🛰️⚡🌀 'Juno' අභ්‍යවකාශ යානය මගින් දුටු බ්‍රහස්පතිගේ අකුණුසැරය 🌀⚡🛰️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,103
    113
    gIsM5JG.jpg



    බ්‍රහස්පති ග්‍රහයාගේ උපත සහ එහි පරිණාමය සිදුවූ ආකාරය පිළිබදව ගවේෂණය කිරීමේ අරමුණින් 2011 වර්ෂයේ අගෝස්තු 05 වන දින ෆ්ලෝරීඩා'හි කැනවරල් තුඩුවෙන් අභ්‍යවකාශ ගත කළ 'Juno'අභ්‍යවකාශ යානය, නාසා ආයතනය මගින් දියත් කළ "New Frontiers" නම් අභ්‍යවකාශ වැඩසටහනෙහි එක් පරිච්ඡේදයක් සනිටුහන් කිරීමක් ලෙස දැක්විය හැකිය. 2020 වසරේ දෙසැම්බර් 30 වන දින 'Juno' අභ්‍යවකාශ යානය මගින් 31 වැනි වරටත් බ්‍රහස්පති ග්‍රහයා ආසන්නයෙන් ගමන් කළ අවස්ථාවේදී ගනු ලැබූ අපූර්ව ඡායාරූපයක් පහත දක්වා තිබේ.

    බ්‍රහස්පති ග්‍රහයාගේ උත්තරධ්‍රැවයට ආසන්නයෙන් ක්‍රියාත්මක වෙමින් පැවති, සුළියක (Vortex) ආකාරයක් ගත් "anticyclone' ගණයට අයත් දැවැන්ත සුළි කුණාටුවක් අතරතුර හටගත් දීප්තිමත් අකුණු සැරයක් (bolt of lightning) 'Juno'අභ්‍යවකාශ යානයෙහි ඇති "JunoCam (JCM)" නමින් හදුන්වන දෘෂ්‍ය ආලෝක කැමරාව (visible-light camera/telescope) මගින් හසුකරගත් අයුරු මෙහිදී නිරූපණය කෙරේ. මෙම ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේදී 'Juno'අභ්‍යවකාශ යානය බ්‍රහස්පති ග්‍රහයාගේ වූ වළාකුළු සථරයට කිලෝමීටර 32000 ක් (සැතපුම් 19 900) පමණ ඉහළින්, උතුරු අක්ෂාංශ 78˚හි ගමන් කරමින් පැවතිණි. මෙහිදී "JunoCam (JCM)" කැමරාව මගින් ලබාගත් අමු දත්ත ඇතුළත් ඡායාරූපය ( Raw data/Raw image) 2022 වසරේදී නාසා' හි ජෙට් ප්‍රචාලන විද්‍යාගාරයේ (NASA's Jet Propulsion Laboratory) සේවය කරන විද්‍යා යෙදුම් සහ දත්ත අන්තර්ක්‍රියාවන් පිළිබද ඉංජිනේරුවෙකු (Science Apps & Data Interaction Engineer) වන "Kevin M. Gill" විසින් වැඩිදුරටත් සකස් කොට පහත දැක්වෙන ස්වරූපයට පත්කොට තිබේ.

    සාමාන්‍යයෙන් පෘථිවිය මත හට ගන්නා අකුණුසැරයන් බොහෝවිට සමකයට ආසන්නයෙන් නිර්මාණය වන වළාකුළු (Water clouds) මගින් හටගත්ත ද, බ්‍රහස්පති ග්‍රහයා මත හටගන්නා අකුණුසැරයන් ධ්‍රැවාසන්න ප්‍රදේශයන්හි දී නිර්මාණය වන ඇමෝනියා සහ ජලය සං‍යුක්ත වළාකුළු මගින් හටගැනීම සිදු වේ. ඉදිරියේදී එළඹෙන මාස කීපයේදී 'Juno'අභ්‍යවකාශ යානය බ්‍රහස්පති ග්‍රහයාගේ රාත්‍රිය උදාවී පවතින පාර්ශවයට (Night Side) ආසන්නයෙන් ගමන් කිරීමට නියමිතව ඇති අතර එහිදී බ්‍රහස්පති මත හටගන්නා මෙවැනි අකුණුසැරයන් ඇතිවන අවස්ථාවන් බොහෝමයක් 'Juno' අභ්‍යවකාශ යානයෙහි පවතින උපකරණ මගින් ග්‍රහණය කර ගැනීමේ අවස්ථාව ද නොඅඩුව හිමිවනු ඇත.



    Image credit: Image data: NASA/JPL-Caltech/SwRI/MSSS, Image processing by Kevin M. Gill © CC BY

    52413493052_c61f80eb38_o.jpg





    🛰️🚀 Juno Mission 🚀🛰️





     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,103
    113
    විකෘති වී ගිය මිනිස් මුහුණක ස්වරූපය සිහිගන්වන බ්‍රහස්පති ග්‍රහයාගේ කැළඹිලි සහගත ඉහළ වළාකුළු ස්ථරය

    'Juno'අභ්‍යවකාශ යානය මගින් ලබාගත් මෙම අපූරු ඡායාරූපය, බ්‍රහස්පති ග්‍රහයාගේ සිට කිලෝමීටර 7 700 ක දුරක සිටිමින් හසුකර ගෙන තිබේ. මේ වසරේ සැප්තැම්බර් මස 07 වන දින 'Juno'අභ්‍යවකාශ යානය විසින් බ්‍රහස්පති ග්‍රහයා ආසන්නයෙන් සිදු කළ 54 වන පියාසැරියේදී එහි පවතින 'JunoCam' නම් කැමරා උපාංගය මගින් එක් රැස් කරගත් අමු දත්ත ඇසුරෙන් සකස් කළ මෙම ඡායාරූපයෙන් බ්‍රහස්පති ග්‍රහයාගේ 'Jet N7' නම් ප්‍රදේශයෙහි පවතින කැළඹිලි සහ ගත වළාකුළු ස්ථරයන් නිරූපණය කෙරේ.

    Just in Time for Halloween, NASA’s Juno Mission Spots Eerie “Face” on Jupiter


    Image credit:
    Image data: NASA/JPL-Caltech/SwRI/MSSS
    Image processing by Vladimir Tarasov © CC BY


    PIA25727.jpg
     
    Last edited:

    Similar threads