100 ක් දෙන්න

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    ඔන්න සයිටම් එකෙන් අවුට් වෙච්ච පොරක් හිටියලු. රජයේ හොස්පිට්ල් වල වැඩ කරන්න දෙන්නෙ නැති පාර මෑන් තීරණය කරාලු ප්රයිවට් චැනලින් ‍සෙන්ටර් එකක් දාන්න.

    බිස්නස් වැඩි කරගන්න ඕනි නිසා මූ දැම්මලු ඉස්සරහ ලොකු බෝඩ් එකක් මෙහෙම.


    "රුපියල් 100 ට අද්විතීය ‍බෙහෙත්. හොඳ කරන්න බැරි වුනොත් රුපියල් 1000 ක් ගෙවනු ලැබේ."

    මෙතනින් යන ලෝයර් කෙනෙක් මේක දැක්කලු. දත ගලවන එක මිනිහගේ ජීවන වෘත්තියනේ. පොර කල්පනා කරාලු සයිටම් ඩොකාට ගේමක් දෙන්න. පොර ඩොකා ළඟට ගිහින් කිව්වලු ඩොක්ට මගේ දිවට රහ දැනෙන්නෙ නෑනේ කියලා. ලෝයර් හිතනවලු මූ කොහොම දැන ගන්නද මට රහ දැනෙනවද නැද්ද කියලා. 1000 ක් අතේ තමයි කියලා.

    ඩොකා එතන ඉන්න කෙල්ලට කිව්වලු බෙහෙත් පෙට්ටි අංක 22 පෙට්ටියේ තියෙන බෝතලෙන් බිංදු 3ක් ලෝයර්ගේ කටට දාන්න කියලා. දැම්මා විතරයි අරූ තූ තූ කිය කියා ඇඹරෙනවලු.

    ඩොක්ට : ඇයි ? ඇයි ? මොකද?
    ලෝයර් : මොන මගුලක්ද යකෝ ඒ? පට්ට භූමිතෙල් රහයිනේ.
    ඩොක්ට : අන්න බලන්න ලෙඩේ හොඳ වුනා. රුපියල් 100 ක් දෙන්න.


    කෙලවගත්ත ලෝයර් ගෙදර ගිහින් ආයෙම ගැටයක් ගැහුවා. සති දෙකකින් විතර ආයේ ගියා ඩොකා ළඟට.

    ලෝයර් : ඩොක්ට මට මොනවත් මතක නෑනේ අප්පා. මේකට බේතක් දෙන්නකෝ.

    පොඩ්ඩක් කල්පනා කරලු ඩොකා එතන ඉන්න කෙල්ලට කිව්වලු බෙහෙත් පෙට්ටි අංක 22 පෙට්ටියේ තියෙන බෝතලෙන් බිංදු 3ක් ලෝයර්ගේ කටට දාන්න කියලා. කිව්වා විතරයි ලෝයර්ට උන් හිටි තැන් අමතක වුනාලු.

    ලෝයර් : මොන මගුලක්ද යකෝ හැමදාම භූමිතෙල් පොවන්නෙ ? සති දෙකකට කලිනුත් තොපි මට දුන්නේ ඕකමනේ.
    ඩොක්ට : අන්න බලන්න දැන් හොඳට මතකෙ ඇවිත් තියෙන්නේ. 100 ක් දෙන්න. 100 ක් දෙන්න.


    එදත් වැඩේ අල කර ගත්තු ලෝයර් කල්පනා කරලා කරලා, අදනම් 1000ට වැඩේ දෙන්නම් කියලා ආයේ සති දෙකකින් විතර ගියාලු.

    ලෝයර් : ඩොක්ට මට මොකවත් පේන්නෙ නැතුව ගියානේ හිටපු ගමන්.
    ඩොක්ට : අනේ සොරි. ඕකට නම් මම බෙහෙත් දන්නේ නෑ. මෙන්න ඔයාට මම ගෙවන්න ඕනි රුපියල් 1000.


    සල්ලි කොලේ දැක්ක ගමන් ලෝයර්ට මල ඕවර්ලු.

    ලෝයර් : මොන මගුලක්ද යකෝ? මේ රුපියල් 100 ක් නේ. දාහක් දීපිය.

    ඩොක්ට : අන්න බලන්න දැන් හොඳට පෙනීම ඇවිත් තියෙන්නේ. ඔය 100 යි මගේ 100 යි 200 ක් දීපිය.

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    විච් මීන්ස් සයිටම් ඩොක්ටර්ස් ආ දි බෙස්ට් ඩොක්ටර්ස් ඉන් දි වර්ල්ඩ් :P
    බොරුවටනෙ මේ අන්තරේ ළමයි දඟලන්නෙ :angry::angry:
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    යාළුවා;23192575 said:
    විච් මීන්ස් සයිටම් ඩොක්ටර්ස් ආ දි බෙස්ට් ඩොක්ටර්ස් ඉන් දි වර්ල්ඩ් :P
    බොරුවටනෙ මේ අන්තරේ ළමයි දඟලන්නෙ :angry::angry:

    :lol::confused:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මේක අවුරුදු 10 කටත් පරණ ජෝක් එකක්.

    මට මතකයි ඒ කාලේ තිබ්බ, ත්‍රෙඩ් නම් හොයන්න බෑ මේ මෑතක වැටුන ඒවා (තව google කරොත් හම්බෙයි)

    http://www.elakiri.com/forum/showthread.php?p=19541202
    http://www.elakiri.com/forum/showthread.php?p=19809764


    ඕක සයිටම් දොස්තර නෙමෙයි, doctor සහ Engineer කියල ආවේ.

    ඕක ඔය කිසිම Creativity එකක් නැති ලංකාවේ ඉරිසියාකාර දොස්තරයෙක් කතාව ඔය විදිහට හදල දාල තියෙන්නේ සයිටම් එකට හින් නූලෙන් මඩක් යවන්න.

    අපේ උන්ට ඉතින් බැරි කමම විතරයි. අලුත් දෙයක් කරන්න කිසිම හැකියාවක් නෑ :(

     
    Last edited: