🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - රාශි / සිංහ

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    සිංහ රාශිය
    5.sinha.png

    පටු උදරය, පළල් උරහිස්, ඝන හිසකෙස්, රතුවන් සම ඇති තේජවන්ත පෙනුමෙන් යුතු සම්පුර්ණයෙන් වැඩුණු ශරීරය වේ.
    හෘදය, අක්මාව, වකුගඩු සහ කොඳු ඇට ආශ්‍රිත රෝග, මුත්‍ර රෝග වලට පහසුවෙන් ගොදුරු වේ.
    යම් මොහොතක නැගෙනහිර ක්‍ෂිතිජයෙන් සිංහ රාශිය උදාවෙමින් පවතින විට යමෙක් උපන්නොත් ඔහුගේ / ඇයගේ ලග්නය සිංහ යැයි කියනුලැබේ. සිංහ රාශිය සිංහහයකු ගේ ස්වරූපයෙන් දක්වා තිබේ. රාශි චක්‍රයේ පස්වැන්න වේ. රාශිය මුදුන් අහසේ බලවත් වේ. සම්පුර්ණ රාශිය උදාවීමට ලිත් පැය පහකුත් මිනිත්තු නමයක් ගතවේ. වන ගහණ, කඳු මුදුන්, දුර්ග ස්ථාන වලට ද දකුණු දිශාවට ද බලපවත්වයි. සිංහයේ අධිපති ග්‍රහයා රවි ය. කෘර, පුරුෂ, විසම, ථිර, බාහිර, ඌර්ධව, මූල, දීර්ඝ, තේජෝ, මඳ සුදු වර්ණ, දිවා බල, හිසින් උදාවන සිවුපා රාශියකි.
    චන්ද්‍ර, කුජ, ගුරු, කේතු ට මිත්‍ර වේ. බුධ, ශුක්‍ර, ශනි, රාහු ට සතුරුයි.
    මා, පුවපල, උතුරුපල - 1 අඩංගුය. මුල් නවාංශකය මේෂ වේ.
    කුජ ශුභයි. බුධ හා ශුක්‍ර පාපීහු වෙති.
    රතු, දියමන්ති, බෙර්ලියන්තු ආදී ගල් වර්ග පැළඳීම යහපති.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    සිංහ රාශිය

    පටු උදරය, පළල් උරහිස්, ඝන හිසකෙස්, රතුවන් සම ඇති තේජවන්ත පෙනුමෙන් යුතු සම්පුර්ණයෙන් වැඩුණු ශරීරය වේ.

    සින්හ ලග්නෙ නොවෙලත් මට මේ ලක්සන තියනව :cool:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    මගේ නම් ලග්නේත් සිංහ, නාවශකයත් සිංහ හැබැයි කොන්ඩේ නම් තුනී..
    වර්ගොත්තම උනා කියල life එකේ special මුකුත් නෑ. උසස් අධ්‍යාපනය එහෙමත් අඩපණ වෙලා තියන්නේ...
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    මගේ නම් ලග්නේත් සිංහ, නාවශකයත් සිංහ හැබැයි කොන්ඩේ නම් තුනී..
    වර්ගොත්තම උනා කියල life එකේ special මුකුත් නෑ. උසස් අධ්‍යාපනය එහෙමත් අඩපණ වෙලා තියන්නේ...
    රාශි ඵල කියන්නේ පොදුවේ. ග්‍රහබල දශා බල වගේ තවත් ගොඩක් හේතු නිසා මේවා වෙනස් වෙනවා
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Free time එකක ගාණක් අරන් බලලා දෙන්නම් :yes:
    එක අවුලක් නැහැ.. එත් ඔය වෙලාව හරියටම හරිද ?
    Nurse වැරදිලා විනාඩි ගානක් එහෙ මෙහෙ කලොත් වෙන කෙනෙක්ගේ එකක්ද එන්නේ
     
    • Like
    Reactions: NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    එක අවුලක් නැහැ.. එත් ඔය වෙලාව හරියටම හරිද ?
    Nurse වැරදිලා විනාඩි ගානක් එහෙ මෙහෙ කලොත් වෙන කෙනෙක්ගේ එකක්ද එන්නේ
    සාමාන්‍යයෙන් විනාඩි කීපයක් එහෙ මෙහෙ වුණාට ලොකු වෙනසක් වෙන්නේ නෑ. ලග්න දෙකක් අතර සන්ධියක් වගේ වුණොත් වෙනස් වෙන්න ඉඩ තියෙනවා
     
    • Like
    Reactions: NRTG