ගොඩක් වයස අය නොස්ටැල්ජික් විදිහට හිතන්නෙ ගමේ සෙල්ලම් කරපුව, ගඟේ ඇලේ පීනපුව. ඒක සාධාර්ණ්‍යි මොකද උන්ට ඒව දැන් කරන්න බැහැනෙ.
අපේ ජෙන් එක නොස්ටැල්ජික් වෙලා තියෙන්නෙ pc games, tv series, පොත් වලටනෙ. ඕව දැන් උනත් ගහන්න, බලන්න, කියවන්න පුලුවන්නෙ.
උබල කියපුවට ආස හිතුන නිසා, හෙට මම උදේට ෂර්ලොක් හෝම්ස් පොතක් කියෝනව. රෑට නයිට් රයිඩර් එපි කීපයක් බලනව.
ඔය පළවෙනි වක්‍යට හේතුව අපෙ වැඩිහිටි අය ගම් වලින් ඇවිත් නාගරීකාරණය වෙච්ච ජීවිතෙට එන්ටර් වෙච්ච අය .
අපෙ නම් මව් පිය දෙන්නාම කොළඹ ජීවිතෙ ජීවත් වෙච්ච අය .
ඒ නිසා අපිට නම් අපෙ දෙමාපියන්ගෙන් ඇළ දොල ගංගා ගැන නම් අහන්න හම්බ උනෙ නැහැ .
ඒ ගොල්ලොන්ගෙන් අපි ඇහැව්වෙ කොළඹ දෙවල්ම තමා බොහො දුරට.
ගැමි ජීවිතෙ ගැන අපි නම් ඇහැව්වෙ අපෙ යාළුවන්ගෙන් සහ පොත්පත් වලින් .
හබැයි ගැමි ජීවිතෙ සමහරක් තැන් අපිත් අත් වින්දා මොකද අපි පදිංචි වෙලා හිටියෙ අර්ධනාගරීකරණය වෙච්ච පැත්තක .
වෙලෙ දුවල පැනලා ඇවිද්ද එව්වා ,මඬ නාපුවා ,ගොයම් පාගපුවා ,සරුංගල් යවන්න කිතුල් පිති හොයන් කැලෙ පැන්න එව්වා ,වෙසක් එකට කූඩු හදන්න බට හොයන් කැලෙ පැනපුවා ,වැස්ස කාලෙට උතුරන පොඩි පොඩි දිල පාරවල් වල මඩ කරි වගෙ පහැ ලා නාපුවා අපෙ ජීවිත වලත් තියෙනවා .
මේ නම් හැබැ යි මන් ඉස්කොලෙ කොට කලිසම් අඳින කාලෙ කරාපුව .