🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - රාශි / ධනු

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,900
    21,449
    113
    ධනු රාශිය
    9.dhanu.png

    උස්වූ දුගු නාසය, පළල් නළල, කාන්තිමත් හිසකෙස් හා රත්පැහැ සමකින් යුතු අංගසම්පුර්ණ ව වැඩුණු ආරෝහ පරිනාහ දේහය වේ. උසින් වැඩි බැවින් තරබාරු බවක් නොපෙනෙයි. දෙබිඩි ගතියක් පෙනෙන්නට තිබේ.
    රක්ත වාතය, තුනටියේ සහ කොඳු ඇට ආශ්‍රිත කැක්කුම් රෝග, කකුල් ඉදිමීම, ලේ නහර ඉලිප්පීම, උගුර සහ ගලනාලය ආශ්‍රිත රෝග, අර්ශස් ගෙඩි ආදී රෝග තත්වයන් ට භාජන වියහැකිය.
    යම් මොහොතක නැගෙනහිර ක්‍ෂිතිජයෙන් ධනු රාශිය උදාවෙමින් පවතින විට යමෙක් උපන්නොත් ඔහුගේ / ඇයගේ ලග්නය ධනු යැයි කියනුලැබේ. ධනු රාශිය දුණුගත් නර-අශ්ව දෙමුහුන් රූපයකින් දක්වා තිබේ. රාශි චක්‍රයේ නම වැන්න වේ. රාශියේ පුර්වාර්ධය පෙරරදිග ක්ෂිතිජයේ ද අපරාර්ධය මුඳුන් අහසේ ද බලවත් වේ. සම්පුර්ණ රාශිය උදාවීමට ලිත් පැය පහකුත් මිනිත්තු විසි හයක් ක් ගතවේ. රණ බිම්, ඉස්තාල වලට ද වයඹ දිශාවට ද බලපවත්වයි. ධනුවේ අධිපති ග්‍රහයා ගුරු ය. කෘර, පුරුෂ, විසම, උභය, ගර්භ, අධෝ, ජීව, මධ්‍යම, තේජෝ, දහයියා වර්ණ, රෑ බල, පිටින් උදාවන නර-සිවුපා රාශියකි.
    ධනුවේ කේතු උච්ච වේ. රාහු නීච වේ. රවි, චන්ද්‍ර සහ කුජ මිත්‍රයි. බුධ, ශුක්‍ර සහ ශනි සමයි.
    මූල, පුවසල, උතුරුසල - 1 අඩංගුය. මුල් නවාංශකය මේෂය වේ.
    රවි සහ බුධ ශුභයි. ශුක්‍ර සහ ශනි පාපීහු වෙති.
    පසිංගල්, ඝන පච්ච, නිල් කොළ මිශ්‍ර ගල් වර් පැළඳීම යහපති.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,900
    21,449
    113
    හෙහ් හෙ,

    කොන්ඩෙ නන් නෑ , අනිත් ටික හරි
    රාශියක කියවෙන ලක්ෂණ හැම එකම එකම කෙනෙකුට පිහිටන්නේ නෑ. ගොඩක් හේතු සාධක නිසා වෙනස් වෙනවා. උදාහරණයකට කේතු ලග්නයේ හරි හතරේ හරි ඉන්නවා නම් ශරීරය කෙට්ටු වෙනවා.
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    රාශියක කියවෙන ලක්ෂණ හැම එකම එකම කෙනෙකුට පිහිටන්නේ නෑ. ගොඩක් හේතු සාධක නිසා වෙනස් වෙනවා. උදාහරණයකට කේතු ලග්නයේ හරි හතරේ හරි ඉන්නවා නම් ශරීරය කෙට්ටු වෙනවා.
    කේතු ලග්නයේ කියන්නෙ පළවෙනි කොටුවෙ නේද?
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,182
    27,845
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මචන් ධනු උන්ගේ මානසික ව්‍යාකුලබාවය/ආතතිය වගේ දේවල් කැපිල යන්න ගලක් මොකුත් නැද්ද?
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,900
    21,449
    113
    මචන් ධනු උන්ගේ මානසික ව්‍යාකුලබාවය/ආතතිය වගේ දේවල් කැපිල යන්න ගලක් මොකුත් නැද්ද?
    පසිංගල්, ඝන පච්ච, නිල් කොළ මිශ්‍ර ගල්
     
    • Like
    Reactions: helplesser