ඒ ඒ ග්‍රහයන්ගේ සතුරු මිතුරු සම භාවයන් පිළිබඳ ජ්‍යෝතිර් වේදියකු අනිවාර්ය වශයෙන් දැන සිටිය යුතුය. එබැවින් පහත දැක්වෙන වගුව ඇසුරෙන් ග්‍රහයන්ගේ සතුරු මිතුරු සම භාවයන් පිළිබඳ උගෙන මතකයේ තබාගන්න.
තවද තත්කාල වශයෙන් ඒ ඒ ග්‍රහයන් අතර සතුරු මිතුරු තාවයන් ඇතිවීම ද දැනගත යුතුවෙයි. ඒ සිදුවන්නේ මෙසේය;
(අ). යම් ග්‍රහයකුගෙන් 2, 3, 4 සහ 10, 11, 12 යන තැනෙක සිටි ග්‍රහයා තත්කාල මිතුරු ග්‍රහයෙකි. රාශි සම්බන්ධ තත්වය ද එසේම වේ.
(ආ). යම් ග්‍රහයකු ගෙන් 5, 6, 7, 8, 9 යන තැනෙක සිටි ග්‍රහයා තත්කාල සතුරු ග්‍රහයෙකි. රාශින් ගේ තත්ත්වය ද ඒම වේ. තවද එකම රාශියේ සිටින ග්‍රහයන් ද එකිනෙකාට තත්කාල සතුරන් වෙත්.
ග්‍රහයා | මිතුරු | සතුරු | සම |
|---|---|---|---|
| රවි | චන්ද්‍ර, කුජ, ගුරු, කේතු | ශුක්‍ර, ශනි, රාහු | බුධ |
| චන්ද්‍ර | රවි, බුධ, කේතු | රාහු | කුජ, ගුරු, ශුක්‍ර, ශනි |
| කුජ | රවි, චන්ද්‍ර, ගුරු, කේතු | බුධ, රාහු | ශුක්‍ර, ශනි |
| බුධ | රවි, ශුක්‍ර, ශනි | චන්ද්‍ර | කුජ, ගුරු, රාහු, කේතු |
| ගුරු | රවි, චන්ද්‍ර, කුජ | බුධ, ශුක්‍ර | ශනි, රාහු, කේතු |
| ශුක්‍ර | බුධ, ශනි, රාහු | රවි, චන්ද්‍ර, ගුරු, කේතු | කුජ |
| ශනි | බුධ, ශුක්‍ර, රාහු | රවි, චන්ද්‍ර, කුජ, කේතු | ගුරු |
| රාහු | බුධ, ශුක්‍ර, ශනි | රවි, චන්ද්‍ර, කුජ | ගුරු |
| කේතු | බුධ, ශුක්‍ර, ශනි | රවි, චන්ද්‍ර, කුජ | ගුරු |