🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - රාශි / කුම්භ

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,117
    21,666
    113
    කුම්භ රාශිය
    11.kumbha.png



    කාරුණික පෙනුමෙන් යුත් පියවඩන මුහුණ, වර්ණවත් හිසකෙස් ඇති දැකුම්කළු ශරීරයකි.
    මැණික්කටු, විලුඹ ආදී අත්පා සන්ධි වල ඉදිමුම් වේදනා, ඇස් රෝග, හෘද රෝග, සමේ රෝග සහ ලේ නහර ඉපිළීම වැනි ව්‍යාධි ඇතිවේ.
    යම් මොහොතක නැගෙනහිර ක්‍ෂිතිජයෙන් කුම්භ රාශිය උදාවෙමින් පවතින විට යමෙක් උපන්නොත් ඔහුගේ / ඇයගේ ලග්නය කුම්භ යැයි කියනුලැබේ. කුම්භ රාශිය වතුර කළයක් රැගත් මිනිස් රූපයක ආකාරයෙන් දක්වා තිබේ. රාශි චක්‍රයේ එකොළොස් වැන්න වේ. රාශියේ පුර්වාර්ධය දහයේ ද අපරාර්ධය හතරේ ද බලවත් වේ. සම්පුර්ණ රාශිය උදාවීමට ලිත් පැය පහකුත් මිනිත්තු දහ අටක් ගතවේ. පක්‍ෂීන්, ස්ත්‍රීන්, බීම වෙළෙඳුන්, සූදු කාරයින් ගැවසෙන ස්ථාන වලට ද උතුරු දිශාවට ද බලපවත්වයි. කුම්භයේ අධිපති ග්‍රහයා ශනි ය. කෘර, පුරුෂ, විසම, ථිර, බාහිර, ඌර්ධව, මූල, භ්‍රස්ව, වායෝ, ගුරු පාට, දිවා බල, පිටින් උදාවන නර රාශියකි.
    කුම්භයට චන්ද්‍ර, බුධ, ශුක්‍ර, රාහු සහ කේතු මිත්‍ර වේ. කුජ සහ ගුරු සම වේ. රවිට සතුරුයි.
    දෙණට - 2, සියාවස, පුවපුටුප - 3 අඩංගුය. මුල් නවාංශකය තුලාව වේ.
    ශුක්‍ර ශුභයි. සඳු, කුජ සහ ගුරු පාපීහු වෙති.
    තද නිල් සහ වෙනත් නිල් පැහැති ගල් වර්ග පැළඳීම යහපති
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    දැන් කට්ටියගේ ප්‍රගතිය කොහොමද? ඊළඟට කේන්දරයක් හදන්න පටන්ගමු
    ඔයා දාන පෝස්ට් ෆලෝ කර කර ඉන්නෙ.. තාම තියරි නෙ.. practical දේවල් වලට ආවම අඩුපාඩු අල්ලගත්තැකි.. බොහොමත් ම පිං සහෝ.. 🙏
     
    • Love
    Reactions: NRTG and Lovtus