1910 දී ශ්‍රී ලංකාවේ රදල පවුලක මරණ ගෙදරක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    දැං කාලෙ නං ඉස්සෙල්ලම බලනව, ලමයව සාමාන්‍ය විදියට ප්‍රසූත කරන්ඩ අම්මට පුලුවන්ද කියල..
    බැහැයි කියල දැනගත්ත ගමං කෙලින්ම සිසේරියන්..
    ලමය හැරිල කියයි, කෝඩ් එක බෙල්ල වටේ ඔතාගෙන කියයි.. ජර මර ගොඩයි..
    අද කාලෙ මාතෘ මරණයක් වෙන්නෙ නැති තරං...

    මචන් ඕක බලන්නේ ළමය බඩ ඇතුලේ ඉන්න විදිහෙන්ද? :nerd: ශාරීරිකව සමහර ගෑනුන්ට ළමය එලියට දාන්න බැරි අවස්ථා තියෙනවද? ඒ කියන්නේ ළමය හොදට එලියට එන්න පුළුවන්, එත් යෝනි මාර්ගය හරහා දරුවා බිහි කරන්න අපහසු වගේ අවස්ථා? හදිස්සියේ නැචුරල් ක්‍රමේට කරන්න ගිහින් මගදී අම්මට බැරි වුනොත් එක කරගන්න ඊට පස්සේ සිසේරියන් කරන්න පුලුවන්ද? :eek:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    හෙන අමුතුයි වගේ පේන්නේ බන්, පෙනුම වෙනස් නිසයි. දැන් කාලේ ඉන්න ගොඩක් උන් සුද්දොන්ගෙන් පැවතෙන්නේ. ඒ කිව්වේ සුද්දෝ එක්ක මිශ්‍ර වෙලා. ගොඩක් උන් සුද්දෝ කිව්වම හිතන්නේ පෝසත් උන් ගැන විතරයි නමුත් සාමාන්‍යය හමුදා භටයන්, වෙළදාම සදහා ආපු සුද්දෝ ලංකාවේ ගෑණු බැදගෙන ලංකාවේම පදිංචි උනා. යුරෝපීය ජාන වැඩි උන් තමයි බර්ගර් කියලා හදුන්වන්නේ, යුරෝපීය ජාන සහා ස්වදේශීක ජාන සමව තියෙන උන් තමයි දැන් සිංහල/දෙමළ/මැලේ/යෝනක උන්. 1505 ඉදලා සුද්දොත් එක්ක මිශ්‍ර වෙනකොට කොහොමත් ඔරිජිනල් නේටිව් ගතිය එන්නේ නෑනේ. නියම සිංහල උන් කළුයි, නියම යෝනක උන් දුඹුරුයි, නියම දෙමළ උන් කළුයි, නියම මැලේ උන් දුබුරුයි සමහර උන් කළුයි. සුද්දෝ ආවට පස්සේ තමයි දුබුරු ගතිය වැඩිවෙන්න ගත්තේ,එහෙම වෙලා සමහර උන් සුදු වෙන්නත් ගත්තේ.

    එහෙම එකක් නැහැ බන්. ඔය ෆොටෝ එක අරන් තියන්න්නේ රජ කාලේ නොවෙයිනේ. මෑත කාලීනව. ලංකාවේ මිනිස්සු එහෙම සුද්දෝ එක්ක මික්ස් උනේ නැහැ.

    බර්ගර් කියන්නේ ඕලන්ද කාරයොයි ( වත්මන් නෙදර්ලන්තේ ) ලංකාවේ අයයි මික්ස් වෙලා හැදුන අය.

    ගොඩක් මිනිස්සු දැන් පැහැපත් වෙලා තියෙන්නේ හොඳ අහර රටාවන් , ඉස්සර වගේ දැඩි අවු රශ්මියට ගොදුරු නොවීම, තම රුප ස්භාවය ගැන සැලකිලිමත් වීම මත ජානමය සුළු වෙනස් කම් ඇතිවීම.යන අදීය හේතු කොටගෙන මිසක් සුද්දෝ එක්ක මික්ස් වෙලා නොවෙයි මචන්. අනෙක සමේ පැහැය කළු සුදු චායාරුපයක් මත තීරණය කරන්න බැහැ.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    මට නං බය හිතෙනව..
    ඔහොම තමා බං, මිනී පෙට්ටි කීයක නං අපි ඉඳල ඇතිද...
    මලගේදරක් නිසාම නෙවේ බන් හෙන මුසල ගතියක් තියෙනව මේ මිනිස්සුන්ගේ මුණු වල, ෆොටෝ එක කලු සුදු නිසාද දන්නෙත් නෑ. පරණ ෆොටෝ ගොඩක් ඒවගේ එහෙමයි. නිකන් අවතාර වගේ :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම එකක් නැහැ බන්. ඔය ෆොටෝ එක අරන් තියන්න්නේ රජ කාලේ නොවෙයිනේ. මෑත කාලීනව. ලංකාවේ මිනිස්සු එහෙම සුද්දෝ එක්ක මික්ස් උනේ නැහැ.

    බර්ගර් කියන්නේ ඕලන්ද කාරයොයි ( වත්මන් නෙදර්ලන්තේ ) ලංකාවේ අයයි මික්ස් වෙලා හැදුන අය.

    ගොඩක් මිනිස්සු දැන් පැහැපත් වෙලා තියෙන්නේ හොඳ අහර රටාවන් , ඉස්සර වගේ දැඩි අවු රශ්මියට ගොදුරු නොවීම, තම රුප ස්භාවය ගැන සැලකිලිමත් වීම මත ජානමය සුළු වෙනස් කම් ඇතිවීම.යන අදීය හේතු කොටගෙන මිසක් සුද්දෝ එක්ක මික්ස් වෙලා නොවෙයි මචන්.

    මේකත් ඇත්ත...මේක අරන් තියෙන්නේ සුද්දා ගියපු අන්තිම කාලෙට කිට්ටු වෙන්නනේ..ඒ කාලේ මිනිස්සු දැන් වගේ a/c වල වැඩ කරේ නැහැනේ...කට්ට අවුවේ තමා...දැනටත් පාරේ මුට්ට කර ගහන මිනිස්සු කට්ට කලුයි නේ...

    යන්තම් වැදගත් දෙයක් කිව්වමයි උබ ඔය :dull:
     
    AnuradhaRa

    Well-known member
  • මචන් ඕක බලන්නේ ළමය බඩ ඇතුලේ ඉන්න විදිහෙන්ද? :nerd: ශාරීරිකව සමහර ගෑනුන්ට ළමය එලියට දාන්න බැරි අවස්ථා තියෙනවද? ඒ කියන්නේ ළමය හොදට එලියට එන්න පුළුවන්, එත් යෝනි මාර්ගය හරහා දරුවා බිහි කරන්න අපහසු වගේ අවස්ථා? හදිස්සියේ නැචුරල් ක්‍රමේට කරන්න ගිහින් මගදී අම්මට බැරි වුනොත් එක කරගන්න ඊට පස්සේ සිසේරියන් කරන්න පුලුවන්ද? :eek:

    ඔව් ළමයගෙ ඔලුවෙ සයිස් එකයි, අම්මගෙ උකුලයි ගැලපෙන්ඩත් ඕන තමා.. බැරි වුණොත් සිසේරියන්..
    උඹ දන්නවද, ළමයෙක්ගෙ ඔලුව කොච්චර චප්ප වෙනවද කියල, යෝනි මාර්ගෙ හරහා එනකොට.. හිස්කබල රබර් වගේ ඇද වෙනව.. ළමයට වඩා අම්ම පව් තමා ඉතිං.. වේදනාවනෙ..
    මගදි හිර වුණොත් ආපහු සිසේරියන් වලට ගන්ඩ පුලුවන්ද කියල මම හරියට දන්නෙ නෑ මචං.. ටිකක් හොයල බලල කියන්නං..
     
    AnuradhaRa

    Well-known member
  • එහෙම එකක් නැහැ බන්. ඔය ෆොටෝ එක අරන් තියන්න්නේ රජ කාලේ නොවෙයිනේ. මෑත කාලීනව. ලංකාවේ මිනිස්සු එහෙම සුද්දෝ එක්ක මික්ස් උනේ නැහැ.

    බර්ගර් කියන්නේ ඕලන්ද කාරයොයි ( වත්මන් නෙදර්ලන්තේ ) ලංකාවේ අයයි මික්ස් වෙලා හැදුන අය.

    ගොඩක් මිනිස්සු දැන් පැහැපත් වෙලා තියෙන්නේ හොඳ අහර රටාවන් , ඉස්සර වගේ දැඩි අවු රශ්මියට ගොදුරු නොවීම, තම රුප ස්භාවය ගැන සැලකිලිමත් වීම මත ජානමය සුළු වෙනස් කම් ඇතිවීම.යන අදීය හේතු කොටගෙන මිසක් සුද්දෝ එක්ක මික්ස් වෙලා නොවෙයි මචන්. අනෙක සමේ පැහැය කළු සුදු චායාරුපයක් මත තීරණය කරන්න බැහැ.

    ජානමය සුළු වෙනස්කං ඇතිවුණේ කොහොමද ? :angry: ඒ කියන්නෙත් මික්ස් වෙලා කියන එක තමා මචං
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මලගේදරක් නිසාම නෙවේ බන් හෙන මුසල ගතියක් තියෙනව මේ මිනිස්සුන්ගේ මුණු වල, ෆොටෝ එක කලු සුදු නිසාද දන්නෙත් නෑ. පරණ ෆොටෝ ගොඩක් ඒවගේ එහෙමයි. නිකන් අවතාර වගේ :(

    :dull::dull: දරුවෙක් බිහි කරද්දී අවුරුදු 18ක කෙල්ලෙක් නැති වුනාම උබ කියන්නේ හිනා වෙලා ෆොටෝ එකට ඉන්න කියලද? :lol: ඒ දරුවම අතේ තියාගෙනත් ඉද්දි? කොච්චර නම් හිතට දුක ඇතිද බන්..නිකන් හිතහන්? :(

    තමන්ගේ ගෑනි ඔය වගේ අඩු වයසකින් දරුවෙක් දීල ලෝකෙන් සමුගත්තම ඒ මිනිහ පෙරේතයෙක් වගේ නැතුව වෙන කොහොම ඉදිද? මට නම් එක හිතන්නවත් බැරි තරම් දෙයක්...:no::sorry::sorry:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ජානමය සුළු වෙනස්කං ඇතිවුණේ කොහොමද ? :angry: ඒ කියන්නෙත් මික්ස් වෙලා කියන එක තමා මචං

    සමේ කළු පැහැය ඇති කරන ජානමය තාවයන් වල වෙනස් කම් ඇතිවෙන්න පුළුවන් පරම්පරා දෙක තුනක් යනකොට. මොකද ඒවා ඩිවලොප් වෙලා . නමුත් මික්ස් වෙලා උන දෙයක් නොවෙයි. එකයි මම සුළු කියන වචනය පාවිච්චි කලේ.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    :dull::dull: දරුවෙක් බිහි කරද්දී අවුරුදු 18ක කෙල්ලෙක් නැති වුනාම උබ කියන්නේ හිනා වෙලා ෆොටෝ එකට ඉන්න කියලද? :lol: ඒ දරුවම අතේ තියාගෙනත් ඉද්දි? කොච්චර නම් හිතට දුක ඇතිද බන්..නිකන් හිතහන්? :(

    තමන්ගේ ගෑනි ඔය වගේ අඩු වයසකින් දරුවෙක් දීල ලෝකෙන් සමුගත්තම ඒ මිනිහ පෙරේතයෙක් වගේ නැතුව වෙන කොහොම ඉදිද? මට නම් එක හිතන්නවත් බැරි තරම් දෙයක්...:no::sorry::sorry:

    වයස 18 කියන්නේ අවුරුදු 17 ඩි විතර බදින්න ඇත්තේ. අනේ මන්ද ඕයි එතකොට බාල අපරාධයක් නොවෙයි ද . ඉස්සර කාලේ මොන බාල අපරදද නේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් ළමයගෙ ඔලුවෙ සයිස් එකයි, අම්මගෙ උකුලයි ගැලපෙන්ඩත් ඕන තමා.. බැරි වුණොත් සිසේරියන්..
    උඹ දන්නවද, ළමයෙක්ගෙ ඔලුව කොච්චර චප්ප වෙනවද කියල, යෝනි මාර්ගෙ හරහා එනකොට.. හිස්කබල රබර් වගේ ඇද වෙනව.. ළමයට වඩා අම්ම පව් තමා ඉතිං.. වේදනාවනෙ..
    මගදි හිර වුණොත් ආපහු සිසේරියන් වලට ගන්ඩ පුලුවන්ද කියල මම හරියට දන්නෙ නෑ මචං.. ටිකක් හොයල බලල කියන්නං..

    ළමය එලියට ඇවිත් නම් මම හිතන්නේ යෝනිය පල්ලෙහාට කැපුමක් දාල විවුර්ත කරලා ලමයව ගන්නවා නේද...:eek: ආයේ සිසේරියන් කරන්න බැහැනේ..මම අහන්නේ ළමයා එලියට එලියට ඇවිත් නැතුව, නමුත් ආසන්න අවස්තාවක ඕක වුනොත් එහෙම කියන එක...:baffled:

    හ්ම්..ඔව් බන්...අනේමන්ද...පුදුම දුකක් විදින්නේ අම්ම කෙනෙක් දරුවෙක් බිහි කරද්දී..හිතාගන්නවත් බැහැ මටනම් ඒ වගේ දෙයක් :(:(
     
    AnuradhaRa

    Well-known member
  • සමේ කළු පැහැය ඇති කරන ජානමය තාවයන් වල වෙනස් කම් ඇතිවෙන්න පුළුවන් පරම්පරා දෙක තුනක් යනකොට. මොකද ඒවා ඩිවලොප් වෙලා . නමුත් මික්ස් වෙලා උන දෙයක් නොවෙයි. එකයි මම සුළු කියන වචනය පාවිච්චි කලේ.

    mutation...
     
    AnuradhaRa

    Well-known member
  • :dull::dull: දරුවෙක් බිහි කරද්දී අවුරුදු 18ක කෙල්ලෙක් නැති වුනාම උබ කියන්නේ හිනා වෙලා ෆොටෝ එකට ඉන්න කියලද? :lol: ඒ දරුවම අතේ තියාගෙනත් ඉද්දි? කොච්චර නම් හිතට දුක ඇතිද බන්..නිකන් හිතහන්? :(

    තමන්ගේ ගෑනි ඔය වගේ අඩු වයසකින් දරුවෙක් දීල ලෝකෙන් සමුගත්තම ඒ මිනිහ පෙරේතයෙක් වගේ නැතුව වෙන කොහොම ඉදිද? මට නම් එක හිතන්නවත් බැරි තරම් දෙයක්...:no::sorry::sorry:

    උඹට තේරෙන්නෙ නෑ, ඌට අමුතු හොල්මං නහුරු ගතියක් ඇවිල්ල තියෙන්නෙ..
    මට ඉස්සර ඕක හරියට එනව, කෞතුකාගාර එහෙම බලන්ඩ ගියාම.. නිකං මඥං වෙලා යනව.. එහෙම වෙන්ඩ මළ ගෙයක් වෙන්ඩම ඕනෙ නෑ.. තව මළ ගෙයක් වුණාම ඒක දෙපිටින් යනව.. අනික මේ තියල තියෙන්නෙ දැං වගේ මිණි පෙට්ටියකත් නෙමේ.. මේසයක් උඩ තියල වගේ..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    වයස 18 කියන්නේ අවුරුදු 17 ඩි විතර බදින්න ඇත්තේ. අනේ මන්ද ඕයි එතකොට බාල අපරාධයක් නොවෙයි ද . ඉස්සර කාලේ මොන බාල අපරදද නේ.

    ඒ කාලේ ගැහැණු බැන්දේ අවුරුදු 14, 15න නේ බන්...ඔච්චර අතීතෙට යන්න ඕනේ නැහැ...අපේ නිදහස ලැබෙන කාල සීමාව කාලෙත් ඕනේ තරම් අඩු වයසෙන් බැඳලා තියෙන්නේ..අවුරුදු 15, 16 වෙනකොට ළමයි හදනවා...

    දැන් කාලේ වගේ නෙමෙයි නේ...ඒ කාලේ ඔය වයස වෙද්දී හොදට මෝරලා ඉන්නේ කෙල්ලෝ...උන් එලියට බැහැල වත්ත පලේ වැඩ, පිරිමිත් එහෙමයි...කන්නේ බොන්නේ කොස් දෙල්..ඉතින් ආරලා එනවා..:dull:

    දැන් නේ මේ පොඩි කෙල්ලෝ කොල්ලෝ ෆෙස්බුකියේ සෙල්ෆි ගගහ නටන්නේ..එළියකට බහින්නේ නැහැ..කන්නේ KFC..ඉතින් දැන් නම් බාල අපරාධ කියන එක සාදාරනයි...ඒ කාලේ ඒවා අදාළ නැහැ...:dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හෙන අමුතුයි වගේ පේන්නේ බන්, පෙනුම වෙනස් නිසයි. දැන් කාලේ ඉන්න ගොඩක් උන් සුද්දොන්ගෙන් පැවතෙන්නේ. ඒ කිව්වේ සුද්දෝ එක්ක මිශ්‍ර වෙලා. ගොඩක් උන් සුද්දෝ කිව්වම හිතන්නේ පෝසත් උන් ගැන විතරයි නමුත් සාමාන්‍යය හමුදා භටයන්, වෙළදාම සදහා ආපු සුද්දෝ ලංකාවේ ගෑණු බැදගෙන ලංකාවේම පදිංචි උනා. යුරෝපීය ජාන වැඩි උන් තමයි බර්ගර් කියලා හදුන්වන්නේ, යුරෝපීය ජාන සහා ස්වදේශීක ජාන සමව තියෙන උන් තමයි දැන් සිංහල/දෙමළ/මැලේ/යෝනක උන්. 1505 ඉදලා සුද්දොත් එක්ක මිශ්‍ර වෙනකොට කොහොමත් ඔරිජිනල් නේටිව් ගතිය එන්නේ නෑනේ. නියම සිංහල උන් කළුයි, නියම යෝනක උන් දුඹුරුයි, නියම දෙමළ උන් කළුයි, නියම මැලේ උන් දුබුරුයි සමහර උන් කළුයි. සුද්දෝ ආවට පස්සේ තමයි දුබුරු ගතිය වැඩිවෙන්න ගත්තේ,එහෙම වෙලා සමහර උන් සුදු වෙන්නත් ගත්තේ.

    නියම සිංහල අය කට්ට කලුයි කියන්න බෑ නේද බන් කලු ඉඳන් තලෙළු සහ ලා දුඹුරු වගේ වෙනකං ඉන්නවනේ. ඔරිජිනල් සිංහල පාට කියල එක පාටක් කියන්න බෑ. දකුණු ඉන්දියාවේ උනත් බලපන් කට්ට කලු දෙමල උනුත් ඉන්නව සුදට සුදේ රත්තරන් පාට උනුත් ඉන්නේ.
    සුද්දන්ගෙන් ජාන කලවන් වෙන්න ඇති අනිවාර්යෙන්, හැබැයි බොහොම පොඩි පිරිසක් වෙන්න ඕනේ. සුද්ද නිසාම අපි දුඹුරු/සුදු උනා කියල කියන්න බෑ මම හිතන්නේ :yes:
     
    AnuradhaRa

    Well-known member
  • ළමය එලියට ඇවිත් නම් මම හිතන්නේ යෝනිය පල්ලෙහාට කැපුමක් දාල විවුර්ත කරලා ලමයව ගන්නවා නේද...:eek: ආයේ සිසේරියන් කරන්න බැහැනේ..මම අහන්නේ ළමයා එලියට එලියට ඇවිත් නැතුව, නමුත් ආසන්න අවස්තාවක ඕක වුනොත් එහෙම කියන එක...:baffled:

    හ්ම්..ඔව් බන්...අනේමන්ද...පුදුම දුකක් විදින්නේ අම්ම කෙනෙක් දරුවෙක් බිහි කරද්දී..හිතාගන්නවත් බැහැ මටනම් ඒ වගේ දෙයක් :(:(

    කැපුම නං අනිව හැමෝටම වගේ දාන්ඩ වෙනව.. නැත්තං ඉරෙනවලු.. ඇඟ හිරිවැටෙනව නේ බං.. :eek:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    උඹට තේරෙන්නෙ නෑ, ඌට අමුතු හොල්මං නහුරු ගතියක් ඇවිල්ල තියෙන්නෙ..
    මට ඉස්සර ඕක හරියට එනව, කෞතුකාගාර එහෙම බලන්ඩ ගියාම.. නිකං මඥං වෙලා යනව.. එහෙම වෙන්ඩ මළ ගෙයක් වෙන්ඩම ඕනෙ නෑ.. තව මළ ගෙයක් වුණාම ඒක දෙපිටින් යනව.. අනික මේ තියල තියෙන්නෙ දැං වගේ මිණි පෙට්ටියකත් නෙමේ.. මේසයක් උඩ තියල වගේ..

    මට නම් එහෙම කිසිම වෙනසක් පෙන්නේ නැහැ...ෆොටෝ ටිකක් පරණ වෙලා...අමුතු මූසල ගතියක් ඒ නිසාත් එනවා ඇති...වෙන නම් අවුලක් පෙන්නේ නැහැ බන්...උබල ඕනෙවට වඩා හිතනවා ඇති ඕක ගැන :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :dull::dull: දරුවෙක් බිහි කරද්දී අවුරුදු 18ක කෙල්ලෙක් නැති වුනාම උබ කියන්නේ හිනා වෙලා ෆොටෝ එකට ඉන්න කියලද? :lol: ඒ දරුවම අතේ තියාගෙනත් ඉද්දි? කොච්චර නම් හිතට දුක ඇතිද බන්..නිකන් හිතහන්? :(

    තමන්ගේ ගෑනි ඔය වගේ අඩු වයසකින් දරුවෙක් දීල ලෝකෙන් සමුගත්තම ඒ මිනිහ පෙරේතයෙක් වගේ නැතුව වෙන කොහොම ඉදිද? මට නම් එක හිතන්නවත් බැරි තරම් දෙයක්...:no::sorry::sorry:

    නෑ බන් එහෙම නෙවේ මම කිවේ නෙවේ ඔය පරණ ෆොටෝ වල ඉන්න රදල පවුල් කියන අයගේ ෆොටෝ බලපන්කො හෙන මුසල ගතියක් තියෙන්නේ. දැන් කාලේ නං අපි ෆොටෝ එකකට ඉන්නකොට හිනාවෙලා හෙන සන්තෝසෙන් නේ ඉන්නේ, පරණ ෆොටෝ වල මිනිස්සු බයෙන් බිරන්තට්ටු වෙලා වගේ ඉන්නේ. ෆොටෝ ගහන එක නුපුරුදු නිසාද දන්නේ නෑ.:oo:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    කැපුම නං අනිව හැමෝටම වගේ දාන්ඩ වෙනව.. නැත්තං ඉරෙනවලු.. ඇඟ හිරිවැටෙනව නේ බං.. :eek:

    හැමෝටම දානවද එහෙම? මම හිතුවේ සමහරුන්ට විතරයි කියල..මම හිතන්නේ එහෙම තමා...මොකද මම දැකල තියෙනවා ගෙදර ම ළමය හම්බෙන සීන් තියෙනවා යූටියුබ් එකේ...ඒවායේ නම් එහෙම කරන්නේ නැහැ..ඩොක්ටර්ස් ල නම් දානවා ඇති සමහර විට...කොහොමත් එකයි නේ..පිස්සු හැදෙනවා තමා බන්...ඇඟ හිරිවැටිලා යනවා...අනේමන්ද බන්...මම ඕක ගැන හිතන්න කැමති නැහැ :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: AnuradhaRa