🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - රාශි / මකර

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    මකර රාශිය
    10.makara.png


    දුබල කේඩෑරි ශරීරයකි. සිහින් මුහුණ සහ මහත් වූ දත් ඇත.
    දණහිස්, කෙණ්ඩා ඇතුළු පාද වල රෝග, සන්ධි වල වේදනා, රක්ත රෝග, වාත රෝග, නිරක්තිය, සමේ රෝග ඇතිවේ.
    යම් මොහොතක නැගෙනහිර ක්‍ෂිතිජයෙන් මකර රාශිය උදාවෙමින් පවතින විට යමෙක් උපන්නොත් ඔහුගේ / ඇයගේ ලග්නය මකර යැයි කියනුලැබේ. මකර රාශිය මුව-මෝර දෙමුහුන් රූපයකින් දක්වා තිබේ. රාශි චක්‍රයේ දස වැන්න වේ. රාශියේ පුර්වාර්ධය දහයේ ද අපරාර්ධය හතරේ ද බලවත් වේ. සම්පුර්ණ රාශිය උදාවීමට ලිත් පැය පහකුත් මිනිත්තු දහ අටක් ගතවේ. ගංගා, ඇළ දොල, වතු, වනගත ප්‍රදේශ වලට ද උතුරු දිශාවට ද බලපවත්වයි. මකරයේ අධිපති ග්‍රහයා ශනි ය. සෞම්‍ය, ස්ත්‍රී, සම, චර, ද්වාර, සරස්, ධාතු, මධ්‍යම, පඨවී, සුදු-රතු වර්ණ, රෑ බල, පිටින් උදාවන ජල රාශියකි.
    මකරයේ කුජ උච්ච වේ. ගුරු නීච වේ. බුධ, ශුක්‍ර, රාහු සහ කේතු මිත්‍රයි. රවි සහ චන්ද්‍ර සතුරුයි.
    උතුරුසල - 3, සුවණ, දෙණට - 2 අඩංගුය. මුල් නවාංශකය මකර වේ.
    බුධ සහ ශුක්‍ර ශුභයි. කුජ, ගුරු සහ සඳු පාපීහු වෙති.
    චන්ද්‍ර කාන්ත ගල් පැළඳීම යහපති.
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මගෙත් මකර.. හතර කේන්දරේම පාලුයි.. කොන්දෙ කැක්කුමක් තියෙනවා.. ඔයාගෙ විස්තර හරි.. මතක ඇති කාලෙ ඉඳලම සෙනසුරු අපල :confused2:

    මකර ලග්න හිමියන් ට භූමි ලාභ එහෙම නැතිද?

    TFS!!
     
    • Like
    • Wow
    Reactions: Lovtus and NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,844
    113
    ප*යාගල
    sorry.com
    makara bump sir.

    දණහිස්,
    කෙණ්ඩා ඇතුළු පාද වල රෝග, - Had.Not anymore
    සන්ධි වල වේදනා, - Had.Not anymore
    රක්ත රෝග, -Had.Not anymore
    වාත රෝග, - Had.Not anymore
    නිරක්තිය, - Had.Not anymore
    සමේ රෝග - Still have ( Ringworm patches in one leg)
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    මගෙත් මකර.. හතර කේන්දරේම පාලුයි.. කොන්දෙ කැක්කුමක් තියෙනවා.. ඔයාගෙ විස්තර හරි.. මතක ඇති කාලෙ ඉඳලම සෙනසුරු අපල :confused2:

    මකර ලග්න හිමියන් ට භූමි ලාභ එහෙම නැතිද?

    TFS!!
    ඕනම ලග්න හිමියෙකුට භූමි ලාභ තියෙන්න පුළුවන්. ග්‍රහ බල, දශා බල වගේ දේවල් වලින් කියන්න පුළුවන්
     
    • Love
    Reactions: thulithasajeewa