🪐 ඔබටත් විපරීත රාජ යෝග තිබේද? 👑

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    කේන්ද්‍රයක දුෂ්ටස්ථාන හෙවත් 6, 8 සහ 12 යන ස්ථාන අධිපතින් තනි තනිව හෝ සංයෝගව හෝ දුෂ්ටස්ථාන තුලම තැන්පත්වීමෙන් විපරීත රාජ යෝග ඇතිවේ. මේ විපරීත රාජ යෝග ඉතා බලවත් වනවා සේම නිසි ලෙස යෙදුනු විපරීත රාජ යෝග ඇති තැනැත්තේ තමා උපන් භුමියේ රජු (පාලකයා) ලෙස උසස්වීම ද සිදුවිය හැකිය. විපරීත රාජ යෝග ඛාණ්ඩ තුනකි.

    1.හර්ෂ යෝගය:- 6 අදිපති 6 /8/12 තැන්පත් වීම.
    2.සරලා යෝගය:- 8 අදිපති 8/ 6/12 තැන්පත් වීම.
    3.විමලා යෝගය:- 12 අදිපති 12/8/6 තැන්පත් වීම.

    Zg2T6Lb.png


    මේ එක් එක් විපරීත රාජ යෝගය ගැන වෙන් වෙන් වශයෙන් ඉදිරියේදී විමසා බලමු 🙏
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඒක බලවත් වෙන්න වෙනම කාම යෝග තියෙනවා බන්. උබේ සොකඩේ කෙලින් වෙන්නෙම නැද්ද? 🤔
    ඉතිං ඒක තමයි කියලා තියෙන්නේ බලවත් කියලා . 🤭🤭. උඹ කිව්වෙ රජ වෙනවා කියලනෙ. මම අඩු ගානේ පන්ති නායක වෙලාවත් නෑ බන් 🥲
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,116
    10,692
    113
    කේන්දර දෙකක් තියෙනවා ,

    ලග්නය මකර - 6 අදිපති බුධ 12 කොටුවේ ගුරුත් සමග තැන්පත් වෙලා ඉන්නවා

    ලග්නය තුලා - 8 අදිපති සිකුරු 12 කොටුවේ රවී බුද සමග තැන්පත් වෙලා ඉන්නවා (12 අදිපති බුද 12 කොටුවේ)

    එතකොට මේ කේන්දර දෙකටත් විපරීත රාජ යෝග තිබේද?
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    කේන්දර දෙකක් තියෙනවා ,

    ලග්නය මකර - 6 අදිපති බුධ 12 කොටුවේ ගුරුත් සමග තැන්පත් වෙලා ඉන්නවා

    ලග්නය තුලා - 8 අදිපති සිකුරු 12 කොටුවේ රවී බුද සමග තැන්පත් වෙලා ඉන්නවා

    එතකොට මේ කේන්දර දෙකටත් විපරීත රාජ යෝග තිබේද?
    මකර ලග්න කේන්ද්‍රයට නම් යෙදිලා තියෙන හර්ෂ යෝගය බලවත්. වයස අවුරුදු 40 න් පස්සේ තමයි නියම ප්‍රතිඵල දෙන්නේ.
    තුලා ලග්න කේන්ද්‍රයේ යෙදිලා තියෙන යෝගය ඒ තරම් බලවත් නැහැ. හේතුව සිකුරු 8 අධිපති වුණත් 1ට මූලත්‍රිකෝණ වෙනවා.

    උබ් හොර කේන්දර් කාරයෙක්ද්? නැත්නම් මගේ කේන්දරේ බලල දල අදහසක් ගන්න කියපන්කෝ මොනාද් බලන්න ඕන කියල.
    දණගහල ආච්චිගේ බිජ්ජ බලපිය
    ------ Post added on Mar 11, 2024 at 9:40 PM