කන්‍යා රාශිය
මධ්‍යම ප්‍රමාණයට වඩා ස්වල්පයක් කුඩා සියුමැලි ශරීරයකි. කඩිසරය. වයසට වඩා තරුණ පෙනුමක් ඇත. ලෙළදෙන කටහඬ වේ.
යම් මොහොතක නැගෙනහිර ක්ෂිතිජයෙන් කන්‍යා රාශිය උදාවෙමින් පවතින විට යමෙක් උපන්නොත් ඔහුගේ / ඇයගේ ලග්නය කන්‍යාව යැයි කියනුලැබේ. කන්‍යා රාශිය කන්‍යාවියක ගේ ස්වරූපයෙන් දක්වා තිබේ. රාශි චක්‍රයේ හය වැන්න වේ. පෙරදිග ක්ෂිතිජයේ බලවත් වේ. සම්පුර්ණ රාශිය උදාවීමට ලිත් පැය හතරකුත් මිනිත්තු පනස් එකක් ගතවේ. සදාහරිත තණබිම්, කන්‍යාරාම, බාලිකා සිප්හල්, ස්ත්‍රී ගෘහ වලට ද නිරිතදිග දිශාවට ද බලපවත්වයි. කන්‍යාවේ අධිපති ග්‍රහයා බුධ ය. සෞම්‍ය, ස්ත්‍රී, සම, උභය, ගර්භ, අධෝ, ජීව, දීර්ඝ, පඨවි, විචිත්‍ර වර්ණ, දිවා බල, හිසින් උදාවන නර රාශියකි.
කන්‍යාවේ බුධ උච්ච වේ. රාහු ස්වක්ෂේත්ර වේ. චන්ද්‍ර, ශුක්‍ර, ශනි සහ කේතු මිත්‍ර වේ. රවි සම වේ. කුජ සහ ගුරු සතුරුයි.
උතුරුපල - 3, හත, සිත - 2 අඩංගුය. මුල් නවාංශකය මකරය වේ.
ශුක්‍ර ශුභයි. චන්ද්‍ර, කුජ සහ ගුරු පාපීහු වෙති.
පත්ම රාග, ලා රතු ආදී ලා පැහැති ගල් වර්ග පැළඳීම යහපති.