🧠📒📚📖 එළකිරි මහා දැනුම මිනුම තරගාවලිය 📒📚📖🧠

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    rZHuduH.jpg


    තරගයේ කොන්දේසි:

    📚 ප්‍රශ්නයක් අහලා හරි උත්තරය ලැබෙනකම් අලුතින් ප්‍රශ්නයක් අහන්න බෑ.

    📚 රිප්ලයි 5 ක් යනකනුත් හරි උත්තරය දෙන්න බැරි උනොත් ප්‍රශ්නෙ අහපු කෙනා උත්තරය කියන්න ඕන.

    📚 හරස් ප්‍රශ්න අහන්න බෑ. ඒ නිසා ප්‍රශ්නය ඉදිරිපත් කරන කෙනා පැහැදිලිව ප්‍රශ්නය ඉදිරිපත් කරන්න ඕන.

    📚ප්‍රශ්නෙට උත්තර දෙද්දි ප්‍රශ්නෙ මොකද්ද කියලා උත්තරෙත් එක්ක දාන්න ඕන.


    📚 Google search කරලා උත්තර හොයන්න බෑ

    📚 ප්‍රශ්නෙට උත්තර දුන්නට පස්සේ ඒකට උත්තර දුන්න කෙනයි, හරි උත්තරෙයි ප්‍රශ්ණෙ අහපු කෙනා කියන්න ඕන. (බොරු උත්තර කියන්නෙ නැතුව අවංකවම තරගයට සහභාගී වෙන්න)

    📚 දේශපාලන කතා ඇදලා ගැනීම සපුරා තහනම්.


    📚 ඕනම ක්ෂේත්‍රෙකට අදාළව ප්‍රශ්න අහන්න පුලුවන්. (විද්‍යාව, ඉතිහාසය, සිනමාව, ආර්ථික, ක්‍රීඩා & etc.......)




    පළවෙනි ප්‍රශ්නෙ එහෙනම් මමම අහන්නම්කෝ :)




    ප්‍රශ්න අංක: 01


    දෙවන ලෝක යුධ සමයේදී ජර්මනිය විසින් සෝවියට් දේශය ආක්‍රමණය කිරීම සදහා සිදුකළ මෙහෙයුම හැදින්වූ නම කුමක් ද?
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Fritz.
    Last week, ww2 movie run ekk gya. Band of brothers eken iwara kare Sunday.
    Longest day eken Patan gatte. XD

    batwise හරි උත්තරය දුන්නා :yes:


    ප්‍රශ්න අංක: 01

    දෙවන ලෝක යුධ සමයේදී ජර්මනිය විසින් සෝවියට් දේශය ආක්‍රමණය කිරීම සදහා සිදුකළ මෙහෙයුම හැදින්වූ නම කුමක් ද?

    පිළිතුර - Operation Fritz නැත්නම් Operation Barbarossa කියලා හදුන්වපු මෙහෙයුම
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අපේ ඔෆිස් එකේ zoom හරහා මේ වගේ ප්‍රශ්න උත්තර වැඩක් යනවා. හැමෝම ගූගල් කරලා කියන නිසා ප්‍රශ්න අහන එවුන් දැන් ක්‍රියේටිව් වෙලා ගූගල් කරන්න බැරි විදිහට ප්‍රශ්න අහන්නෙ.
    eg: පොඩි මියුසික් එකක් ප්ලේ කරලා සින්දුව මොකද්ද අහනවා. (මගෙ ළඟ විතරයි shazam තිබුනෙ). මේකටත් ඒ වගේ මොකක් හරි කරන්න වෙයි මම හිතන්නෙ.
    නැත්නම් මේකෙන් මනින්න වෙන්නෙ දැනුම නෙමේ ඉක්මනටම ගූගල් කරන්න දන්නෙ කවුද කියන එකයි.