😲 ටොරන්ට් රිමෝට් ගැන...

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    😲 ටොරන්ට් රිමෝට් ගැන...


    අද මම කියන්න යන්නේ ටොරන්ට් එහෙමත් නැත්නම් බිට්ටොරන්ට් හෝ මියුටොරන්ට් ඇප් එකට කොහොමද රිමොට් ලොග් වෙන්නෙ කියල.. ඒ කියන්නෙ අපේ පීසී එකේ ඉන්ස්ටෝල් කරල තියෙන ටොරන්ට් ඇප් එකට ෆෝන් එකෙන් හරි වෙන පීසී එකකින් හරි ලොග් වෙලා අලුතෙන් ටොරන්ට් ඇඩ් කරන්න, පෝස් කරන්න, නවත්තන්න ඔක්කොම කරන්න පුලුවන් ඔප්ශන් එකක් තමයි මේක.

    මේ ක්‍රමේ ගොඩක් වටින්නෙ ඔෆිස් එකේ ටොරන්ට් ඩවුන්ලෝඩ් වෙන්න දාල එක අයියලට තමා 😅😅😅 මොකද ඕක ඩවුන්ලෝඩ් වෙන්න දාල ආවම පහු වෙනිද වෙනකල් ස්ටේටස් බලාගන්න විදියකුත් නෑනෙ.

    දැන් අපි බලමු මේක කරන්නෙ කොහොමද කියල. මුලින්ම මියුටොරන්ට් හරි බිට්ටොරන්ට් හරි ඉන්ස්ටෝල් කරල ඕපන් කරගන්න.
    ඊටපස්සේ uTorrent > Options > Preferences > Remote පාත් එකට ගිහින් එනේබල් ටොරන්ට් රිමෝට් ඇක්සස් ටික් එක දාන්න. ඊටපස්සෙ ඔයා කැමති යූසර් නේම් එකකුයි පාස්වර්ඩ් එකකුයි දෙන්න මේ වගේ.


    soZDTE5.png


    දැන් අපි ටොරන්ට් ඇප් එක කන්ෆිගර් කරගෙන ඉවරයි. දැන් අපි බලමු මේකට ලොග් වෙන්නෙ කොහොමද කියල..

    http://remote.utorrent.com කියල බ්‍රවුසර් එකේ ටයිප් කරන්න. මෙතන ඔයා අර කලින් දීපු යුසර්නේම් එකයි පාස්වර්ඩ් එකයි දීල වෙන්න. මේකට ෆෝන් එකෙනුත් ලොග් වෙන්න පුළුවන්. එතකොට මේ වගේ යුඅයි එකක් තමා එන්නේ.

    nhvnjwK.png


    පීසී එකෙන් ලොග් උනොත් මේ වගේ. අපේ ටොරන්ට් ඇප් එකේ තියෙන හැමදෙයක්ම ලේසියෙන් මේ විදියට රිමෝට් ලොග් වෙලා වෙනස් කරන්න අලුතෙන් ඇඩ් කරන්න පුළුවන්. ගොඩක් ඉස්සරනම් මේකට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් තිබ්බ දැන් ඒක ප්ලේ ස්ටෝර් එකේ නෑ.


    UDVxD9Bh.png
     
    Last edited: