සිමෙන්ති ටැංකි ලීක් වෙනවා බන්, ලීක් නවත්තන්න ඕන නම් අර බාත්රූම් වලට තියන ටයිල් ඇඩ්හීසිවු දාල ටයිල් කරන්න ඕන, ඒත් හිටි ගමන් මුලු වලින් එහෙම ලීක් වෙන්න ගන්නවා
අපෙ දෙනියායෙ ගෙදර ඔහොම වතුර ටැංකියක් තියනවා ලීක් හදන එකේ ඉවරයක් නැහැ, පිටිනුත් සවුත්තු වෙන්න ගන්නවා හෙන කරදරයි. සමහරවිට මේව හදපු බාස්ලා ඕව ගැන හරියට දන්නෙ නැතිව හදලද දන්නෙ නැහැ ඒ ටැංකිය
බොන වතුර දාල තිබ්බට අවුලක් නැති වෝටර් පෘෆ් තියනවද කියලා මම හරියටම දන්නෙ නැහැ, තියනවා ඇති සමහරවිට
මගේ ලඟ ආපිකෝ 2000L ටැංකියක් තියනවා, ඒක ගත්තෙ 23K වලට අවුරුදු 3කට විතර කලින් (අර ඇතුල සුදුපාට එකක්), අපේ පැත්තට වතුර එන්නෙ දවස් දෙකකට සැරයක්, සමහර වෙලාවට දවස් 3ට සැරයක් එන්නෙ,එහෙම උනාම ටැංකිය සම්පූර්නයෙන්ම වගේ ඉවරවෙන දවස් ඉඳල හිටල එනවා, ඒක නිසා ටැංකිය පුලුවන් තරම් ලොකු එකක් ගන්න එක ලෝන්ග් ටර්ම් වාසියි
මම හිතන් ඉන්නෙ තව 2000L ටැංකියක් අරගෙන මේකටම ජොයින්ට් කරන්න කියලා.