17 හැවිරිදි අසංකට ගංජා ; අගමැතිට කුඩු?

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    17 හැවිරිදි අසංකට ගංජා ; අගමැතිට කුඩු?

    17 හැවිරිදි අසංකට ගංජා ; අගමැතිට කුඩු?

    හර්ෂි සි. පෙරේරා

    යටවත්ත පොලිසිය තවත් අපරාදයක කොටස්කරුවන් වෙමින් 17 හැවිරිදි අසංකට ගන්ජා වියාජ නඩුවක් පවරා තිබේ. මේ රටේ අගමැති සම්බන්දිකරන ලේකම් විශාලතම කුඩු තොගය ගෙන්වා නිරුපද්‍රිතව සිටින රටයි. රටේ නීතිය අගමැති ක්‍රියාකලාපය සම්බන්දයෙන් නිහඩය. අප දන්නා තරමට සියල්ලෝම නීතියට යටත්ය. නමුත් මෙම සිද්දාන්තය රටේ නීති පොතට පමණක් සිමා වී තිබේ. පොලිසිය සියල්ල තම වාසියට ගනිමින් අසන්කලා වැනි තරුණ ජිවිත බිලි ගනිමින් සිටි.

    01. සභාපති
    මානව හිමිකම් කොමිෂන් සභාව
    අංක 165
    කිංසි පාර
    කොළඹ 08

    02. පොලිස්පති
    පොලිස් මූලස්ථානය
    කොළඹ 01

    03. නීතිපති
    නීතිපති දෙපාර්තමේන්තුව
    කොළඹ 12

    ව්‍යාජ චෝදනා නගා
    නඩු පවරා වධහිංසාවට පත් කිරීම.

    ගං`ගා බ‍්‍රාහ්මන මුදියන්සේලාගේ අසංක නුවන් තිලකරත්න. අවු: 17 යි, (ජා.හැ.අංක,962772102V)*
    අවිවාහක, වෙළඳ සහයක. ලිපිනය: අංක 31, ෙදාඹවෙල,මහවෙල

    2014.01.01 වන දින දීය. 2013.10.09 වන දින, මා නන්දික ඇල්ලේපොල සමග, ඔහුගේ සහයට, ඔහුට අයත්, ඊ්ඛ – 6459 යතුරුපැදියෙන්, අප විසින් නිවෙස් වලට ගොස් විසින් නිවෙස් වලට වාරික ක‍්‍රමයට ගෙවීමට අලෙවි කරන ලද වූස්ලි ‘ක්‍ත්‍ඛ බල්බ්. වලට මුදල් එකතු කිරීමට, යටවත්ත පොලිස් බල ප‍්‍රදේශයට අයත් ‘වාලවෙල’ ගමට ගියා.

    අප දෙන්නා, ‘ක්‍ත්‍ඛ බල්බ්. අලෙවි කොට, අලෙවි කරන ලද ක්‍ත්‍ඛ බල්බ් වාරික එකතු කරගෙන සවස 4.30 ට පමණ, නිවෙස් බලා එමින් සිටියා.

    එසේ එමින් සිටියදී, යටවත්ත පොලීසියෙන් අපව නවත්වා, රියදුරු බලපත‍්‍ර පරීක්ෂා කළා.

    නන්දික ඇල්ලේපොල සතුව තිබුණේ, ”ලර්නර්ස් පර්ම්ෂන්” බැවින්, අපව අත්අඩංගුවට ගනු ලැබුවා.

    අප අත්අඩංගුවට ගන්නා ලද්දේ යතුරුපැදියෙන් පැමිණි, යටවත්ත පොලීසියේ රථවාහන අංශයේ උ.පො.ප. වික‍්‍රමරත්න හා එම අංශයේ සැරයන් 2885 වසන්ත නැමති නිලධාරීන්ය.

    ඔවුන් පොලීසියට ඇමතුමක් ලබා දී, ජීප් රථය ගෙන්වා ගත්තා. අප දෙන්නාව ජීප් රථයට නංවා, යතුරුපැදිය පොලිස් නිලධාරියා රැගෙන ආවා.

    අප අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ළඟ තිබූ ක්‍ත්‍ඛ බල්බ් හා බල්බ් අලෙවි කොට උපයා ගත්
    රු: 7000රැකට ආසන්න මුදල උ.පො.ප. වික‍්‍රමරත්න ලබා ගත්තා.

    පොලීසියට ගෙන ගිය අපව, කූඩුවට දමනු ලැබුවා. පසු දින එනම් 2013.10.10 වන දින, අපගෙන් ප‍්‍රකාශ ගෙන, මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

    අප දෙන්නාට ගංජා ල`ග තබා ගත් බවට චොදනා කොට නඩු දෙකක් දමා තිබුනා. මට චොදනා කර තිබුනේ ගංජා මි.ග‍්‍රෑම්ස් 630 ක් ළඟ තබාගෙන සිටියාය කියාය.

    මා නිවැරදිකරු බව ප‍්‍රකාශ කර සිටියා.

    රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරියා. මී ළඟ නඩු දිනය 2014.09.04 දිනය වේ.

    මා සහ නන්දික ඇල්ලේපොලව, එකම අවස්ථාවේ, එනම් එකම තැන, එකට සිටියදී අත්අඩංගුවට ගෙන මට, 17423 යටතේ ද නන්දික ඇල්ලේපොලට, 17422 අංකය යටතේ නඩු දෙකක් පවරා අපව දැඩි හිංසාවකට පත් කර ඇත.

    මෙම අවස්ථාවේ, එනම් 2013.10.09 වන දින දී මා වයස අවුරුදු 16 ඉක්මවූවා පමණි.

    මා මේ ආකාරයට ”ගංජා” ළඟ තබා ගත්බවට ව්‍යාජ චෝදනා නගමින් පොලීසිය උත්සාහ කරන්නේ, මාගේ මු`ඵ අනාගතයම විනාශ කර දැමීමට බවද, අවධාරණයෙන් ප‍්‍රකාශ කර සිටිමි.

    මා ඉල්ලා සිටින්නේ,

    2013.10.04 වන දින රථවාහන වැරැුද්දකට අත්අඩංගුවට ගෙන, යටවත්ත පොලිස් ස්ථානයට ගෙනවිත්, නීති විරෝධීව රඳවා තබාගෙන ගංජා තබා ගත් බවට ව්‍යාජ චෝදනාවක් මත නඩු පවරා මාගේ අයිතීන් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් යටවත්ත පොලිස්ථානයේ, රථවාහන අංශයේ උ.පො.ප. (වැඩ බලන* වික‍්‍රමරත්න හා එම අංශයේ සැරයන් 2885 වසන්ත නැමති නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසට හා මෙම ව්‍යාජ චෝදනා නැගීම පිළිබ`දව පොලිස් මූලස්ථානය මගින් පරීක්ෂණයක් පවත්වන ලෙසටය.
    තවද මෙම බොරු නඩුව ඉවත් කරන ලෙසටද ඉල්ලමි.

    ජී.බී.එම්. අසංක නුවන් තිලකරත්න
     
    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    අහෝ යටවත්ත පොලිසිය.

    අහෝ යටවත්ත පොලිසිය.

    හර්ෂි සි. පෙරේරා

    අපිට යටවත්ත පොලිසියේ නින්දිත හැසිරීම ගැන පුදුමයක් නැත. මේ වන විට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සහ ඔහුගේ පුතා හිරේය. වැල්ලම්පිටිය පොලිස් ඕ අයි සි කුඩු ජාවාරම් කිරීමට අත්අඩංගුවට ගැනිණි. පයාගල පොලිසියේ රථවාහන ඕ අයි සි අල්ලස් ගැනීමට අත්අඩංගුවට පත් විය. මෙවන් දේ හමුවේ යටවත්ත පොලිසියේ නීතිවිරෝදී ක්‍රියාකාරීත්වය මහා කජ්ජක්දයි යමෙකුට සිතෙනු ඇත.

    01. සභාපති
    මානව හිමිකම් කොමිෂන් සභාව
    අංක 165
    කිංසි පාර
    කොළඹ 08

    02. පොලිස්පති
    පොලිස් මූලස්ථානය
    කොළඹ 01

    03. නීතිපති
    නීතිපති දෙපාර්තමේන්තුව
    කොළඹ 12

    වරද කරන ලද පුද්ගලයින් වෙනුවට වරදට ගොදුරු වූ තැනැත්තාව සාක්ෂිකරු කොට, පළිගැනීම සඳහා ව්‍යාජ චෝදනා නගා, නඩු පවරා වධහිංසාවට පත් කිරීම.

    ඉහළ ගෙදර අජිත් ගුණරත්න, අවු: 18 යි, අවිවාහක, රැකියාව: වෙළඳ සහයක,
    ලිපිනය: අංක: 14, ෙදාඹවෙල,මහවෙල.

    2014.01.01 වන දින දීය.

    2013.10.05 වන දින, මා සහ අසංක නුවන් තිලකරත්න, ප.ව. 2.30 ට පමණ, ෙදාඹවෙල සිට මාතලාපිටිය දක්වා ගමන් ආරම්භ කළා.

    අප ගමන් ගත්තේ, නන්දික ඇල්ලේපොලට අයත්, හොන්ඩා සුපර් කැබ් - 50 සී.සී. අංක: 109 - 3726 දරන යතුරුපැදියෙන්.

    මා පසුපස ගමන් ගත් අතර, යතුරුපැදිය පැදවූයේ අසංක නුවන් තිලකරත්නය. මාතලාපිටිය, ගලහේන හංදිය අසලදී, දකුණු පසින්, අප ඉදිරියට ගමන් ගත් යතුරුපැදිය, අප යතුරුපැදිය ආසන්නයට පැමිණ, අපට හරස් කරන ලදි.

    අපට යතුරුපැදිය නවත්වාගත නොහැකිවිය. අප යතුරුපැදිය ඔවුන් පැමිණි යතුරුපැදියේ ගැටින. බජාජ් ඩිස්කවරි 135 සී.පී. වර්ගයට අයත් සී.පී. 9042 දරන නවීන යතුරුපැදියේ තිදෙනෙක් ගමන් කරමින් සිටියා.

    මේ තිදෙනාටම හෙල්මට් තිබුණේ නෑ. යතුරුපැදි ගැටීම නිසා,අප ගමන් ගත් යතුරුපැදිය පැදවූ අසංක නුවන් තිලකරත්නට තුවාල වුනා. බජාජ් ඩිස්කවරි 135 සී.සී. යතුරුපැදිය පැදවූ වඩුගෙදර ජගත් පුෂ්පකුමාරටද තුවාල වුනා. මගේ වම් කකුලේ දණහිසට පහළින් සීරීමක් වුනා.

    අසල සිටි අය එක්ව, මාවත්, අසංක නුවන් තිලකරත්නව හා ජගත් පුෂ්ප කුමාරව, ත‍්‍රීරෝද රථයකට නංවා යටවත්ත රජයේ රෝහලට පිටත් කළා.

    යටවත්ත රජයේ රෝහලේදී අසංක නුවන් තිලකරත්නව හා ජගත් පුෂ්ප කුමාරව වාට්ටුවට ඇතුළත් කළා. මට තුවාලය පිරිසිදුකොට බෙහෙත් වර්ගයක් ගැල්වූවා. මගේ කකුල සීරිලා විතරයි තිබුනේ.

    අසංක නුවන් තිලකරත්නට හා ජගත් පුෂ්ප කුමාරට ප‍්‍රතිකාර කළා.

    මා රෝහලේම රැඳී සිටියා. නිවෙස්වල අය පැමිනියා. එ් අතර බජාජ් ඩිස්කවරි 135 සී.සී. යතුරුපැදියේ ගමන් ගත් අනෙක් දෙන්නාද වෙනත් ත‍්‍රී රෝද රථයකින් රෝහලට පැමිණියා. නමුත් ඔවුන්ට තුවාල සිදු වී තිබුනේ නෑ.

    එයින් පසුව, ජගත් පුෂ්ප කුමාරගේ පපුව රිදෙනවා කියා, බලයෙන් ටිකට් කපාගෙන, මාතලේ දිසා රෝහලට යන බව පවසා, රෝහලෙන් පිටවුනා.

    මා පසුව දැන ගත්තා, යතුරුපැදි දෙකම, අසල්වැසියන් පාරෙන් ඉවත් කර, අසල කඩයක මිදුලේ තබන ලද බව.

    ජගත් පුෂ්ප කුමාර, ටිකට් කපාගෙන ගිය පසු, අසංක නුවන් තිලකරත්නද, රෝහලේ ඉන්න බෑ කියා, කැමැත්තෙන් ටිකට් කපාගෙන ගෙදර ගියා.

    ජගත් පුෂ්ප කුමාර මත්පැන් බීලි සිටින බව අපට රෝහලේ හෙදියන් ප‍්‍රකාශ කළා.

    පසු දින, 2013.10.06 වන දින උදේ 8.00 ට පමණ, මා නන්දික ඇල්ලේපොල සමග අනතුර සිදු වූ ස්ථානයට ගියා. එහිදී, අසල්වැසියන් අපට ප‍්‍රකාශ කළා රාත‍්‍රී 11.00 ට විතර, යටවත්ත පොලීසියෙන් පැමිණ, යතුරුපැදි දෙක ගෙන ගිය බව.

    එ් අනුව නන්දික ඇල්ලේපොලත් යටවත්ත පොලීසියට ගියා.

    අප යන විට යතුරුපැදි දෙක පොලීසියේ තිබුණා. මේ පිළිබඳව අප විමසා සිටි විට, පො.කො.28135 දිසානායක, ප‍්‍රකාශ කළා, අපිට කෝල් එකක් ඇවිල්ලා තමයි ගියේ, අපි යතුරුපැදි දෙක ජීප් එකේ දාගෙන ආවා. තමුසෙලාට විරුද්ධව නඩු දානවා යැයි කිව්වා.

    ඔහු විස්තර අසා, අපට කිව්වා යතුරුපැදිය පදවාගෙන ගිය, තුවාල ලැබූ අසංක නුවන් සමග මමා හට පැමිණෙන ලෙසට.

    දින දෙකකට පමණ පසුව මා අසංක නුවන් තිලකරත්න සමග පොලීසියට ගියා.

    එදින මාගෙන් හා අසංක නුවන් තිලකරත්නගෙන්, ප‍්‍රකාශ ගත්තා.

    එ් අතර අප දෙන්නාගෙන් රියදුරු බලපත‍්‍ර තියෙන්නේ කාටදැයි විමසූවා. අසංක නුවන් තිලකරත්නට රියදුරු බලපත‍්‍රයක් තිබුණේ නැහැ.

    මට පුහුණුවීම් කාලයට නිකුත් කරන තාවකාලික බලපත‍්‍රය තියෙන බව ප‍්‍රකාශ කලා.

    එය පොලීසියට බාරගෙන තාවකාලික බලපත‍්‍රයක් දුන්නා.

    එයින් පසුව නුඹලාට නඩු දානවා, දැන්නුවාම උසාවියට වරෙන් කිව්වා. 2013.10.29 වන දින මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයට පැමිණෙන ලෙසට මට දුරකථනයෙන් දැනුම් දුන්නා.

    එ් අනුව මම හා අසංක නුවන් මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ගියා.

    එ් අවස්ථාවේ මා දැන ගත්තා, අනතුරට පත් යතුරුපැදිය, පැදවූවේ මා බව සඳහන් කරමින් මට විරුද්ධව බොරු චෝදනා නගා නඩුවක් පවරා ඇති බව.

    මම එ් චෝදනා වලට නිවැරදි කරු බව ප‍්‍රකාශ කළා.

    නඩු වාර්තාව අනුව මට විරුද්ධව චෝදනා 04 ක් නගා තිබෙනවා.

    මේ අතර මා දැනගත්තා, වැරදි පැත්තෙන් හෙල්මට් නොමැතිව, බීමත්ව, තිදෙනෙකු සමග පැමිණි ජගත් පුෂ්ප කුමාරට විරුද්ධව කිසිදු නඩුවක් පවරා නොමැති බව.

    එමෙන්ම ජගත් පුෂ්ප කුමාර පැදවූ ඩිස්කවරි 135 සී.පී. වර්ගයට අයත් සී.පී. 9342 දරන නවීන යතුරුපැදිය පොලීසියෙන් මුදාහැර ඇති බව.

    එහෙත්, අසංක නුවන් තිලකරත්න පැදවූ නන්දික ඇල්ලේපොලට අයත් පැරණි හොන්ඩා සුපර් කැබ් - 50 සී.සී. අංක: 109 - 3726 දරන යතුරුපැදිය මුදාහරින්නේ නැතිව පොලීසියේ තබාගෙන සිටින බව.

    මේ ආකාරයට, යටවත්ත පොලීසිය වරදකරුවන් නිර්දෝෂී පුද්ගලයින් කර, අසරණයින් වරදට ගොදුරු වූවන්ට ව්‍යාජ චෝදනා නගා අධිකරණය හමුවට පමුණුවා වධහිංසාවට පත්කරන බව ප‍්‍රකාශ කරමි.

    ජගත් පුෂ්ප කුමාර නැමති අය හා ඔහුගේ පවුලේ උදවිය, පොලීසිය සමග අයථා ගණුදෙනුවක් ඇති බව ප‍්‍රකාශ වේ. සත්‍ය නොදනිමි.

    මා ඉල්ලා සිටින්නේ,
    1* ව්‍යාජ චෝදනා නගා නඩු පැරීම මගින් මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන ලද,

    යටවත්ත පොලිස් ස්ථානාධිපති උ.පො.ප. වික‍්‍රමරත්න, පො.කො. 28135 දිසානායක, පො.කො.36317 සුනිල්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත්,

    2* මෙම ව්‍යාජ නඩුව ඉවත් කරන ලෙසත්,

    3* අප පැදවූ, නීති විරෝධීව පොලීසිය රඳවා තබාගෙන සිටින යතුරුපැදිය නොපමාව මුදා හරින ලෙසද ඉල්ලමි.

    ඉහළ ගෙදර අජිත් ගුණරත්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පොලිෂ් හුට්ටෝ 2ක් ලඟදි සිවිල් පිටිං ඉඳන් මාව බයික් එකේ නවත්තල ගංජා තිබේද කියල බැලුව. මම බයික් එකේ හෙල්මට් නෑ, ලයිසන් මුකුත් නෑ, id එක නෑ. මුන් id එක ඉල්ලුව මම කිව්වා මම ගමෙහ් ඇවිදින්නේ id තියාගෙන නෙවි කියල. පස්සේ යනවා කියල යැව්ව. හෙල්මට් ලයිසන් id වලට ගේම ඇද්ද නම් මම ඕකුන්ට හූ**වනව පාහර හැත්ත. මහාපරිමාණ ගංජා ගෙනියන උන් කසිප්පු කාරයෝ හොර හරක් ගෙනියන හම්බයෝ ලී බිස්නස් කාරයෝ අල්ලන්නේ නෑ. අනේ වරෙන් 88-89 වගේ කාලයක් ආයෙත්
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    ai ban math dekala tiyenwa bike ma tamai allane.....reta giyoth aniwa allanawa...huti** p*la podi minihatamai kelinna hadanne....
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    පොලිෂ් හුට්ටෝ 2ක් ලඟදි සිවිල් පිටිං ඉඳන් මාව බයික් එකේ නවත්තල ගංජා තිබේද කියල බැලුව. මම බයික් එකේ හෙල්මට් නෑ, ලයිසන් මුකුත් නෑ, id එක නෑ. මුන් id එක ඉල්ලුව මම කිව්වා මම ගමෙහ් ඇවිදින්නේ id තියාගෙන නෙවි කියල. පස්සේ යනවා කියල යැව්ව. හෙල්මට් ලයිසන් id වලට ගේම ඇද්ද නම් මම ඕකුන්ට හූ**වනව පාහර හැත්ත. මහාපරිමාණ ගංජා ගෙනියන උන් කසිප්පු කාරයෝ හොර හරක් ගෙනියන හම්බයෝ ලී බිස්නස් කාරයෝ අල්ලන්නේ නෑ. අනේ වරෙන් 88-89 වගේ කාලයක් ආයෙත්

    e-thug2.jpg
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    oya wage seen 1k matath una ..deeshapaalana haiyen mn berunaata ehema haiyak nathi ayata sry thama..
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    පොලිෂ් හුට්ටෝ 2ක් ලඟදි සිවිල් පිටිං ඉඳන් මාව බයික් එකේ නවත්තල ගංජා තිබේද කියල බැලුව. මම බයික් එකේ හෙල්මට් නෑ, ලයිසන් මුකුත් නෑ, id එක නෑ. මුන් id එක ඉල්ලුව මම කිව්වා මම ගමෙහ් ඇවිදින්නේ id තියාගෙන නෙවි කියල. පස්සේ යනවා කියල යැව්ව. හෙල්මට් ලයිසන් id වලට ගේම ඇද්ද නම් මම ඕකුන්ට හූ**වනව පාහර හැත්ත. මහාපරිමාණ ගංජා ගෙනියන උන් කසිප්පු කාරයෝ හොර හරක් ගෙනියන හම්බයෝ ලී බිස්නස් කාරයෝ අල්ලන්නේ නෑ. අනේ වරෙන් 88-89 වගේ කාලයක් ආයෙත්

    Sirama sira kathawa machan
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මේ වෙච්චි අසාධාරණය ඔයාලා මුලින්ම මාධ්‍ය ආයතන වලට දැනුම් දෙන්න ඕන නිවැරදි ලිපි ලේඛණත් එක්ක. ඒ මඟින් මේක ජනතාව අතරට යනවා, ජනතාව සහ මාධ්‍ය බලන් ඉන්නවා ඊළඟ වෙන්නෙ මොකක්ද කියලා. ඊට පස්සෙ ඔයාලට හොඳ පසු බිමක් ගොඩ නැගෙනවා මේ වෙච්ච අසාධාරණේට පියවර ගන්න.

    එහෙම නැතුව මේ රටේ නීතියක්, සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ...
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    මේ වෙච්චි අසාධාරණය ඔයාලා මුලින්ම මාධ්‍ය ආයතන වලට දැනුම් දෙන්න ඕන නිවැරදි ලිපි ලේඛණත් එක්ක. ඒ මඟින් මේක ජනතාව අතරට යනවා, ජනතාව සහ මාධ්‍ය බලන් ඉන්නවා ඊළඟ වෙන්නෙ මොකක්ද කියලා. ඊට පස්සෙ ඔයාලට හොඳ පසු බිමක් ගොඩ නැගෙනවා මේ වෙච්ච අසාධාරණේට පියවර ගන්න.

    එහෙම නැතුව මේ රටේ නීතියක්, සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ...
    :yes::yes::yes::yes:
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මේ වෙච්චි අසාධාරණය ඔයාලා මුලින්ම මාධ්‍ය ආයතන වලට දැනුම් දෙන්න ඕන නිවැරදි ලිපි ලේඛණත් එක්ක. ඒ මඟින් මේක ජනතාව අතරට යනවා, ජනතාව සහ මාධ්‍ය බලන් ඉන්නවා ඊළඟ වෙන්නෙ මොකක්ද කියලා. ඊට පස්සෙ ඔයාලට හොඳ පසු බිමක් ගොඩ නැගෙනවා මේ වෙච්ච අසාධාරණේට පියවර ගන්න.

    එහෙම නැතුව මේ රටේ නීතියක්, සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ...
    :yes::yes::yes: