🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / බන්ධුස්ථානය (3-තෙවැනි භාව කොටුව)

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    මින් පෙර ලියූ ලිපියේ කේන්ද්‍රයක දෙවැනි ස්ථානය / ධනස්ථානය ගැන විස්තර සඳහන් කළා.

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ධනස්ථානය (2-දෙවැනි භාව කොටුව)

    --
    මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ තුන් වැනි කොටුවෙන් කියැවෙන දේ සම්බන්ධව සොයාබැලීමයි.

    three.JPG


    බන්ධුස්ථානය, වික්‍රමස්ථානය වැනි නම් වලින් හඳුන්වන ජන්ම කේන්ද්‍රයක තුන්වැනි භාව කොටුව හත්වැන්න මුල් කරගත් කාම බල ත්‍රිකෝණයට අයත් අපොකලිම ස්ථානයකි.
    තුන් වැන්නේ ස්ඵූටය, යෙදී ඇති රාශිය, එහි සිටින ග්‍රහයන්, වැටී ඇති දෘෂ්ටි ආදී තත්ත්ව නිවැරදිව විමර්ෂණය කිරීමෙන් ජන්මියාගේ සහෝදර සහෝදරියන්, පිය පක්‍ෂයේ නෑදෑයන්, අසල්වාසීන්, කාර්මික ඥානය, ශාස්ත්‍රීය ඇල්ම, වික්‍රමය, කන් ඇසීම සහ සුළු ගමන් බිමන් වැනි වැදගත් තොරතුරු රාශියක් පිළිබඳ මනා වැටහීමක් ලබාගත හැකියි.
    ශරීරයේ බාහු යුගල සහ පපුවේ උඩු කොටස තුන් වැන්නට අයිතිවේ.
    තුන් වැන්න දුර්වල වීමෙන් කන් ඇසීමේ දෝෂ, පපුවේ සහ බාහු වල ආබාධ, සහෝදර හානිය හෝ සහෝදරයන් සමඟ ආරවුල්, නිෂ්ඵල ගමන්, දීන ගතිය, අසල්වාසීන් සමඟ නොමනාපකම් ආදී අශුභ ඵල ලැබේ.
    තුන් වැන්න යහපත් වීමෙන් ඉහත කී සියල්ලට ප්‍රතිවිරුද්ධ වූ ශුභ ඵල උදාවේ.