AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    තත්පරය හැදුන හැටි
    1960 වෙනි වසර දක්වා, තත්පරය අර්ථ දැක්වූයේ පෘතුවියේ එක දවසක් 86,400 ට බෙදා, ඉන් එක කොටසක් තත්පරයක් ලෙසට යි.

    මෙහිදී පෘතුවියේ එක දවසක් යනු "mean solar day" යන්නයි. මෙවැනි යෙදුමක් භාවිතා කිරීමට සිදු වූයේ, පෘතුවියේ එක දවසක් ගෙවීමට ගතවන කාලය එනම් පැය 24 ක් යන්න , මුළු අවුරුද්ද පුරාවටම එකාකාරව නොපැවතීමයි...

    apparent solar day 1998.png
    මේ තියෙන්නෙ 1998 වසරේ එක් එක් කාලවලදී දවසේ දිග අඩු වැඩි වීමයි..

    අවුරුද්දේ යම් යම් කාල වලදී දවසේ පැය 24 ට, තව තත්පර 10-20 ක් අඩු හෝ වැඩි වීමට පුලුවන.
    එම නිසා mean solar day යනු මුළු අවුරුද්දම සලකල බලල, සාමාන්‍යයෙන් පෘතුවියේ එක දවසක්, මෙච්චරයි කියන එක.. එනම් පැය 24 ක්..

    දැං අහන්ඩ එපා තත්පරය අර්ථ දක්වන්ඩ කලිං, පැය 24 ක් කියන්නෙ කොහොමද කියල.. ඔයාලට තේරෙන්ඩ ඕන පෘතුවියේ දවසක් කියන එක, තත්ත්පර ගානකින් යම් යම් කාලවලදී වෙනස් වෙන බව.. ඒකයි මේ පැහැදිලි කෙරුවෙ..

    අපි ඕකට පාවිච්චි කරන්නෙ මධ්‍යනය කියන වචනෙ නේද ?
    ඉතිං ඔය mean solar day කියන එක 86,400 න් බෙදුවම, ඉන් එක කොටසකට තමා තත්පරය කියන්නෙ.. අන්න එහෙමයි වර්ෂ 1960 වෙනකං තත්පරයක් කියන්නෙ මෙච්චරක් කියල සම්මත විදියට කිව්වෙ..

    එක දවසක් බැරි හින්ද, ඔක්කොම දවස් දාල සාමාන්‍ය සූර්ය දවස කියල එකකුත් හදාගත්ත කියමුකො.. වැඩේ කියන්නෙ විද්‍යාඥයින්ට තේරුන, මේ mean solar day කියන එකත් ටික ටික දික් වෙනව කියල..:baffled: දැං අර ඕකෙන් බෙදල ගන්න, තත්පරෙත් එතකොට ටික ටික දික් වෙනව. ඉතිං මේක කරන්ඩ බෑනෙ. මේ ග්‍රහ චලිතයත් හරියටම වෙලාවට වෙන්නෑ කියන එකයි ඒකෙන් ඔප්පු වෙන්නෙ..:angry: ලොකුවට නෙමේ.. ඒත් ටික ටික වැඩි වෙනව..

    1967 දි විද්‍යාඥයින්ට පුලුවන් උනා තත්පරය සාර්ථකව අර්ථ දක්වන්ඩ, සීසියම් කියන මූලද්‍රව්‍ය ආශ්‍රය කරගෙන..

    මෙතනදි වෙන්නෙ මේකයි.. සීසියම් 133 සමස්ථානිකයේ පරමාණුවක එක්තරා ඉලෙක්ට්‍රෝනයක් ශක්ති මට්ටම් දෙකක් අතර හුවමාර වීම් 9,192,631,770 ක් තත්පරයක් ලෙසටයි..

    csclock.gif

    "The duration of 9192631770 periods of the radiation corresponding to the transition between the two hyperfine levels of the ground state of the caesium 133 atom"

    ඕක කොහොම ගණන් කරන්නවද මංද....
    ඉතිං සීසියම් පරමාණුව හින්ද, තත්පරය හරියටම මේකයි කියල අර්ථ දක්වන්ඩ පුලුවන් උනා...


    අමතර තත්පරය (leap second)
    නමුත් හිරු වෙලාවත්, මෙම පරමාණු ටයිම් එකත් අතර වෙනස කාලෙන් කාලෙට සින්ක් කරන්ඩ වෙනව :yes:. නැත්තං ඉර කැරකෙන විදියයි, සීසියම් ඔරලෝසුවයි දෙපැත්තකට යනව.. මේ සඳහා විද්‍යාඥයෝ අමතර තත්පරයක්, කාලෙන් කාලෙට සීසියම් ඔරලෝසුවට එකතු කරනව. ඒ සීසියම් පරමාණු ඔරලෝසුව වැරදි නිසා නෙමේ.. පෘතුවියේ භ්‍රමණයත් එක්ක සමපාත කරන්ඩ තමා එහෙම කරන්නෙ.. 1972 ඉඳල මේ දක්වා මෙවැනි අමතර තත්පර 25 ක් atomic clock එකට එකතු කරල තියෙනව.. අවසානයට තත්පරයක් එකතු කළේ 2012 ජූනි 30. නැවත මෙවැනි එකතු කිරීමක් 2015 ඒ කියන්නෙ මේ අවුරුද්දෙ ;) ජූනි 30 සිදු වීමට නියමිතයි..
     
    Last edited: