🚌🚎 බස් වල ගමන් කරන විට පිළිපැදිය යුතු අලුත් නීති මාලාව 🚎🚌

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,013
    153,067
    113
    IMG_20190223_154740.jpg



    පෞද්ගලික බස් රථ ධාවනයේ යොද වන්නේ නම් පිළිපැදිය යුතු නීති රීති මාලාවක් සමස්ත පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති සම්මේලනය විසින් අද නිකුත් කළා.

    රියදුරු - කොන්දොස්තරවරුන් පිළිපැදිය යුතු කරුණු පිළිබඳව දැනුවත් කිරීම සඳහා දඹුල්ලේදී අද පැවැති මාධ්‍ය හමුවකදී සමස්ථ පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති සම්මේලනයේ කැඳවුම්කරු නිලන්ත ඒකනායක මහතා එම නීති ඉදිරිපත් කළා.

    බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා එන්නත් දෙකම ලබාගෙන සිටිය යුතු යි.

    රියදුරු - කොන්දොස්තරවරයා ඇතුලු බස් රථයේ ගමන් කරන සෑම මගියකුම ගමන ආරම්භයේ සිට අවසානය දක්වා මුව ආවරණ පැළඳ සිටිය යුතුය.

    මගියකු හෝ වෙනත් අයකු බස් රථය තුළ මුව ආවරණ ඉවත් කර සිටින්නේ නම් එහි වගකීම් කොන්දොස්තරවරයාට පැවරෙන බවත් ඔහුට විරුද්ධව නීතියානුකූල ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කළ යුතුය.

    බස් රථ ධාවන කාලය අකුරටම ක්‍රියාත්මකත්මක කළ යුතුය.

    රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයන්ට, විවිධ වෘත්තිකයන්ට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතුය.

    බස් රථයේ මගීන් ප්‍රවාහනය කිරීමේදී අසුන් ගත් මගීන් පමණක් ප්‍රවාහනය කළ යුතු බවත්, කිසිඳු ආකාරයකින් වැඩිපුර මුදල් මගීන්ගෙන් ලබා ගැනීම තහනම් වේ.

    බස් රථවල ජංගම වෙළඳාම, සිඟමනේ යෙදීම, බුලත්විට සැපීම, ආහාරපාන ගැනීම, දුම්වැටි භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් වන අතර එහි වගකීම කොන්දොස්තරවරයාට පැවරෙනවා.

    සිවිල් ඇඳුමෙන් සැරසුණු පරීක්ෂකවරුන් දිවයින පුරා යොදවා තිබෙන බවද, මෙම නීති පිලිපැදීමකින් තොරව සිටින අයට කිසිඳු සොයා බැලීමකින් තොරව ධාවන බලපත්‍ර අත්හිටුවන බව ද නිලන්ත ඒකනායක මහතා සඳහන් කළා.

    මෙම දැඩි කොන්දේසි බස් රථවලට පනවා ඇත්තේ වසංගතය නිමා කර ගැනීම සඳහා බස් රථ හිමියන්, සේවකයන්ගේ ආරක්ෂාව, මෙන්ම ව්‍යාපාරය පවත්වාගෙන යෑම සඳහා බවත්, සඳහන් කළ නිලන්ත ඒකනායක මහතා සෑම බස්රථ හිමියකුටම එක් බස් රථයකට රුපියල් පනස් දහසක් වටිනවා වාර්ෂික පැකේජ ක්‍රමයක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය මගින් හඳුන්වා දී තිබෙන බවත් පැවැසුවා.

    එම පහසුකම් සියල්ල සපයන අතර, බස් රථ සියල්ලම නොමිලේ විෂබීජහරණය ට ලක් කිරීම, බස් රථ ගාල් කොට තබන නැවතුම්පොළවල් විසබීජහරණය කිරීම, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟ එක්ව සිදු කරන බවද ඒ මහතා සඳහන් කළා........




    Source: nethgossip.lk
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,545
    113
    විට තන්න දෙන්නේ නැති එකනම් හොදයි බං. විට කන එවුන් 5-6දෙනෙක් සෙට් වෙනවනේ විටක් දිග හැරියම. උන් ඔක්කොම මාස්ක් ගලවලා ඉන්නේ ඒ වෙලාවට. මම 4-5පාරක් ගේම ඉල්ලලා තියනවා බස් එකේ විට කන එවුන්ගෙං. යන බස් එකේ වීදුරුවෙන් කෙලගහනවා එලියට. ගමේ බස් එකේ බාබර් කෙනෙකුට හැමැන්නුවා හොදටම ලොක් ඩවුන් එකට කලින්.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    සිවිල් ඇඳුමෙන් සැරසුණු පරීක්ෂකවරුන් දිවයින පුරා යොදවා තිබෙන බවද, මෙම නීති පිලිපැදීමකින් තොරව සිටින අයට කිසිඳු සොයා බැලීමකින් තොරව ධාවන බලපත්‍ර අත්හිටුවන බව ද නිලන්ත ඒකනායක මහතා සඳහන් කළා.
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Stimulus mind

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    බස් රථයේ මගීන් ප්‍රවාහනය කිරීමේදී අසුන් ගත් මගීන් පමණක් ප්‍රවාහනය කළ යුතු බවත් 😂

    බයිල අහන චූන් වෙන බයියන්ට බයිල කියනවා. 🤣🤣🤣

    කියපු දේවල් වලින් හතරෙන් එකක් කරා නං මේ වෙනකොට ලංකාව සිංගප්පූරුවට වඩා දියුණුයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    ඕවා ලියපු උන්ටවත් ඕව මතක නෑ සතියකින් විතර බන්. :lol:
    ආයි රැල්ලක් එද්දී තමයි මතක් වෙන්නේ.
    මීට කලින් බස් වල යද්දී අනුගමනය කරන්න ඕන කියලා දාපු ලිස්ට් එක උබලා එකෙක්ටවත් මතකද ?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,067
    113
    ඕවා ලියපු උන්ටවත් ඕව මතක නෑ සතියකින් විතර බන්. :lol:
    ආයි රැල්ලක් එද්දී තමයි මතක් වෙන්නේ.
    මීට කලින් බස් වල යද්දී අනුගමනය කරන්න ඕන කියලා දාපු ලිස්ට් එක උබලා එකෙක්ටවත් මතකද ?
    ආශික්ලෑන්ඩ් :baffled::(
     
    • Like
    Reactions: NRTG