🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - රාශි / වෘෂභ

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,934
    21,457
    113
    වෘෂභ රාශිය
    2.wrushabha.png

    මහත් වූ බෙල්ල හා පළල් නළල ඇති සාමාන්‍ය ප්‍රමාණයට වඩා තරමක් තරබාරු දේහය කි. ගොරෝසු රළු හිසකෙස් ය. සෙම් අධිකයි. සියළු සෙම් රෝග, පීනස, ඇදුම, සෙම් ගෙඩි, අප්‍රාණික ගතිය, නහර පිපිරීම් හා කාශය වැනි රෝග සෑදෙන්නට ඇති ඉඩකඩ වැඩිය.
    යම් මොහොතක නැගෙනහිර ක්‍ෂිතිජයෙන් වෘෂභ රාශිය උදාවෙමින් පවතින විට යමෙක් උපන්නොත් ඔහුගේ / ඇයගේ ලග්නය වෘෂභය යැයි කියනුලැබේ. වෘෂභ රාශිය ගවයකු ගේ ස්වරූපයෙන් දක්වා තිබේ. රාශි චක්‍රයේ දෙවැන්න වේ. රාශිය මුදුන් අහසේ බලවත් වේ. සම්පුර්ණ රාශිය උදාවීමට ලිත් පැයහතරකුත් මිනිත්තු හතළිස් නමයක් ගතවේ. ගොවි බිම්, කඳු බෑවුම්, වන ප්‍රදේශ වලට ද පෙරදිග දිශාවට ද බලපවත්වයි. වෘෂභයේ අධිපති ග්‍රහයා ශුක්‍ර ය. සෞම්‍ය, ස්ත්‍රී, සම, ථිර, බාහිර, ඌද්ධව, මූල, භ්‍රස්ව, පඨවි, සුදු, රෑ බල, පිටින් උදාවන සිවුපා රාශියකි.
    වෘෂභයේ චන්ද්‍ර, රාහු උච්ච වේ, කේතු නීච වේ, කුජ-බුධ-ශනි තිදෙනාට මිත්‍ර වේ. රවි-ගුරු දෙදෙනා ට සතුරුයි.
    කැති පාද 3, රෙහෙණ, මුවසිරස පාද 2 අඩංගුය. මුල් නවාංශකය මකරය වේ.
    රවි සහ ශනි ශුභයි. බුධ, චන්ද්‍ර, ශුක්‍ර හා ගුරු පාපීහු වෙති.
    පච්ච ගල් පැළඳීම යහපති.