100 of සුපෝෂ Outlets? Serious NPP? පිස්සුද?

shenat

Well-known member
  • May 13, 2007
    58,455
    86,719
    113
    ආශ්චර්යමත් රටක
    මචං
    වරදින තැන උඹලටත් ඔතැන
    මයිනා යුද්දේ කරලත් ජනේලෙන් යන්නයි ගෝටා වීරයා වගේ ඇවිල්ලා හැංගිලා දුවන්නයි රනිලා රට වැටිච්ච වෙලේ බෙල්ල තිබ්බත් ගෙදර යන්නයි උන හේතු ටික කල්පනා කරපන් හිමිට

    අරු කල නිසා අපි කරාම මොකෝ තියරිය දැන් මිනිස්සු ඒ හැටි කල් ඉවසන් නෑ
    උඹලා පාක්ෂිකයෝ වෙන්න ඇති npp
    ඒත් වැරද්ද දැක්කම ඒක වහන්න බටර් ගාන්න එපා
    ඒක උඹලගේ පක්ෂෙටම කර ගන්න කොඩි විනයක්
    උඹ ලංකාවේ නැතිව ඇති මාත් නෑ. හැබැයි අපේ අහුමුලු තාම ලංකාවේ තියෙනවා
    හැබැයි ගොඩාක් වෙලාවට මේක මෙහෙම හරි දුවන අන්තිම ආණ්ඩුව වෙයි
    ආය අරගලයක් එන් නැති වෙන්න උඹලම උඹලගේ මහ එවුන්ගෙන් අහපල්ලා මේ කරන ට්‍රැක් වැඩ වලට හේතු
    සියා කෝටි ගණන් වල කජු කෑව එකට දෙවැනි නෑ මේ ගෝත වැඩේ
    මිනිස්සු පෝලිමේ ගිහින් සුපෝස කන්න ලැස්ති පිට ඉන්නේ කියලද බන් මේ මරි මෝඩ තීරණ ගන්න එව්වෝ හිතාන ඉන්නේ

    මේ අන්තිම කාලේ කරපු හැම වැඩේම මම දැක්කේ අමු ට්‍රැක් ටිකක්. අර වැට් රිටන් එක නම් සුපිරි
    හොරු අල්ලලා හිරේ දැමිල්ලට සමගාමීව සංවර්ධනේ ප්‍රාෙයා්ගිකව අරන් යන්න කියහල්ලා මහ එවුන්ට


    යකෝ ඒ ෆැන්චයිස් එකට බෙල්ල තිබ්බ කොම්පැණිය හොයලා දියන්කෝ ට්‍රැක්ටර් අයින් කරලා හාන්න ගන්න
    මරුනේ බන් ඒක
    ------ Post added on Jul 7, 2025 at 2:52 AM

    හේතු ටික කල්පනා කරා කලින්ම.
    ඒව දැන් කරන්නෙ නෑනෙ.

    මයිනා ණය පොළියවත් ගෙවාගන්න බැරි ගොං ප්‍රොජෙක්ට් කරලා, කොමිස් ගහලා රටට කෙළෙව්වා.

    පොනිලා නිකන්ම මහබැංකුවෙන් හොරා කෑවා/ණය අරන් කෑවා. පාඩු ලබන්නවත් කිසි දෙයක් හදල නෑ.

    මේ ආණ්ඩුව ඔය එකක්වත් කරලා නෑ. අරුන් දෙගොල්ලොම පාඩු කරපුවා ලාබ කරන්න වැඩ කරනවා.

    ඒව උබලට වැරදියි වගේ තමයි පේන්නෙ. අපිට ඒවට කරන්න දෙයක් නෑ.


    ඒක නෙවෙයි මේකෙ වරද/වැරදි මොකක්ද කියපන්කො.
     
    Last edited:
    • Haha
    Reactions: supun_sg

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    photo-2025-07-06-18-40-09.jpg


    දැන් සිරාවටම මේ සුපෝෂ එකට outlet ඕනද. නිකන් බොරු සොබ්බයක්නෙ. හරියට analysis එකක් study එකක් කරල නෑ කියල තේරෙනව මේක ගැන . සුපෝෂ විකුණන්න විතරක් outlets? Seriously man!!
    මතකද උබලට දවසක් මම කිවුව මේ කතාව thread එකක.

    ඔය business වලට NPP එකේ පොරවල් එච්චර කැමැත්තක් නෑ කියන එක. JVP පරණ ජාන. ධනවාදි කඳුවුර කියල දාගෙන උන් සාමාන්‍ය මිනිස්සුන්ගෙන් හූරන් කනව කියල මතේ තමා ඉස්සර JVP එකෙන් කිවුවෙ. ඒකෙ පොඩි පොඩි කෑලි තමා ඔය තියෙන්නෙ. මොකද එහෙම නැත්තන් ඕක keells cargills super market වලට දැම්ම නං උණ කැවුම් වගේ යනව.
    මොකද සුපෝෂ පොඩ්ඩක් brand එකක් වෙලා තියෙන්නෙ දැන්. හැම තැනම ගන්න නෑ. සමහර වෙලාවට අපිත් හොයනව. Keells cargills වල තිබ්බ කියල මට මතකයක් නෑ.
    හරි ඒ super market අමතක කරපන්කො. ඕක සතොසට දාන්න පුළුවන්. ඒකෙන් තව වාසි තියනව.
    සුපෝෂ හොයාගෙන එතකොට සතොසට එන මිනිස්සු තව බඩුවක් දෙකක් අරගෙන යන්නත් පුරුදු වෙනව එතකොට. වෙනම customer base එකකුත් හදාගන්න පුළුවන්.
    දැන් මේකටම වෙනම outlet ඇරගෙන employers ල අරගෙන rent bills ගෙවාගෙන මොන මගුලක්ද. මේක ගැන හරියටම හොයල නෑ. අර පහු ගිය හොර සෙට් එක වගේ බොරුවට අච්චර open කළා මෙච්චර කළා කියල බොරුවට පෙන්නන්න දාල ඇති. ඔහොම ගියොත් maximum 6 years.
    දැන් අනිත් පොර චතුරන්ගය. බයේ බෑ කියන වචන වලට. E commerce platform වචනයක් අල්ලගෙන. ඒක ගැන වෙනම thread එකකින් කතා කරන්න ඕන.
    හෙළයොන්ට පුලුවන්ද බන් රටවල් කරන්න
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    නෑ නෑ.. මාලිමා අයියලා හොඳ ප්ලෑනක් ඇතුව ඔය කරන්නේ..

    සුපෝශ කියලා පටංගත්‍තට ඊලඟට කංසා නීතිගත කරලා. ඔය ශොප් 100 ම සුද්දංට ගංජා විකුනන්න ගන්නවා. විදේස ආයෝජන...

    කොහොමද ටිකිරි මොලේ?
     
    • Haha
    Reactions: supun_sg

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,307
    113
    අරු කල නිසා අපි කරාම මොකෝ තියරිය දැන් මිනිස්සු ඒ හැටි කල් ඉවසන් නෑ
    උඹලා පාක්ෂිකයෝ වෙන්න ඇති npp
    ඒත් වැරද්ද දැක්කම ඒක වහන්න බටර් ගාන්න එපා

    Yeah true. I also voted NPP. But if there is something wrong, I would stand for it.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    මෙම පිංතූර පෝස්ටුව මුලින්ම දුටුවිට සිතුවේ මෙය රජය අපහසුතාවට පත්කිරීම සඳහා විපක්ෂ ක්‍රියාකාරීන් විසින් නිර්මාණය කල ව්‍යාජ එකක් වියහැකි බවය.

    නමුත් රජයට සම්බන්ධ මාධ්‍ය ක්‍රියාකාරිකයන් විසින්ද මෙම පෝස්ටුව සහිතව යෝජිත කටයුත්ත සම්බන්ධව ප්‍රචාරය කරන විට මෙය සත්‍ය බව දැනගත්තා පමනක් නොව විස්මයටද පත්වුනෙමි.

    විස්මයට හේතුව වුනේ කුඩා දරුවන් සෙල්ලම් කඩවල් ආරම්භ කරන ආකාරයට වගකිවයුතු වැඩිහිටියන්ටද හැසිරිය හැකිබව පෙනුන නිසාය.සුපෝෂ අලෙවි කිරීම සඳහා සතොස ආයතනය යොදාගත හැකිය , මෙය පෝෂණ ව්‍යාතිරේකයක් නිසා අවශ්‍ය නම් ඔසුසැල් ජාලය හරහාද අලෙවි කිරීම කල හැකිය.

    එවැනි පහසු ,ලාබදායක අවස්ථා තිබියදී සුපෝෂ අලෙවි කිරීම සඳහාම වෙළෙඳ සැල් ජාලයක් ආරම්භ කලයුතු බව සිතන්නේ ඇයිදැයි පැහැදිලි නැත.

    මෙවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ගොඩනැගිලි කුලියට ගතයුතුය ,සේවක සේවිකාවන් බඳවා ගතයුතුය , එසේම මෙම වෙළෙඳ සැල් වල විදුලිය ජල බිල්පත් වෙනුවෙන් මුදල් ගෙවිය යුතුය.

    සුපෝෂ පැකට් අලෙවිකර ඒ ලාභයෙන් සේවක වැටුප් ගෙවා ගොඩනැගිලි නඩත්තු වියදම් පියවා අවසානයේ රජයට ලාභයක්ද ලැබිය හැකි බව කල්පනා කල මොළයේ හිමිකරු කවුරුන් විය හැකිද?
    ගොඩනැගිලි කුලියට ගතයුතුය? කව්ද බන් මේ හෑලි ලියන්නෙ සුපෝශ ගුලි විකුනන්න මුන් හිතන්නෙ සුපර් මාකට් දාන්න ඕන කියල.....