වභාව ධර්මයෙන් ම උරුමකර තිබේ. බයෝබාබ් ගසේ මුල්වලට වතුර සොයා මීටර සිය ගණන් දුරට වුවත් ගමන් කිරීමේ හැකියාව තිබේ. නියං කාලයන්හිදී ආහාර සහ ජලය සොයා යන අලි ඇතුන්ට ආහාරයක් වන්නේ අලිගසේ සවිමත් පොත්තයි.

    අප රටේ ද මෙම ශාක විශේෂය දක්නට ලැබේ. මන්නාරම් දූපතේ “පල්ලිමුනායි දූපතේ” අවුරුදු 800 කට වඩා වයසින් පැරැණි යැයි විශ්වාස කරන බයෝ බැබ් ගසක් තිබේ. මන්නාරමේ සිට පේසාලේ හරහා තලෙයිමන්නාරමට ගමන් කරන A14 මාර්ගයේ මේ ගස අදත් දක්නට ඉතිරිව තිබේ.

    ප්‍රධාන මාර්ගයට ඉතාම ආසන්නයේ මදක් ඇතුළට වන්නට පිහිටි මන්නාරම් බ‍යෝබැබ් ගස මධ්‍යයේ විශාල කුහරයක් ද සහිතව අපූර්වාකාරයෙන් දක්නට ලැබේ. ඩෙල්ෆ් දූප‍ෙත්ද, විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ද, කලා වැව් නිම්නයේ ග‍ඟේවාඩිය නම් ගම්මානයේ ද මේ විශාල ගස් ඉතිරිව තිබෙන බව කියැවේ. අප රටට මේ ගස් පැමිණියේ අතීතයේ වෙළෙඳාම සඳහා පැමිණි අරාබි වෙළෙඳුන්ගෙන් බැව් විශ්වාස කෙරේ. එමෙන්ම ඉන්දියාවේ ද ටැන්සානියාවේ ද මෙවැනි බයෝබාබ් ගස් ඉතිරිව තිබේ.

    ශාක විද්‍යාඥයන් පවසන පරිදි මෙම ශාකය දුර්ලභ ශාක විශේෂයක් වන අතර ශ්‍රී ලංකාවේ ද මේ ගස් දුර්ලභ වන නිසා ම ආරක්ෂිත ශාකයක් ලෙසින් නම්කර තිබේ. එනිසාම “යක්ෂ ගසක්” වූවත්, ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයක් වන බයෝබාබ් ශාකය මතු පරම්පරාවගේ දැකීම සහ දැනුම සඳහා වර්තමාන පරම්පරාව විසින් රැකදීම කාගේත් යුතුකම වේ.:yes:



    මෙය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි.
     
    Last edited:

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    කොළ වකුගඩු ‍රෝගීන් සඳහා ඖෂධයක් ලෙසින් ද යොදා ගැනේ

    Me shaktiya tiyena lankaawen hoyaa ganna puluwan shaakaya mokakda kiyala kiyapalla balanna.