දැන් සිරාවටම මේ සුපෝෂ එකට outlet ඕනද. නිකන් බොරු සොබ්බයක්නෙ. හරියට analysis එකක් study එකක් කරල නෑ කියල තේරෙනව මේක ගැන . සුපෝෂ විකුණන්න විතරක් outlets? Seriously man!!
මතකද උබලට දවසක් මම කිවුව මේ කතාව thread එකක.
ඔය business වලට NPP එකේ පොරවල් එච්චර කැමැත්තක් නෑ කියන එක. JVP පරණ ජාන. ධනවාදි කඳුවුර කියල දාගෙන උන් සාමාන්‍ය මිනිස්සුන්ගෙන් හූරන් කනව කියල මතේ තමා ඉස්සර JVP එකෙන් කිවුවෙ. ඒකෙ පොඩි පොඩි කෑලි තමා ඔය තියෙන්නෙ. මොකද එහෙම නැත්තන් ඕක keells cargills super market වලට දැම්ම නං උණ කැවුම් වගේ යනව.දැන් මෙහෙමයි මම දකින විදිහට ඔතන පොඩි racist වගේ සීන් එකකුත් ලාවට යනව. ඒ කියන්නෙ ජාති ආගම් සීන් නෙමේ. සමාජවාදි and ධනවාදි කඳුවුර. NPP කිවුවට අපි ඉන්නෙ JVP ආණ්ඩුවක. සරලයි. ඒක සමාජවාදයට බරයි කොච්චර business වලට support කරනව කිවුවත් 1970-80 අලු යට ගිනි තාම තියෙනවනෙ ඉතින්. business කරන ධනපති පංතිය සමාජවාදී ඇහෙන් එයාල දකින්නෙ දුප්පත් මිනිස්සු, පීඩිත පංතිය තවත් පීඩිත කරල තලා පෙලා දාල පොහොසත් වෙන සෙට් එකක් විදිහට. ඉතින් ඒ කාලෙ ඔය කියපු කතා පොඩ්ඩක් හරි ඔලුවෙ තියෙනවනෙ. අනික මේ ආණ්ඩුවෙ ප්‍රධාන ප්‍රතිපත්තියක් තමා දුප්පත් අය ඒකෙන් මුදවගන්න වැඩපිළිවෙළක් යොදන එක. ඒකෙම තියනව පොඩ්ඩක් ධනවාදී , පීඩිත පංති සීන් එක පොඩ්ඩක්. දුප්පත් කමින් මුදව ගන්න එක හොදයි තමා. හැබයි සමාජවාදී තියරි එකෙන් හිතල නං නෙමේ. බිස්නස් කරන මිනිස්සුත් එක්ක සුහදව ඉදගෙන.
මොකද සුපෝෂ පොඩ්ඩක් brand එකක් වෙලා තියෙන්නෙ දැන්. හැම තැනම ගන්න නෑ. සමහර වෙලාවට අපිත් හොයනව. Keells cargills වල තිබ්බ කියල මට මතකයක් නෑ.
හරි ඒ super market අමතක කරපන්කො. ඕක සතොසට දාන්න පුළුවන්. ඒකෙන් තව වාසි තියනව.
සුපෝෂ හොයාගෙන එතකොට සතොසට එන මිනිස්සු තව බඩුවක් දෙකක් අරගෙන යන්නත් පුරුදු වෙනව එතකොට. වෙනම customer base එකකුත් හදාගන්න පුළුවන්.
දැන් මේකටම වෙනම outlet ඇරගෙන employers ල අරගෙන rent bills ගෙවාගෙන මොන මගුලක්ද. මේක ගැන හරියටම හොයල නෑ. අර පහු ගිය හොර සෙට් එක වගේ බොරුවට අච්චර open කළා මෙච්චර කළා කියල බොරුවට පෙන්නන්න දාල ඇති. ඔහොම ගියොත් maximum 6 years.
දැන් අනිත් පොර චතුරන්ගය. බයේ බෑ කියන වචන වලට. E commerce platform වචනයක් අල්ලගෙන. ඒක ගැන වෙනම thread එකකින් කතා කරන්න ඕන.