🙂🎬 නිවාඩු පාඩුවෙ බලන්න "Family drama" ගනයේ හොද චිත්‍රපටියක් - Montana Story (2021) 🎥🎞️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    අද තමයි මේ ෆිල්ම් එක බලන්න හම්බවුණේ. හිතට වැදුණ ෆිල්ම් එකක් නිසා කිරියෙ ඉන්න මේ ෆිල්ම් එක නොබලපු අයට දැනගන්නත් එක්ක පොඩි ත්‍රෙඩ් එකක් දාන්න හිතුණා. :)


    a84cfc064e8295b81cb1c8a775e01e9d116c63ed6deafc1f2b52f6a1579d3738.jpg


    අවුරුදු ගණනාවක සිට එකිනෙකාගෙන් වෙන්ව ජීවත් වුණු සහෝදරයෙක් සහ සහෝදරියක්, මොළයේ නහරයක් පිපිරීම හේතුවෙන් කෝමා තත්ත්වකට පත්වෙලා ඔක්සිජන් සැපයුම් යන්ත්‍රයක ආධාරයෙන් හුගක් ආසාධ්‍ය තත්ත්වයේ ඉන්න තමන්ගෙ තාත්තව බලන්න ඇමරිකාවේ, මොන්ටැනා ප්‍රාන්තයට අයත් ග්‍රාමීය ප්‍රදේශයක පිහිටලා තියෙන තමන්ගෙ මහගෙදරට පැමිණෙනවා. කොහොම වුණත් මේ සහෝදරියටත්, සහෝදරයටත් පොඩිකාලෙ තමන්ගෙ තාත්තා නිසා මුහුණ දෙන්න වුණු බරපතල සිද්ධියක්, ඔවුන් දෙන්නත් තාත්තත් අතර තිබුණු සබදතාවය සම්පූර්ණයෙන්ම පළුදු කරවන්න හේතුවෙනවා. ඒ වගේම මේ සිද්ධිය, මේ සහෝදරියත්, සහෝදරයත් අතරෙ තිබ්බ සබදතාවය බිද හෙළන්න මුල් වුණු හේතුකාරකයක් බවටත් පත්වෙනවා. තාත්තගෙ රෝගී තත්ත්වය නිසා ආයෙ මුණ ගැහුණු මේ සහෝදරියගෙ සහ සහෝදරයගෙ බිදුණු සබදතාවය ඔවුන්ට මේත් එක්ක මුහුණදෙන්න සිද්ධවෙන සිදුවීම් දාමයත් එක්ක නැවතත් වර්ධනය වෙන විදිහ තමයි 2021 වසරේ නිකුත් වුණු "Montana Story" කියන චිත්‍රපටයෙ ඇතුළත් කතාවෙන් නිරූපණය කරන්නෙ.





    චිත්‍රපටයේ ප්‍රධාන චරිතයන් ද්විතවයට පණ පොවන "Owen Teague" සහ "Haley Lu Richardson"

    1200px-Owen_Teague_at_the_2024_New_York_Film_Festival.jpg
    haley_lu_richardson_photocall_columbus_sundance_jan_2017_1.jpg


    "Scott McGehee" සහ "David Siegel" යන දෙපළගෙ තිරරචනයෙන් සහ අධ්‍යක්ෂණය ඔස්සේ නිර්මාණය වුණු මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිත ද්විත්වයට "Owen Teague" සහ "Haley Lu Richardson" (වර්තමාන හොලිවුඩ් නිළියො අතර ඉන්න මං කැමතිම නිළියක් :love:) තමයි රංගනයෙන් දායක වුණේ. ඔවුන් දෙදෙනාම මේ සිනමාපටයෙදි ඉතාමත් විශිෂ්ට රංගනයක නිරත වෙනවා. ඉතාමත් තාත්වික, වගේම ස්වභාවික රංගනයක නිරත වෙන මේ දෙදෙනා අතරිනුත් "Haley Lu Richardson" විසින් ඉදිරිපත් කරන "Subtle performance" එක හුගක් කැපී පෙනෙනවා. ඇමරිකාවේ, මොන්ටැනා ප්‍රාන්තයේ ලිවින්ග්ස්ටන් කියන නගරයට අයත් "Paradise Valley" කියන ප්‍රදේශයෙදි රූපගත කරපු මේ සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කළේ "Giles Nuttgens" කියන කැමරා අධ්‍යක්ෂවරයායි. 35mm kodak films භාවිතා කරන සිනමා කැමරාවන් යොදාගනිමින් රූපගත කරපු දැකුම්කළු භූමි දර්ශන ඇතුලත් වුණු විශිෂ්ට කැමරාකරණයකුත් මේ චිත්‍රපටයෙන් ඔයගොල්ලන්ට දැකගන්න පුළුවන් වේවි. හොද තිරරචනයකින්, අධ්‍යක්ෂණයකින් සමන්විත වෙච්ච වගේම විශිෂ්ට රංගනයන්, කැමරාකරණයක් ඇතුළත් වුණු "family drama / Western" ගනයන්ට අයිති වුණු හොද චිත්‍රපටයක් බලන්න හොයන අයට මේ චිත්‍රපටය ඉහළින්ම 'recommend' කරනවා. :yes:


    චිත්‍රපටියෙන් උපුටා ගත්තු රූපරාමු කීපයක්

    TKW6vt3.jpg


    EiA3FWe.jpg


    YXoogeQ.jpg


    tw0E091.jpg


    98kh8Ra.jpg


    uVqsIzb.jpg


    VUC8tgX.jpg


    OBn2eiN.jpg


    u4mPfUC.jpg

     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    TFS

    Five Feets apart film eka hinda hithata waduna niliyak innawa neh...

    balanna one..
    මට නම් මෙයා ගැන ක්‍රෂ් එකක් ආවෙ "Columbus (2017)" කියන ෆිල්ම් එක බැලුවට පස්සෙ. මගේ ආසම ෆිල්ම් එකක් ඕක. Romance ෆිල්ම් එකක්. බලලා නැත්නම් අනිවා බලන්න. ඉස්සරහට ඔස්කාර් 2, 3 ක්වත් අනිවා දිනන්න තරමෙ ටැලන්ට් එකක් තියෙන නිළියක්. :yes:



    images-original.png
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,704
    11,512
    113
    හඳට කිට්ටුව
    මට නම් මෙයා ගැන ක්‍රෂ් එකක් ආවෙ "Columbus (2017)" කියන ෆිල්ම් එක බැලුවට පස්සෙ. මගේ ආසම ෆිල්ම් එකක් ඕක. Romance ෆිල්ම් එකක්. බලලා නැත්නම් අනිවා බලන්න. ඉස්සරහට ඔස්කාර් 2, 3 ක්වත් අනිවා දිනන්න තරමෙ ටැලන්ට් එකක් තියෙන නිළියක්. :yes:



    images-original.png

    ekath balanna ona...