🚨👪 මහරගම දැරිය නිවසින් පළායාම තවත් පවුල් ආරවුලක ප්‍රතිඵලයක් 👪🚨

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,142
    113
    AVvXsEiXEebk9pTvVZpO83ONx4D-cLZk5KJIEc6KIDJk1_KQXU8v11d0LgDaSy3X-2zicndjJXxvifvIeOzolcJmkvMyuJluBXd3UWA8eL-goa8YEwod7R7jRia06NtofOTDco2Xu82CHGI_encSIfqxyT0UkP_knHaJo1WjXnMNV-u0AQvEaCrauOD0d3E8Fw=s16000


    මහරගම නාවින්න ප්‍රදේශයෙන් අතුරුදන්ව සිට නැවත නිවසට පැමිණි 14 හැවිරිදි දැරිය හා සම්බන්ධ සංසිද්ධිය පවුල් ආරවුලක ප්‍රතිඵලයක් බව පොලිස් වාර්තා සඳහන් කරයි.

    මීට ටික දිනකට පෙර කොටදෙණියාවේ පිරිමි දරුවන් දෙන්නෙකු නිවසේ අය සමග අමනාපවී නිවසින් පළාගිය සංසිද්ධිය මෙන්ම ටික දිනකට පෙර මහරගම නිවසේ අය පෙම්වතාට අකමැතිවීම නිසා නානකාමරයේදී ගිනිතබාගත් දැරියට හා සමාන සිද්ධියක් බව හඳුනාගන්නට ලැබේ.
    මෙම සිද්ධියේදී දැරිය නිවසින් පළායන්නට පෙර දිනයේ මව සමග ඇතිවූ බහින්බස්වීමක් ගැන කරුණු විමර්ශනය කරගන්නට මේ ගැන සොයා බැලූ පොලිස් නිලධාරීන්ට හැකිවී ඇත.

    අතුරුදහන් වූ දැරිය අතුරුදන් වීමට පෙර දින ඇයගේ මව සමඟ බහින්බස්‌වීමක්‌ ඇති කර ගැනීමෙන් පසු නිවසින් පළා යාමට තීරණය කර තිබෙන අතර, ඇය මෙහෙණි ආරාමයකට ගොස් උදව් ඉල්ලා එහි නැවතී සිටි බව කියැවේ. කෙසේ වෙතත් ඇයගේ ඡායාරූප සහිතව මාධ්‍ය ඔස්සේ අතුරුදන්වීම ප්‍රචාරය වූ පසු ඇය නැවතී සිටි තැන අය උපදෙස් දී ඇත්තේ ඇයට මවට කථාකරන ලෙසයි. ඇගේ මවට කතා කර නැවත වරක් පවුලට එකතු වී ඇතැයි ඒ අනුව පොලිසිය අනාවරණය කරයි. මහජනතාවගේ සහ මාධ්‍යයේ සහයෝගය නොවන්නට මෙතරම් කෙටි කාලයකින් ඇය සොයාගන්නට අපහුසුවූ බවද පොලිසිය දන්වා ඇත.

    “නිවාස තුළ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඇති වූ විට ළමයින් අවදානමට ලක් වෙනවා.මේ නිසා ඔවුන් අවදානම් තීරණ වලටත් එලැඹෙනවා. වයසින් අඩු නිසා ප්‍රතිවිපාක නොදන්නා තීරණ ගන්නවා. වාසනාවකට ඇය ආරාමයකට ගියා.. ඒත් ඇය වෙනත් තැනකට ගියා නම්, ඇයගේ ආරක්ෂාව අනතුරේ. ”පොලිසිය පැවසීය.


    Source: gossiplankanews.com


    Previous Threads:

    🚨🚨 මේ දැරිය ඔබ දුටුවාද? 🚨🚨

    🚨👮🏽 අතුරුදන්ව සිටි මහරගම දැරිය හමුවේ 👮🏽🚨
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අවු 14ක් ව‍ෙනක‍ොටවත් ළමයින්ග‍ේ ප‍ෞරුෂ වර්ධන ක්‍රියාවලිය සැළකියයුතු මට්ටමකට වර්ධනය න‍ොක‍ෙරුව‍ොත් මීටවඩා දරුණු තැනකට දරුවන් ඇද වැට‍ෙන්න පුලුවන් . දුක, .ව‍ේදනාව , අහිමිවීම , පරාජය කළමණාකරනය කරගන්න බැරි මට්ටමකට දැන් දරුවන් ඇද වැටිලා ... ජංගම දුරකථනවලට දක්වන අධික ඇබ්බැහිවීම ම‍ේකට හ‍ේතුවක් විය හැකියි . සමාජශීලී න‍ොවන දරුවන් විසදුම් හ‍ොයන්න‍ේ ක‍ෙටි මාර්ගවලින් ... ද‍ෙමාපියන් දරුවන්ට වඩා සමීප න‍ොවුන‍ොත් ම‍ේ ප්‍රශ්න ඔඩු දුවන්න පුලුවන් ..
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    අවු 14ක් ව‍ෙනක‍ොටවත් ළමයින්ග‍ේ ප‍ෞරුෂ වර්ධන ක්‍රියාවලිය සැළකියයුතු මට්ටමකට වර්ධනය න‍ොක‍ෙරුව‍ොත් මීටවඩා දරුණු තැනකට දරුවන් ඇද වැට‍ෙන්න පුලුවන් . දුක, .ව‍ේදනාව , අහිමිවීම , පරාජය කළමණාකරනය කරගන්න බැරි මට්ටමකට දැන් දරුවන් ඇද වැටිලා ... ජංගම දුරකථනවලට දක්වන අධික ඇබ්බැහිවීම ම‍ේකට හ‍ේතුවක් විය හැකියි . සමාජශීලී න‍ොවන දරුවන් විසදුම් හ‍ොයන්න‍ේ ක‍ෙටි මාර්ගවලින් ... ද‍ෙමාපියන් දරුවන්ට වඩා සමීප න‍ොවුන‍ොත් ම‍ේ ප්‍රශ්න ඔඩු දුවන්න පුලුවන් ..
    education system eke awla bn...okkoma rallata duwanawa withara...exam preasure etc nisa mewwa thawath awl