138 බස් එකේ ඇවිත් මහ සෙනඟ මැද තරුණයෙකුට හාදු ද

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    138 බස් එකේ ඇවිත් මහ සෙනඟ මැද තරුණයෙකුට හාදු ද

    6929-girl-kiss-boy-in-138-bus916902715.jpg


    මහරගම සිට කොටුව බලා පිටත්වූ 138 බස්රථයකට නැගුණු තරුණයෙකුට බසයේදී හාදුවක් දී බැසගිය තරුණියක සම්බන්ධයෙන් වන සිදුවීමක් පිළිබඳව අපහට දැනගන්නට ලැබිණි. ඊයේ (19) දින මෙම තරුණිය බසයට ගොඩවී ඇත්තේ නාවින්නට ආසන්නව පිහිටි බස් නැවතුමකිනුයි.

    උදෑසන කාලය නිසා බසයේ සෙනඟ පිරී තිබී ඇති අතර තරුණිය නුගේගොඩ වනතුරුම පාපුවරුව අසල අසුන අල්ලාගෙන ගමන් කරන්නට වී තිබෙනවා. නුගේගොඩදී බසයේ සිටි පිරිසගෙන් වැඩි ගණනක් බැසගත් නිසාවෙන් තරුණියට ඉඳගන්නට අසුනක් හිමිවීමත් සම‍ඟ ඇය සිය දුරකථනය ගෙන යමෙකුට කතාකරන්නට වී තිබෙනවා.

    ඇයගේ ඉරියව්වෙන් පෙනී ගොස් ඇත්තේ ඒ ආදරවන්තයෙකු හා ආදරවන්තියක අතර සිදුවන යම් කතාබහක් ලෙසිනුයි. වාහන තදබදය නිසාවෙන් කතාබහත් දික්ගැස්සී කිරුළපන නැවතුම ළංවත්ම තරුණිය විසින් එකවරම දුරකථනය විසන්ධි කර බෑගය බහාගන්නට වී තිබෙනවා.

    ඒ අන් කිසිවෙක් නිසානොව ඇය හොඳින්ම දන්නා තවත් තරුණයෙකු එම බසයට ගොඩවෙනු දැකීමෙනුයි. කිසිවක් නොදන්නා අයෙකු ලෙසින් තරුණයා දෙස සිනහවක් පෑ ඇය ඉඳගෙන සිටි අසුන අසළට තරුණයාව ගෙන්වා ගන්නේ කිසිදු වචනයක් හෝ මුවින් පිටනොකර ඇසේ එක් බැල්මකිනුයි.

    මිනිත්තු 20ක් පමණ තරුණයා සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙන තරුණිය එක්වරම තරුණයාගේ අතින් අල්ලාගෙන යන්නට වීමත් සමඟ ඇයගේ අසුනේ අනෙක්පස සිටි පුද්ගලයා විමතියෙන් මෙන් ඇයගේ මුහුණ දෙස බැලුවේ පෙර ඇය දුරකථනය සංවාදයේදී අනෙක් පාර්ශවය වෙත පැවසූ දේවල්වලින් බිඳක් හෝ ඔහුගේ කනට වැටුණු නිසා වන්නට පුලුවන්.

    අහෝ මෙවන් ලෝකයක් යැයි සිතාදෝ ඔහු ජනෙලයෙන් එපිට බලාගෙන යන අතරතුර තුම්මුල්ල බස් නැවතුමක බසය නතරවත්ම බසයේ සිටි සියළු දෙනාගේම ඇස් අදහාගත නොහැකි ලෙසින් පෙනීයන්නට වුනේ හිදගත් අසුනෙන් එකවර නැගිටුණු තරුණියක බසයේ මැද තරුණයෙකු සිපගෙන සිටින අයුරුයි.

    ඒ අසල දරුවෙකු ළඟතබාගෙන සිටි මවක් කරකියාගත නොහැකිවදෝ සිය සාරිපටෙන් දරුවාගේ ඇස්වසන්නට උත්සාහ කරන අතර තරුණියගේ අසුනේ අනෙක්පස සිටි පුද්ගලයා මහ හයියෙන් කෑ ගහන්නට වූයේ ‘‘වනචර හැත්ත මුං බස් එකක යන්න දන්නේ නෑ‘‘ ලෙසිනුයි.

    තත්පර 30ක පමණ නාට්‍යකින් පසුව තරුණිය බසයෙන් බැස යන්නට වූ අතර බසයේ කොනක සිටි පාසැල් සිසුන් බසයේ තනිවුණු තරුණයාට විහිළුවට මෙන් සිනාවන්නට වූවත් බසයේදී නොසිතූ මොහොතක සිදුවූ මෙම සිදුවීමෙන් ඔහු දැඩි අපහසුතාවයකට පත්වුනු බවක් දැකගන්නට ලැබී තිබෙනවා.

    කම්මුල පැත්තකින් අල්ලාගෙන අසුනේ මුල්ලකට වී ගමන් කරනවා හැර තරුණයාට වෙන කරන්නට දෙයක් නොමැතිබැව් පෙනීගියේ තරුණිය දුන් හාදුවෙන් තමන්ගේ රෙදි බසයේදී ගැලවුනාදෝ යැයි සිතේ කොනක සැකයක් මතුකරමිනුයි.



    P.S :- මුන් මේක රස කර කර කියලා තියෙන හැටි බල‍හංකෝ. ගොං මීඩියාකාරයෝ. ලිංගික කුහකත්වය මේකට කියන්නේ
     

    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    ලිංගික කුහකත්වය මේකට කියන්නේ



    :yes:

    mama inna rate one tharam kiss karanawa hug karanawa kawuruwath balanne na. school girls la adinne thighs pena short skirts, eth kisi karadarayak wenne na.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,675
    113
    Auckland
    තුම්මුල්ල බස් නැවතුමක බසය නතරවත්ම බසයේ සිටි සියළු දෙනාගේම ඇස් අදහාගත නොහැකි ලෙසින්
    :shocked:

    නොදකින් වනචර හැත්ත මුන්ට තමන්ගෙ පාඩුවෙ බස් එකේ යන්න බැරි හැටි :lol:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මහා ගෑනු/මිනිස්සු බස් එකේ කුණුහරප කියාගෙන ගහ බැන ගන්නකොට අම්මලා පොඩි උන්ගේ ඇස් වහන්නේ නෑ.
    කෙල්ලෙකුයි කොල්ලෙකුයි ලව් කරද්දී පොඩි එකාගේ ඇස් වහනවා.
    --------------------------------------------------------------
    ආදර්ශය : ආදරයට වඩා ගහමරා ගැනීම උතුම්.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    :shocked:

    නොදකින් වනචර හැත්ත මුන්ට තමන්ගෙ පාඩුවෙ බස් එකේ යන්න බැරි හැටි :lol:

    blog
    """"මේක ප්‍රජාතන්ත්‍රවාදි රටක්.එනිසා ඕන කෙනෙකුට ඇදුම් ඇතුව හරි නැතුවහරි රටේ ඕනම ස්තානයකට,,ඕනම උත්සවයකට..ඕනම පුජ්ය ස්තානයකට යන්න පුලුවන්..ඒක අපේ කැමත්ත,,අපේ සල්ලි..අපේ ඇදුම්..අපේ ඇග

    බස් එකක නෙවෙ මහපාරෙ උනත් ඕනම වයසක,,ලමා බාල තරුන වයසක ඕනම දෙන්නෙක්ට තමන්ට කැමති විදිහට හැසිරෙන්න පුලුවන්..අනික් අයට ඒව විවේචනය කරන්න අයිතියක් නෑ..කිස් දෙන්න කාගෙන්වත් අවසර ඕන නෑ..ඔයාලට ඉරිසියනම් නිකා ඉන්න අපට ඉරිසිය කරන්න එපා,,හැමෝටම මෙහෙම සැප ලබන්න වාසනාවක් නෑ ඒකට අපි මොනා කරන්න ද..ජීවත් වෙන්නෙ ටික කාලයයි මේ ලස්සන ඇගෙන් ප්‍රයෝජනයක් අරන් තමුන්ත් ෆන් එකක් අරන් අනිත් අයටත් මොනවහරි සර්විස් එකක්දීල සතුටින් ඉදල ඉන්න ටිකදවස ගත කරන්න ඕනෙ..තමන්ට දෙන්නගෙ කැමත්තෙන් හැගීමක් ආවනම් ඕක ඉන්නෙ කොතනද ඇදගෙන ඉන්නෙ මොනවද වට පිට ඉන්නෙ කව්ද බලන්න ඕන නෑ දෙන්නට හිතෙන දේ කරල සතුටු වෙන්න ඕන,,138 බස් නෙවේ ඇස්වාට්ටුවෙහන්දි උනත් ඒකට බාදවක් තියෙන්න බෑ ..හැගීම් ආවම ඒ වෙලාවෙම ඒව සැටිස් කරගන්න ඕන..ඉස්සරනම් සිංහල බෞද්ධ රට සංස්කෘතිය අර මේව කියල බාධා තිබ්බ දැන් එහෙම කාටවත් වෙන් උනට රටක් නෙවෙ මේක,,කාටවත් කිසි වගකීමකක් බැදීමක් තවදුරටත් නෑ මේ රටේ,,ඇමෙරිකාවටත් වඩා නිදහසක් අපිට ඕනෙ
    -මිට සුවන්ගි අක්කියා,,""""
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    """"""""138
    177
    176
    154
    175
    183

    කිස් වලට නම් හරාපු බස් රූට්,,අනේ අපේ කිස් කිරීමේ අයිතියට බාදා කරන්න එපා..කිස්කරන අපි නෙවේ වැරදි අපි දිහා බලන අය """
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මහා ගෑනු/මිනිස්සු බස් එකේ කුණුහරප කියාගෙන ගහ බැන ගන්නකොට අම්මලා පොඩි උන්ගේ ඇස් වහන්නේ නෑ.
    කෙල්ලෙකුයි කොල්ලෙකුයි ලව් කරද්දී පොඩි එකාගේ ඇස් වහනවා.
    --------------------------------------------------------------
    ආදර්ශය : ආදරයට වඩා ගහමරා ගැනීම උතුම්.

    :rofl::lol::rofl::lol:
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    මහා ගෑනු/මිනිස්සු බස් එකේ කුණුහරප කියාගෙන ගහ බැන ගන්නකොට අම්මලා පොඩි උන්ගේ ඇස් වහන්නේ නෑ.
    කෙල්ලෙකුයි කොල්ලෙකුයි ලව් කරද්දී පොඩි එකාගේ ඇස් වහනවා.
    --------------------------------------------------------------
    ආදර්ශය : ආදරයට වඩා ගහමරා ගැනීම උතුම්.

    :lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,675
    113
    Auckland
    මහා ගෑනු/මිනිස්සු බස් එකේ කුණුහරප කියාගෙන ගහ බැන ගන්නකොට අම්මලා පොඩි උන්ගේ ඇස් වහන්නේ නෑ.
    කෙල්ලෙකුයි කොල්ලෙකුයි ලව් කරද්දී පොඩි එකාගේ ඇස් වහනවා.
    --------------------------------------------------------------
    ආදර්ශය : ආදරයට වඩා ගහමරා ගැනීම උතුම්.

    make war not love
    :yes: