🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - රාශි / වෘශ්චික

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,115
    21,662
    113
    වෘශ්චික රාශිය
    8.wrushchika.png


    වකුටු හිසකෙස් සහිත සාමාන්‍ය ප්‍රමාණයට වැඩුණු නිරෝගී ශරීරය වේ. කැපීපෙනෙන ගතියෙන් යුක්තයි.
    මුත්‍රාශයේ, ගර්භාෂයේ, වකුගඩු වල රෝග, මුත්‍ර ගල් ආදී ව්‍යාධි වලට හේතුවේ.
    යම් මොහොතක නැගෙනහිර ක්‍ෂිතිජයෙන් වෘශ්චික රාශිය උදාවෙමින් පවතින විට යමෙක් උපන්නොත් ඔහුගේ / ඇයගේ ලග්නය වෘශ්චික යැයි කියනුලැබේ. වෘශ්චික රාශිය ගෝනුස්සකු ගේ ස්වරූපයෙන් දක්වා තිබේ. රාශි චක්‍රයේ අට වැන්න වේ. රාශිය අපරදිග ක්ෂිතිජයේ බලවත් වේ. සම්පුර්ණ රාශිය උදාවීමට ලිත් පැය පහකුත් මිනිත්තු නමය ක් ගතවේ. රළු ගල් සහිත මුඩු බිම්, ගුහා, අගල්, ප්‍රාකාර වලින් යුතු නගර වලට ද අපරදිග දිශාවට ද බලපවත්වයි. වෘශ්චිකයේ අධිපති ග්‍රහයා කුජ ය. සෞම්‍ය, ස්ත්‍රී, සම, ථිර, බාහිර, ඌර්ධව, මූල, දීර්ඝ, ආපෝ, රන්වන්, දිවා බල, හිසින් උදාවන කීට රාශියකි.
    වෘශ්චිකයේ කේතු උච්ච වේ. චන්ද්‍රයා නීච වේ. රවි සහ ගුරු මිත්‍රයි. බුධ සහ ශුක්‍ර සමයි. ශනි සහ රාහු සතුරුයි.
    විසා - 1, අනුර, දෙට අඩංගුය. මුල් නවාංශකය කටකය වේ.
    ගුරු සහ චන්ද්‍ර ශුභයි. කුජ, බුධ සහ ශුක්‍ර පාපීහු වෙති.
    පුෂ්පරාග සහ කහ පාට ගල් වර් පැළඳීම යහපති.
     
    • Love
    Reactions: NRTG