මීන රාශිය
රත්පැහැ ලොකු ඇස් ද, කුඩා අත පය ආදී අවයව, පටු උරහිස්, සේද වැනි හිසකෙස් ඇති මිටි තරබාරු ශරීරය වේ.
හීන රක්තය, හෘද රෝග, වලලුකරෙන් පහළ පාද වල ඉදිමුම් කැක්කුම් රෝග බහුලය.
යම් මොහොතක නැගෙනහිර ක්‍ෂිතිජයෙන් මීන රාශිය උදාවෙමින් පවතින විට යමෙක් උපන්නොත් ඔහුගේ / ඇයගේ ලග්නය මීන යැයි කියනුලැබේ. මීන රාශිය මත්ශ්‍ය යුග්ම රූපයක ආකාරයෙන් දක්වා තිබේ. රාශි චක්‍රයේ දොළොස් වැන්න වේ. රාශියේ අපරාර්ධය හතරේ බලවත් වේ. සම්පුර්ණ රාශිය උදාවීමට ලිත් පැය හතරකුත් මිනිත්තු විසි හතක් ගතවේ. මුහුදු, ජලාශ, විහාර, දේවාල ආදී ස්ථාන වලට ද ඊසාන දිශාවට ද බලපවත්වයි. මීනයේ අධිපති ග්‍රහයා ගුරු ය. සෞම්‍ය, ස්ත්‍රී, සම, උභය, ගර්භ, අධෝ, ජීව, භ්‍රස්ව, ආපෝ, සුදු පාට, දිවා බල, හිසින් උදාවන ජල රාශියකි.
මීනයේ ශුක්‍ර උච්ච වේ. බුධ නීච වේ. රවි, චන්ද්‍ර සහ කුජ මිත්‍රයි. ශනි සහ රාහු සමයි.
පුවපුටුප - 1, උතුරුපුටුප, රේවතී අඩංගුය. මුල් නවාංශකය කටකය වේ.
චන්ද්‍ර සහ කුජ ශුභයි. රවි, බුධ, ශුක්‍ර සහ ශනි පාපීහු වෙති.
පළිඟු, පසිංගල් පැළඳීම යහපති