මකර රාශිය
දුබල කේඩෑරි ශරීරයකි. සිහින් මුහුණ සහ මහත් වූ දත් ඇත.
දණහිස්, කෙණ්ඩා ඇතුළු පාද වල රෝග, සන්ධි වල වේදනා, රක්ත රෝග, වාත රෝග, නිරක්තිය, සමේ රෝග ඇතිවේ.
යම් මොහොතක නැගෙනහිර ක්‍ෂිතිජයෙන් මකර රාශිය උදාවෙමින් පවතින විට යමෙක් උපන්නොත් ඔහුගේ / ඇයගේ ලග්නය මකර යැයි කියනුලැබේ. මකර රාශිය මුව-මෝර දෙමුහුන් රූපයකින් දක්වා තිබේ. රාශි චක්‍රයේ දස වැන්න වේ. රාශියේ පුර්වාර්ධය දහයේ ද අපරාර්ධය හතරේ ද බලවත් වේ. සම්පුර්ණ රාශිය උදාවීමට ලිත් පැය පහකුත් මිනිත්තු දහ අටක් ගතවේ. ගංගා, ඇළ දොල, වතු, වනගත ප්‍රදේශ වලට ද උතුරු දිශාවට ද බලපවත්වයි. මකරයේ අධිපති ග්‍රහයා ශනි ය. සෞම්‍ය, ස්ත්‍රී, සම, චර, ද්වාර, සරස්, ධාතු, මධ්‍යම, පඨවී, සුදු-රතු වර්ණ, රෑ බල, පිටින් උදාවන ජල රාශියකි.
මකරයේ කුජ උච්ච වේ. ගුරු නීච වේ. බුධ, ශුක්‍ර, රාහු සහ කේතු මිත්‍රයි. රවි සහ චන්ද්‍ර සතුරුයි.
උතුරුසල - 3, සුවණ, දෙණට - 2 අඩංගුය. මුල් නවාංශකය මකර වේ.
බුධ සහ ශුක්‍ර ශුභයි. කුජ, ගුරු සහ සඳු පාපීහු වෙති.
චන්ද්‍ර කාන්ත ගල් පැළඳීම යහපති.